උණුසුම් පුවත්

වන්නිලැත්තන් පොලිස්සැත්තන් බැහැ දැකී

විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්  පහුගිය 04 වැනි දා පොලිස් මූලස්ථානයට මංගැච්චූ අවස්ථාව

ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්  පහුගිය 04 වැනි දා පොලිස් මූලස්ථානයට පැමිණියේය. එහීදී එතුමන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සමග සුහද පිළිසදරක නිරත වූ අතර, පොසොන් පොහොය නිමිත්තෙන් දඹාන බිංතැන්න ගම්මානය කේන්ද්‍ර ගත කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන පොසොන් කලාපය සදහා ශ්‍රී ලංකා පොලිසියේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙහිදී පොලිස්පතිතුමන් එකග විය.