උණුසුම් පුවත්දේශපාලන

ලෝකයේ කුඩා ම කැබිනට් මණ්ඩලය අපේ – අනුර හෝමාගම දී කියයි

 පාර්ලිමේන්තු මහ මැතිවරණය  –  2024

අපි කුඩා කැබිනට් මණ්ඩලයක් හදා තිබෙනවා. ලෝකයේ කුඩාම කැබිනට් එක. අපිට තිබුණා මේ රට ස්ථාවරභාවයට ගෙන ඒමේ අභියෝගය. ලංකා ඉතිහාසයේ ආණ්ඩු බල හුවමාරුවකින් පස්සේ රටේ යම් අස්ථාවරභාවයක් නිර්මාණය වෙනවා. පත්කිරීම් ආදිය ගැන දෙගිඩියාවක් ඇති වෙනවා. හැබැයි මේ රටේ තිබෙන ආර්ථික තත්වය අනුව සතියක් දෙකක්වත් අවිනිශ්චිතතාවයකින් මේ රට ඉස්සරහට යන්න බැහැ. එවැනි විශාල ආර්ථික කඩා වැටීමක අපි ඉන්නවා. අපි වැටිච්චි ආර්ථිකයක් බව ගන්නකොටත් දන්නවා. කුඩා හෝ කම්පනයක් අපේ ආර්ථිකයට දරා ගන්න බැහැ. ආර්ථිකයේ නියැලෙන අය අතර විශ්වාසවන්ත භාවය හදන්නේ කොහොමද කියන අභියෝගය ආරම්භයේ සිටම තිබුණා. අපි මොකක් කරයිද යන්න පිළිබඳ දෙගිඩියාවෙන් සිටි කණ්ඩායමක් සිටියා. ආයෝජකයන් කෙරෙහි විශ්වාසවන්තභාවය තහවුරු කළ යුතුව තිබුණා. ප්‍රතිවාදීන් විසින් අපි කෙරෙහි මහා සැකයක්, අවිනිශ්චිතතාවයක්, සමාජගත කොට තිබුණා. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. කුඩා කම්පනයකටවත් ඔරොත්තු නොදෙන ආර්ථික දේහයක් තිබුණේ. ඉතා ඉක්මන් කෙටි කාලයකින්, ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමත්, ආර්ථිකයට දායකවන කණ්ඩායම් අතර විශ්වාසය තහවුරු කිරීමත් අපට අභියෝගයක් වුණා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කළා.

ආරම්භයේදී ඩොලරය රු:300/-ට වඩා ඉහළට ගියත් අද ඩොලරය රුපියල් 300/-ට වඩා අඩු මට්ටමකට ඇවිත් ස්ථාවරවී තිබෙනවා. කොටස් වෙළඳපොළේ යම් දෙගිඩියාවක් තිබුණා. හැබැයි ශක්තිමත්ව හා වේගවත්ව වර්ධනය වෙන කොටස් වෙළපොළේ යාන්ත්‍රණය අපි ශක්තිමත් කළා. තෙල්, ගෑස්, විදුලිය, කිරිපිටි ආදී අතශ්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය සේවාවන් වූ, බිඳවැටීමට ඉඩ නොදීපවත්වාගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම සිදුකළා. අපේ ව්‍යාපාරික ප්‍රජාව, කර්මාන්තකරුවන්, විදෙස්ගත ආයෝජකයන්, අපේ ආර්ථිකය කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ගොඩනගා තිබෙනවා. ප්‍රධාන ගැටලු දෙකකට අපි මුහුණදී තිබුණා. මේ සීසන් එක සංචාරක කර්මාන්තයේ ආරම්භක සීසන් එක. නමුත් පසුගිය ආණ්ඩුව වීසා විශාල ගැටලුවක් නිර්මාණය කර තිබුණා. අධිකරණ නියෝගයකින් ඔන්ලයින් වීසා ලබාදීම නතරවී තිබුණා. පෝලිම් නිර්මාණය වෙලා තිබුණා. සංචාරකයන් හෝටල් බුක් කරන එක නතරවී තිබුණා. සංචාරක කර්මාන්තය අවදානමකට මුහුණදී තිබුණා. ඇමති ලෙෂ විජිත සහෝදරයා මැදිහත් වෙලා අපි ඉතා කෙටි දවසකින් වීසා අර්බුදය විසඳලා නැවත ශ්‍රී ලංකාවේ ආයතනයක් වෙත වීසා නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමයට මාරු කළා. හෝටල්කරුවන්, සංචාරක කර්මාන්තයේ නියැලෙන අය කීවා, ඉක්මනින්ම මෙය විසඳන්න. එසේ නොවුනහොත් කඩා වැටීමේ අනතුරක් තිබෙන බව. අපි එය දින දෙක තුනක් ඇතුළත විසඳුවා. ඊළඟට අප හමුවේ තිබුණේ 20 දා වන විට (අද 20) ලංකාවේ එක පාස්පෝට් එකක් වත් නැහැ. ඒ වගේ පැටලිලි ගොඩක් සහිත රටක් අප හමුවේ තිබුණේ. පාස්පෝට් ලබාදීපු ටෙන්ඩර් අධිකරණයෙන් අත්හිටුවා තිබුණා. පාස්පෝර්ට් එක ටෙන්ඩරයෙන් ලබාදීපු කෙනාට, හිස් පොත දෙන්න පුළුවන්. ප්‍රින්ට් කරන්න විදිහක් නැහැ. සෑම පාස්පෝර්ට් එකකම පුද්ගලික අනන්‍යතාවය මුද්‍රණය කරන්න ඕනෑ. නමුත් මුද්‍රණය කරන්න ක්‍රමයක් නැහැ. 20 දා වන විට පාස්පෝර්ට් ඉවරයි. ඒක රටේ ලොක්ඩවුන් තත්වයක්. අලුත් පාස්පොර්ට් එකක් ගන්න බැරි තත්වයක්. අපි මැදිහත්වෙලා ඒ ප්‍රශ්නය මුළුමනින්ම නිරාකරණය කළා. හෙට වෙන විට පෝලිම් නැතිවෙන තත්වයක් ඇති කළා.

                                 අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය

අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරවීමට ඒ ඓතිහාසික තීන්දුව ගත් මේ රටේ ජනතාවට මම මුලින්ම ආචාරය පළකර සිටිනවා. මේ රට මෙතෙක් කරවූ පාලකයන් කිසිදාක සිතුවේ නැති ඒ ඓතිහාසික වෙනස කළේ, ඊට දායක වුණේ ඔබ සියලු දෙනායි. ඔබ මේ ජයග්‍රහණය අපට ලබා දුන්නේ අනුර සහෝදරයාත් අපි පිළිබඳවත් විශාල විශ්වාසයක් තබලා. අපේ ජයග්‍රහණයේ පදනම ඔබේ ඒ විශ්වාසයයි. එනිසා අපි නැවත වතාවක් ඔබට කියන්නේ ඔබ අපි කෙරෙහි තබපු විශ්වාසය එලෙසම රකින්න අපි සියලු දෙනාම බැඳී සිටින බවයි. ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. ඒ විශ්වාසය තමයි අපිට ශක්තිය දෙන්නේ. ඒ විශ්වාසය මත තමයි අපි මේ රට ගොඩනගන්නේ. අපේ වේදිකාවේ ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂ අපේක්ෂක කණ්ඩායම සමග එකට සිටීමට හැකිවීමම මම ලැබූ ලොකු භාග්‍යයක්. කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ අපේ රටේ සියලුම ප්‍රශ්න නියෝජනය කරන තැනක්. අපි හිතුවට කොළඹ තමයි දියුණුම, සංවර්ධනයෙන් ඉහළම තැන තිබෙන දිස්ත්‍රික්කය කියලා මුළු රටේම තිබෙන ප්‍රශ්න සියල්ලමත් මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා. සංවර්ධනය තුළ ලබාගත් ජයග්‍රහණ වගේම අසමානතාද කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙනවා. ලංකාවේ තිබෙන හොඳම පාසල් වගේම යටිතල පහසුකම් නැති, ගුරුවරු හරිහැටි නැති පාසල්ද මේ කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙනවා. රෝහල්වල තත්වය එයමයි. ලංකාවේ ඉන්න පොහොසත්ම ශ්‍රී ලාංකිකයා වගේම දුප්පත්ම ශ්‍රී ලාංකිකයාද මේ කොළඹ දිස්ත්‍රික්ය තුළ ඉන්නවා. සියලු පුරවැසියන්ගේ සමානාත්මතාවය රකිමින් සංවර්ධනය කරන්න බැරිවූ දිස්ත්‍රික්කයක් තමයි කොළඹ දිස්ත්‍රික්කයයි. පැය 24ක් වැස්සොත් මේ දිස්ත්‍රික්කයේ පාරවල් යටවෙනවා. ගෙවල්වලට වතුර දානවා. මෙච්චර කලක් ගතවෙලත් තවම කොළඹ දිස්ත්‍රිකයේ ගංවතුර ප්‍රශ්නය විසඳගන්න බැරිවෙලා තිබෙනවා.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික, පරිසර ආදී සියලු ප්‍රශ්න කොළඹ දිස්ත්‍රික්කය තුළත් උග්‍රවෙලා තිබෙනවා. මුළු රටේම එම ප්‍රශ්න අපි විසඳිය යුතුයි. මේ වේදිකාවේ ඉන්නවා අවුරුදු ගණනාවක් දේශපාලනය කරලා අත්දැකීම් ලබපු, ඔබ වෙනුවෙන් විශාල කැපකිරීම් කරපු අය, මේ වේදිකාව තුළ ඉන්නවා. විවිධ ක්ෂේත්‍රවල විවිධ වෘත්තීන්වල නියැලිලා අත්දැකීම් බහුල අයත් අපේ වේදිකාවේ ඉන්නවා. ඉහළම කාන්තා නියෝජනයක්ද අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ජනතාව වෙනුවෙන් වැඩ කරන්න තිබෙන උවමනාව හා කැපවීම ඉහළින්ම තිබෙන කණ්ඩායමක් තමයි අපිට ඉන්නේ.

මෙම මහ මැතිවරණයේදී අපි පාර්ලිමේන්තුව තුළ ගුණාත්මක වෙනසක් කිරීම අවශ්‍යයි. අපි මේ සැරේ ඒක කරනවා. ප්‍රමාණයෙන් මෙන්ම ගුණයෙන්ද අපි ඒ වෙනස කරනවා. ජනතාවට වගවෙන, අවංක, දේශපාලන විනයක් තිබෙන අයගෙන් මේ මැතිවරණයේදී පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. එහෙම අය ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණක් බවද මේ මුළු රටම දන්නවා. සාමූහිකව වැඩ කිරීමේ ගුණය අපි සියලු දෙනාටම තිබෙනවා. අපි අපේ ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ රටේ ජනතාවගේත් අදහස් අරගෙන. දැන් අපි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒකට තමයි අපිට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙන්නේ. රටේ සියලු ජාතිකත්වයන් නියෝජනය වන අපේක්ෂක කණ්ඩායමක් අපිට ඉන්නවා. ඔවුන් සමග සාමූහික හැඟීමෙන් අපට වැඩ කිරීමේ හැකියාව තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එරංග ගුණසේකර  මහතා

අපි මේ රටේ ජනතාවට කිව්වා අපි ජයග්‍රහණය සැමරිය යුත්තේ පරාජිතයන් අපහසුවට පත්කරලා ඔවුන් පීඩාවට පත් කරලා නොවෙයි කියලා. ඒක අපේ රටේ ජනතාව අකුරටම පිළිපැද්දා. දැන් අපට ඡන්දය නොදුන් අයත් අපි ගැන පැහැදිලා අපිව මේ මහ මැතිවරණයේදී ජයග්‍රහණය කරවන්න පෙරට ඇවිත් තිබෙනවා. අපි මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් ඉන්නවා. මෙවර මහා මැතිවරණයට යන කොටම අපි ජයග්‍රහණයන් ගණනාවක් අරගෙන ඉවරයි. දැන් විපක්ෂය කියන්නේ විපක්ෂය සඳහා ඔවුන්ට මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ලබාදෙන්න කියලයි. අද ඒ තරම් අසරණ තත්වයට ඔවුන් වැටිලයි ඉන්නේ. දැන් ජයග්‍රහණය ගැන කතා නැහැ. මේ මැතිවරණය එද්දීම කලින් රට පාලනය කළ දූෂිතයන්ගෙන් රොත්තක්ම ගෙදර.

අද රාජපක්ෂලා නැති මැතිවරණයක් මේ රටට හිමිවෙලා. ඒ දූෂිතයන් ගෙදර නවත්වන තත්වය උදා කළේ ඔබයි. නාමල් පුතාත් එන්නේ ජාතික ලැයිස්තුවෙන්. අඩුම තරමේ මන්ත්‍රීකමක්වත් බේරාගන්න හීන දකිමින්. ජාතික ජන බලවේගයේ අපි පිරිසිදු අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් කණ්ඩායම් අද අපේක්ෂක පොරයට වැටිලා, නාහෙන් අඬනවා. අපේ රටේ තරුණ තරුණියන්ට මේ රටේ පොදු ජනතාවට අනාගත පරපුරට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ගොඩනඟන්න ලබන නොවැම්බර් 14 මාලිමාවට අති

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථනායේ නියෝජ්‍ය ලේකම්, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක චන්දන සූරිය ආරච්චි මහතා

මුළු රටම නව පුනරුදයකට යොමු වෙමින් ඉදිරි ජයග්‍රහණය සඳහා පෙළ ගැසෙමින් සිටින මොහොතක් මේ උදාවෙලා තිබෙන්නේ. දශක 07ක් මේ රට පාලනය කරපු පාලකයන් මේ රටේ ජනතාව රැවැට්ටුවා. විශේෂයෙන් වැඩ කරන ජනතාව රැවැට්ටුවා. ඒ ජනතාවගේ කරමතින් ගොස් බලය ගත් පාලකයන් හැමදාම වැජඹුනා. සැප වින්දා. මේ රටේ පීඩිත ජනතාවට තම ජීවිත අහිමි කළා. දශක ගණනාවක් මේ පාලකයන් ගෙන ගිය පීඩකාරී පාලනයට එරෙහිව මේ රටේ ජනතාව පොරබැදුවා. සටන් කළා. මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා. අද එම උත්සාහය මල් ඵල දරමින්, තිබෙනවා.  ඒ අපේක්ෂාව ජයග්‍රහණය කරමින් අපිට පුළුවන්කම ලැබුණා, පසුගිය 21 වැනිදා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරවමින් ආරම්භක පියවර තබන්න.