පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් හෙළි කළ තොරතුරකින් කණපිට පෙරළුණු හරිනි ගේ ප්‍රතිසංස්කරණ
සුනිල් කන්නන්ගර (හිටපු මහ දිසාපති, අම්පාර, රත්නපුර හා කොළඹ)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. එය එසේ සිදුවූයේ කවුරු බලපෑම් කලත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, ක්‍රියාත්මක කරන බවට ජනාධිපති වරයාත්, අගමැතිවරියත් සපථ කර, පැය හතලිස් අටක් ඇතුළත වීම තවත් විශේෂයකි. මේ අන්දමින් ආණ්ඩුවක් මෙතරම් කෙටි කාලයක් තුළ, අංශක 180 ආපසු හැරුණේ, ඉතිහාසයේ ප්‍රථම වරට විය යුතු ය.
මීට පෙර ආණ්ඩුවක් මේ අන්දමින් ආපසු හැරුණේ, ගුවනින් ඉන්දියානු පරිප්පු සංග්‍රහය, මෙරටට කළ අවස්ථාවේ දී ය. ඒ ආණ්ඩුව ආපහු හැරවීම සිදුවූයේ දින සියයක් තුළ, සිදුවූ සිද්ධීන් ගණනාවක, ප්‍රතිපල ලෙස බවට එවක නියෝජ්‍ය ඇමතිවරයෙකුව සිටි, ටිරොන් ප්‍රනාන්දු විසින් ඉංග්‍රිසි බසින් රචනා කරන ලද, "The Hundred days of sri lanka" නම්වූ ග්‍රන්ථයේ සඳහන්ව තිබුණා මතක ය.
කෙසේ වුවත් වඩමරච්චි මෙහෙයුමෙන් එල්ටීටී ඊ ත්‍රස්තවාදය, අවසන් කිරීමට හැදූ ශ්‍රී ලංකා ආණ්ඩුව, ඒ දින සියය අවසානයේ, ඉන්දීය පරිප්පු සංග්‍රහයත් විඳ, ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරමින් ආපසු හැරුණේ ය. එසේ වුවත් තීක්ෂණ බුද්ධියකින් යුතු, පාලකයෙකු වූ ජේ ආර් ජයවර්ධන, එල්ටී ටී ඊය පිටුපස සිටි, ඉන්දියව එල්ටීටී යේ, පරම හතුරා බවට හැරවීමට, අඩිතාලම දමා ගෙන ගනුදෙනුව, පියවීම ආරම්භ කළෙත් ඒ සාම ගිවිසුමෙනි. මෙවර පැය හතලිස් අටක් ඇතුළත ආපසු හැරීමට, ආණ්ඩුවට සිදු වුණේ, මතුපිටට පෙනුණු විරෝධය, මෙන් ම මතුපිටට, නොපෙනුණු හේතුන් නිසා බවට සැකයක් නැත. විපක්ෂයේ විරෝධය පිළිබඳව, නම් ආණ්ඩුව කිසියම් තක්සේරුවක සිටි බව පැහැදිලි ය.
සමගි ජන බලවේගය, සර්ව ජන බලය ඇතුළු විපක්ෂයේ පක්ෂ, මතුගමදී ආරම්භ කළ ඉදිරිපත්ව තිබුණු, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහි විරෝධතාවට, ආණ්ඩුව කිසියම් සමච්චලයක් කරමින්, අගමැතිවරියට අපහාස කිරීමට එරෙහි, ස්ත්‍රී විරෝධයක් එම වෙලාවට ම, මතුගම දී කැඳවමින් ප්‍රතිචාර දැක්වීය. එම ප්‍රතිචාරයෙන් ආණ්ඩුව ප්‍රදර්ශණය කළේ, විපක්ෂයේ විරෝධය ගණනකට නොගන්නා බව ය. ඒ සමගම ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය බල ඇණි, අගමැතිනිය අරබයා විපක්ෂය අපහාසාත්මක ප්‍රචාරයන්, සිදු කරන බව සඳහන් කරමින් ප්‍රබල ප්‍රචාරක ව්‍යාපාරයකට, පිවිසුණේ විපක්ෂයේ විරෝධයට වෙනත් අර්ථ කථනයක් දීමට ය. මේනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස ආණ්ඩුව ඉදිරිපත් කළ, වැඩ සටහනට විපක්ෂයෙන් එන විරෝධය, නිශේධනය කිරීමට ආණ්ඩුවට යම් අන්දමක සැලසුමක් පැවති බව නිරීක්ෂණය වේ. සත්‍ය වශයෙන් ම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව, මුලින් ම ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබුණේ, ගුරු විදුහල්පතිවරුන්ගේ වෘතීය සමිතිවලිනි. ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු ගේ, නායකත්වයෙන් යුතු ලංකා ගුරු සේවා සංගමය හැර, සෙසු සියලුම වෘතීය සමිති මේ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ප්‍රශ්න කරමින් තිබුණි. ඒ අනුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට, මුල්ම විරෝධය එල්ල වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේම ක්‍රියාත්මක වන, ගුරු විදුහල්පති වරුන්ගෙන් බව පැහැදිලිවේ. එම විරෝධය තුට්ටුවකටවත්, ගණන් ගත් බවක් රජය පෙන්නුවේ නැත මේ කිසිම විරෝධයකින් අධ්‍යපන ප්‍රතිසංස්කරණයක තිබූ, අවශ්‍යතාව ප්‍රතික්ෂේප කිරීමක් සිදුවුණේ නැත. ඒ විරෝධතාවලින් මතුකළ, ප්‍රධාන කරුණ වුණේ ප්‍රමාණවත් සාකච්චාවකින් හා සංවාදයකට, භාජනය නොකර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, කඩිනමි සිදු කිරීමට යාම ය. මේ හදිසියට පැහැදිලි හේතුවක් පෙන්වීමට, ආණ්ඩුව මේ වනතෙක් කටයුතු කළේ ද නැත.
අධ්‍යාපන ඇමති හරිනි අමර සූරිය ඒ හදිසියට පිළිගත හැකි හේතු, කිසිවක් අධ්‍යාපන ක්ෂේත්‍රයෙ නිරතව සිටින, අයට හෝ රටට පැහැදිලි කළේ ද නැත. ඇය ඇතුළු ආණ්ඩුවේ නායකයින් එකහෙළා කියා සිටියේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මැතිවරණ පොරොන්දුවක් බවත්, එය කවුරුන් විරුද්ධ වුවත් මේ වසරේ සිට, ක්‍රියාත්මක කරන බවත් ය.
මෙහිදී ද ආණ්ඩුවේ උද්ධච්ච ක්‍රියා කලාපය පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. කිසිවෙකුට සවන්දීමට තමන්ගේ කිසිදු සූදානමක් නැති බව රටට අඟවන බවත් පෙනුනි. ඒ සඳහා ආණ්ඩුවට දිරිදෙන සමාජ මාධ්‍ය, ප්‍රචාරක බලකායේ ප්‍රකාශවලින්, ආණ්ඩුව සිතන්නට ඇත්තේ, මහ ජනමතය හැඩ ගැසෙණු ඇත්තේ, සමාජ මාධ්‍යයේ තම ප්‍රචාරක බල ඇණියේ අදහස්වට අනුවයැයි කියා ය.
මේ සියල්ල කණ පිට පෙරළන්නට සමත් තොරතුරක්, අධ්‍යාපන වෘත්තිකයන් ගේ සංගමයේ සභාපති, පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් හෙළි කළේ මේ අතර තුරදී ය. උන්වහන්සේ හෙළි කළේ, යෝජිත අධ්‍යපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියට නියමිත, ඉංග්‍රීසි මොඩියුලයට ඇතුළු කර ඇති, සමලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීමට අදාළ වෙබ් අඩවියක සම්බන්ධතාවයක් ගැන ය. මෙම හෙළිදරව්ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස ආණ්ඩුව පෙන්වමින් සිටි, වැඩ පිළිවෙළට එරෙහි, සීමිත විරෝධතාවය මහජන විරෝධයක් දක්වා, ගෙන යාමට සැපයුණු ප්‍රබල උත්තේජකයක් ද විය.
මෙම හෙළිදරව්වත් සමග සමාජ මාධ්‍ය වල, ආණ්ඩුවේ ප්‍රචාරක බලඇණි, පත්වූයේ බලවත් අසිරුවකට ය. වහා සීහි එළවා ගත් ඔහුන්ගේ ඉලක්කය වුණේ, උලපනේ සුමංගල හිමි ප්‍රමුඛ, මේ රටේ භික්ෂූන් වහන්සේලා ය. උලපනේ සුමංගල හිමියන්ට එරෙහිව හා පොදුවේ, භික්ෂූන් වහන්සේලාට එරෙහි විරෝධයකින්, ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ප්‍රචාරක බලඇණි ප්‍රති ප්‍රහාරය ඇරඹූ අතර, අධ්‍යාපන අමාත්‍යංශයට උතුර - දකුණ. සොයා ගැනීමටවත් අමතක වූවා යැයි කීවොත් නිවැරදි ය. දින දෙකකට පමණ පසුව උලපනේ හිමියන් කළ හෙලිදරව්ව, සත්‍ය බව පිළිගැනීමට සිදුවූ අධ්‍යාපන අමාත්‍යංශයට, සත්‍යයේ වගකීමෙන් ගැලවීමට ආණ්ඩුවේ සුපුරුදු, ගැලවුම්කරුවා වන සී අයි ඩී පිහිට පැතීමට සිදුවිය. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව වගකීම දරණ, අධ්‍යාපන අමාත්‍යංශය තමන් ඉදිරිපත් කළ, මොඩියුල් ග්‍රන්ථය ට අසභ්‍ය වෙබ් අඩවියක, සම්බන්ධතාවය ඇතුළු වූයේ කෙසේදැයි සොයා ගැනීමට, සී අයිඩියට යාමට, සිදුවීමෙන් රටට පෙනී ගියේ, මේ ප්‍රතිසංස්කරණ පිළිබඳව පාලනයක්, අධ්‍යපන අමාත්‍යංශයට නොවූ බව ය. ඒ සමගම අධ්‍යාපන අමාත්‍යවරිය මීට පෙර, සමලිංගික චර්යා විරෝධී, රටේ නීතිය ඉවත් කළ යුතු බවටත් ඒ නීතිය, වික්ටෝරියානු යුගයේ හදුන්වා දී ඇති, අනවශ්‍ය නීතියක් බවටත් ඇඟවෙන අදහසක් පළකර තිබූ වීඩියෝ දර්ශන, සමාජ මාධ්‍ය ඔස්සේ යළි ප්‍රචාරය වන්නට විය.
මේ අවස්ථාවේ රටේ මහාසංඝ රත්නය, මේ ඉදිරිපත්ව ඇති අධ්‍යපන ප්‍රතිසංස්කරණවලට, එරෙහිව අදහස් දක්වන්නට වූ අතර, ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ප්‍රචාරකයින් විසින්, සුපුරුදු ලෙස භික්ෂුන් වහන්සේලා අධ්‍යාපනයට මැදිහත් වීම, අවශ්‍ය නොවන බව පෙන්වමින්, ඔහුන්ගේ සිල්වත් භාවය අභියෝගයට ලක් කරන්නට විය.
මේ රටේ සමස්ත බෞධභික්ෂුන් වහන්සේලා, පොදුවේ අන් කවර කරුණකටත් වඩා, අවධානයෙන් සිටින කරුණු තුනක් පවතී. ඒ ශ්‍රී ලංකාව නම් රටේ භෞමික අඛණ්ඩතාව, ශ්‍රීලංකීය බෞධ සංස්කෘතිය ද ඇතුළත්, ථේරවාදී බෞද්ධ ශාසනය හා රටේ අධ්‍යපනය, යන කරුණු තුනයි.
මේ රටේ ජීවත්වන තිස්පන් දහසක් පමණ වන, බෞද්ධ භික්ෂුන්වහන්සේලාගෙන්, 90% කටත් වඩා, මේ කරුණු තුන අරබයා, දරන්නේ එකම මතයකි. මේ කරුණු තුනෙන් එකකට හෝ, බලවත් තර්ජනයක් එල්ලවන බවට පෙනී ගියහොත්, ශ්‍රී ලාංකීය භික්ෂු බලවේගය සක්‍රිය වේ. ඉංදු - ලංකා ගිවිසුම අත්සන් කෙරුණු අවස්ථාව රටේ භෞමික අඛණඩතාවයට, බලවත් තර්ජනයක් එල්ල වූ අවස්ථාවක් සේ සැළකුණෙන්, මහා සංඝරත්නය සක්‍රිය වූහ. රටේ ඒකීය භාවය ඇති කිරීම ප්‍රථම වරට සිදුවුණේ, දුටුගැමුණු මහරජු විසින්, ආක්‍රමණික එලාර රජු පැරදවීමෙනි. ඒ සටන ඉතිහාසයෙ සඳහන් වන්නේ, රජසැප පිණිස නොව බුදුදහම සුරක්ෂිත කිරීමට, සිදුකළ එකක් ලෙසය. එහිදී දුටුගැමුණුගේ හමුදා රුහුණේ සිට, අනුරපුරයට පැමීණියේ 500 භික්ෂුන් පෙරටු කොටගෙන බව, වංශකතාවේ සඳහන් ය.
ඒ අනුව රටේ ඒකීයභාවය පිළිබඳව, බෞධ භික්ෂුන් සතු උරුමය සුරැකීමට, අද ද භික්ෂුන් වහන්සේලා අමතක නොකරති. ඒඅනුව ඉංදු - ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ දී, ඒකීයභාවයට තර්ජනයක් ලෙස සලකා, භික්ෂු බලවේගය සක්‍රිය වුවා ය. එම සක්‍රියත්වය. දේශපාලනයට හරවා ගත්තේ, ජනතා විමුක්ති පෙරමුණ, දේශප්‍රෙමී ජනතා ව්‍යාපාරයේ නාමයෙනි. එහි අවසානයේ දී බෞද්ධ භික්ෂුන්වහන්සේලා 722 ක්, ඝාතනය වීම සිදුවූ බවත්, තවත් විශාල පිරිසක් උපැවිදි වීමවූ බවත්, මේ පිළිබඳව සඳහන් කරන, ධර්මන් වික්‍රමරත්න පවසයි. බුද්ධ ශාසනයට තර්ජනයක් ලෙස සලකා භික්ෂු බලවේගය, අවදි වූ අවස්ථාවකට උදාහරණ ලෙස, පෙන්විය හැකිවන්නේ, ගංගොඩවිල සෝම ස්වාමී වහන්සේගේ, හදිසි අපවත් වීමයි.
ඒ සිද්ධිය හරහා ඇතිවුණු සැකයක් මුළු මහත් භික්ෂුන් වහ්න්සේලා ම, අවදිකර වූ අවස්තාවක් විය. එම අවස්ථාව ජාතික හෙළ උරුමය නමින්, දේශපාලනයට එක්කර අවසානයේ, නිශ්ක්‍රියත්වයට පත් කෙරිණි. අධ්‍යාපනය පිළිබඳව භික්ෂු බලවේගය අවදි කර වූ, ප්‍රබලතම අවස්තාවකට උදාහරණ ලෙස, පෙන්විය හැකිවන්නේ කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කෙරුණු අවස්තාව ය. මේරටේ ශිෂ්ටාචාර ගමනේ දී අධ්‍යාපනය මූළුනින් ම, භික්ෂුන්ගේ වගකීමක් විය. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ගත වූ පසු, එළෙඹි පොසොන් පුර පසලොස්වක පොහෝ දින, මෙරටට සම්ප්‍රාප්ත වූ මිහිඳු හිමි ප්‍රමුඛ ධර්ම දූතයින් විසින්, දේවානම් පියතිස්ස රජුට දහම් දෙසා, බුදු දහම මෙරටට හදුන්වාදීම ප්‍රකට පුවතකි. එදින ම මෙරට වාර්තා වන පළමු බුද්ධි පරීක්ෂණයට, මිහිඳු හිමියන් විසින් දේවනම් පියතිස්ස රජුන්ව, භාජනය කළ බවද වංශකතවල සඳහන්වේ. රජුගේ බුද්ධි මට්ටම මැන බැලීම උදෙසා, අඹ ගසක් ආශ්‍රයෙන් හා නෑදෑයින් ආශ්‍රයෙන්, නැගූ ප්‍රශ්න දෙකට ලබාදුන් පිළිතුරු අනුව මිහිඳු හිමියන් විසින්, රජුට දහම් දේශනා කළයුතු අන්දම, තීරණය කළ බව ඉන් පැහැදිලි වේ. අනතුරුව මිහිඳු හිමියන්ට පූජා කෙරුණු මහමෙව්නා උයනේ, පිහිට වූ මහා විහාරය, මෙරට භික්ෂු මූලස්ථානය විය. මහාවිහාරය අධ්‍යාපනයේ කෙන්ද්‍රස්ථානයක් වූ බවත්, පසුව අභයගිරි විහාරය තවත් භික්ෂු මූලස්ථානයක් මෙන් ම, අධ්‍යපන මාධ්‍යස්තානයක්ද වී ඇත.
ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මෙරටට පැමිණි, බුද්ධඝෝෂ හිමියන් හෙළ බසින්, මිහිඳු හිමියන් ලියන ලද අටුවා පාළි බසට නැගීමට, මහාවිහාරයෙන් අවසර ඉල්ලූ අවස්ථාවේ දී, මහා විහාර භික්ෂුන් ඒ සඳහා අවසර දීමට පැවැත්වූ පූර්ව පරීක්ෂණය, මෙරට වාර්තාවන පැරණි තම නිබන්ධනය බිහිවීමට මුල් විය. එක් ගාථාවක සඳහන් ධර්මය විවරණය, කර පෙන්වන ලෙස බුද්ධඝෝෂ හිමියන්ට, මහා විහාරයේ සංඛපාල හිමියන්, නියම කළ විට විසුද්ධි මාර්ගය නම් වටිනා නිබන්ධනය කර, තම දැනුම සනාථ කිරීමට බුද්ධඝෝෂ හිමියන් ක්‍රියා කර ඇත. එදා අධ්‍යපනයේ වගකීම මුළුමනින් ම, බෞධ භික්ෂුන් අත පවත්වා ගෙන යන ලද්දේ ඒ අයුරිනි. ප්‍රධාන පිරිවෙන් මූලස්ථාන අටකින් රටේ ම අධ්‍යාපන කාර්යය ඉටු කෙරිණි. එහි බුදු දහම පමණක් නොව විවිධ ශිල්ප ශාස්ත්‍ර ද, උගන්වූ බවට සැකයක් නැත. බුද්ධදාස වැනි රජවරුන් ශල්‍යකර්ම පවාසිදු කළ දක්ෂ වෛද්‍යවරුන් වුණේ, මේ බෞධ අධ්‍යාපන ක්‍රමයෙනි. වෙහෙර විහාර, වැව් කර්මාන්ත, ඉදිකිරීමේන් ඉංජිනේරු ශිල්පය ද, මෙරට අධ්‍යපනයේ තිබුණු බව පැහැදිලි ය. මේ සියලුම අධ්‍යාපනය සිදු වුණේ බෞධ විහාරාරාම ඇසුරිනි. මෙසේ සියවස් විස්සක් පමණ බෞධ භික්ෂුන්ගේ වගකීමක් වූ, රටේ අධ්‍යපනය යටත් විජිත පාලන සමයේ, මිෂනාරින් අතට යද්දී තරඟ කාරී ලෙස, බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටුවීමට, මුල්වූයේ ද බෞධ භික්ෂුන්ම ය. අවසානයේ තමන්ගේ උරුමය වූ අධ්‍යාපනය, රාජ්‍ය වගකීමක් කිරීමට නොපැකිළව, සහය දුන්නේද බෞධ භික්ෂුන් වහන්සේලා ය. මේනිසා ම අධ්‍යාපනයට යම් අනතුරක් පිළිබඳව දැනුණොත්, ඊට එරෙහිව නැගී සිටීමට බෞධ භික්ෂු බලවේගය දෙවරක් සිතන්නේ නැත.
අධ්‍යාපපන ප්‍රතිසංස්කරණ. ඇතුළත මෙරට සම්මත, සදාචාරමය පිළිගැනීම් ඉක්මවා යමින්, සම ලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක්, ඇති බවට සැකයන් පැතිරෙත් ම, මෙරට භික්ෂුන් වහන්සේලා ඊට බලවත් විරෝධය දැක්වීමට, පටන් ගත්තේ ඉහත පසුබිම තුළ ය.
මේ විරෝධයේ කේන්ද්‍රය අධ්‍යාපන ඇමති වීමට, ප්‍රධන හේතුන් වුණේ, ඇය මේ සමලිංගික හැසිරීම් සහිත, පිරිස් පිළිබඳව විවෘත සමාජයේ, ප්‍රසිද්ධියේ පළ කර තිබුණු අදහස් හා, ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටින අවස්ථාවල අඳින, ඇඳුම් පැලදුම් සම්ප්‍රදායෙන් බැහැර, බවක් දක්නටලැබීම ආදිය නිසා බව පෙනේ.
ඇයට එරෙහිව විවේචනයන් නැග එද්දි, ඊට ප්‍රතිචාර ලෙස සමාජ මාධ්‍යවල ආණ්ඩු හිතවාදින්, භික්ෂුන් වහන්සේලා ද නිර්දය විවේචනයට ලක් කළහ. මේ සමගම හිටපු අමාත්‍යවරයෙකු වන, සිංහල බෞධ මතවාදය වෙනුවෙන් පෙනීසිටින, විමල් වීරවංශ ද අධ්‍යපන අමාත්‍යංශය ඉදිරිපිට, සත්‍යහ්‍රහයක් ඇරඹීමට තිරණය කරන ලදී. මේ අතර ප්‍රසිද්ධ භික්ෂුන්වහන්සේ නමක් වන, මිහින්තලේ විහාරාධිපති හිමියන්, අධ්‍යපන ප්‍රතිසංස්කරණ අරබයා ආණ්ඩුවට, බලවත් දෝෂාරෝපනයක් මාධ්‍ය ඔස්සේ සිදු කළේ, සාමාන්‍ය සමාජයේ භාවිතා වන, වචනත් යොදා ගනිමිනි. ඊට පිළිතුරු ලෙස ආණ්ඩුවේ, සුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලාල් කාන්ත, මිහින්තලේ කූණුහරුප කියනා, වනචාරියෙකු ගැන, අගමැතිනියත් ඉන්නා ප්‍රසිධ සභාවක දී, ආගමික නායකයින් ලෙස ඉන්නා පිරිමි, අය 'ලිංගික ඇරියස් නිසා' අගමැතිනියට අපහස කරන බවට ප්‍රකාශ කරන ලදී. ලාල් කාන්ත අමාත්‍යවරයා මිහින්තලේ නායක හිමියන්, ඉලක්ක කර මේ කතාව කියූ බව, නොපිළිගන්නා කෙනෙක් නැත. කෙසේ වුවද මේ ප්‍රකාශය මහා සංඝරත්නයට, සටනට පිවිසීමේ මුරපදය බවට, පත්වන ලකුණු පහල වන්නට විය. භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ නිකුත් කරමින්, ලාල් කාන්ත අමාත්‍යවරයා මහා සංඝරත්නයට, අපහාස කළ බවට, දෝෂාරෝපණ කරන්නට වූහ. අධ්‍යාපන අමාත්‍යවරිය පදවියෙන් ඉවත් විය යුතු බවට, ඉල්ලමින් ආරම්භ කළ සත්‍යග්‍රහයට බෞද්ධ භික්ෂු බලවේගය, ඒකාබද්ධ වුණොත් "හරිනි ගෝ ගම " ඉසුරුපාය ඉදිරිපිට, හැදෙන්නට හැකි බවත්, ආණ්ඩුවට තේරුම් ගියේ එවිට ය. ඒ වනවිට සමස්ත භික්ෂු බලය ආණ්ඩුවට එරෙහිව, සක්‍රිය වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක්ව තිබුණි. අවසාන පැය හතළිස් අට තුළ, ආණ්ඩුවෙ ඇමති ලාල් කාන්ත විසින්, නොදැනීම මහා සංඝරත්නය, ආණ්ඩුවට එරෙහිව සටනට කැඳවීමේ, ප්‍රකාශය කර තිබුණි. ඒ ප්‍රකාශයේ මතුපිට අර්ථය එක් හිමිනමක් වුව ද, ගැඹුරු අර්ථයේ දී එයින් සමස්ත භික්ෂුන් අරබයා කළ, එකක් සේ අර්ථ ගැන්විය හැකි ය. මෙරට ශිෂ්ටාචාරයේ පළමු අධ්‍යපනික, බුද්ධි පරික්ෂණය සිදු වූ මිහින්තලේ, වත්මන් භාරකරු වනචාරී කුණුහරුප කියන්නෙකු ලෙසත්, සමස්ත පිරිමි ආගමික නායකයින් ලිංගික ඇරියස් සහිත අය ලෙසත් හැඳින්වීම, කිසිසේත් අනුමත කළ හැකි දෙයක් නොවේ. මෙරට බෞද්ධ භික්ෂුන්, බෞධ සමාජයේ බහුතරයේ වන්දනාවට පාත්‍රවන්නේ, සීලවන්ත භාවය නිසා කරන, කාර්යක් ලෙස නොවේ. බුධ ශ්‍රාවකයින් වන ආර්ය මහා සංඝරත්නයේ, වර්තමාන සංකේතය ලෙස ය. බෞද්ධ භික්ෂුවකගේ සීලය පරික්ෂා කිරීම, ගිහියන්ගේ කාර්යයක් නොවේ. භික්ෂුන්ගේ සීලය පරීක්ෂාව මහා සංඝරත්නය විසින්, විනය සීමාවක දී කරන විනය කාර්යකි. භික්ෂුව විසින් මහා සංඝරත්නය හමුවේ ඇවත් දෙසීම මගින්, ඇතැම් සුලු වැරදි නිවැරදි කර ගැනීමේ, ක්‍රමවේදයක් ද භික්ෂුන් අරබයා පවතී. එය හරියට ජනතා විමුක්ති පෙරමුණේ, සාමාජිකයින්විසින් ස්වයංවිවේචනය මගින් තම වැරදි, හෙළිකර කරන ක්‍රියාව වැන්නකි. ඒ ක්‍රියාව මහජනයා ඉදිරියේ කිරීමට, එම පක්ෂය ක්‍රියා නොකරයි. මේ කිසි එකක් නොදන්නා අමනෝඥ ඇම්බැට්ටයින්, සමාජ මාධ්‍ය ඔස්සේ, බෞධ භික්ෂුවහන්සේලාට අපහාස කරමින් කරන, ක්‍රියා මේ ආණ්ඩුවේ ඉහළ වගකීම් දරණ අයත් අනුගමනය කිරීමේ, ප්‍රතිවිපාකය පිළිබඳව අවසාන මොහොතේ හෝ, ජනාධිපතිවරයාට තේරුම් ගිය නිසාදෝ, අධ්‍යපන ප්‍රතිසංස්කරණය කල් දැමීම සිදු කර, ජාමබේරා ගැනීමට හැකිවිය. ඉදිරියට වත් රටේ අධ්‍යාපනය පිළිබඳව කඩිමුඩියේ, ඒකපාක්ෂිකව කටයුතු නොකර පොදු එකඟතවයකින්, කටයුතු කිරීමටත් උද්ධච්ච හැසිරීම, ඉවත්කර නිහතමානීව අන් පාර්ශව හා, සංවාදයෙන් බුද්ධිමත්ව ක්‍රියා කිරීමට හිතා ගන්නේ නම් හොඳ ය.


