විදෙස්

රේකේන්ස් ගිනිකන්ද පුපුරයි

අයිස්ලන්තයේ රේකේන්ස් ගිනිකන්ද පුපුරා යාම හේතුවෙන් නිවාස රැසක් ගිනිබත් වී තිබෙනවා.

අයිස්ලන්තයේ ග්‍රින්ඩාවික් ධීවර නගරයේ රේකේන්ස් ගිනිකන්ද පුපුරා යාම නිසා ලාවා ගලා යාම ආරම්භ වුණා.

ලාවා ගලායාමෙන් නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

ඊයේ සවස සජීවී විකාශයකදී ජාතිය අමතමින් අයිස්ලන්ත ජනාධිපති ගුඩ්නි ජොහැනසන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි.

පසුගිය දෙසැම්බර් මාසයේද මෙය පිපිරීමට ලක්වුනා.

4,000 ක් පමණ වාසය කරන ග්‍රින්ඩාවික් නගරය ලාවා වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ගිනි කන්ද වටා තාප්පයක්ද ඉදි කෙරුණා.

අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ එම තාප්පයේ සමහර ස්ථානවල කොටස් ඊයේ ලාවා ගැලීම නිසා කැඩී ගොස් ඇති බවයි.

එම කොටස් හරහා ලාවා ගලා ගිය අතර එමඟින් නිවාස සහ ගොඩනැගිලි ගිනිබත්ව තිබෙනවා.