උතුරෙන් හමුවූ වසන් කළ නොහැකි සාක්කියක්

වල්ලිපුරම් සහ එහි නටබුන් පිළිබඳව වාර්තා වලින් උපුටා ගත් කොටස්
උතුරු පළාතේ පුරාවිද්‍යා කටයුතු සම්බන්ධ සටහන් කීපයක්. ජේ. පී. ලුවිස්
අපි දැන් කයිට්ස් වරාය හෝ සමුද්‍ර සන්ධිය පසුකොට ඇම්ස්ටර්ඩෑම් වෙත ගොස් ඉතා සැලකිල්ලෙන් වගා කරන ලද සෞභාග්‍යමත් පෙනුමක් ඇති මෙම දූපත හරහා ගමන් කරමු එමෙන්ම සැතපුම් දෙකක් පමණ දිග පුත්තලයි සපත්තු පාලම හරහා ගොස් අර්ධද්වීපයේ මුහුදු වෙරළ වටේට පේදුරු තුඩුව දක්වා යන මාර්ගයේ ඊට තවත් සැතපුම් දෙක තුනක් ඈතට ද යමු මෙම වෙරළ බඩ මාර්ගය අවසානයේ වල්ලිපුරම් නම් ගම්මානය පිහිටා ඇත. නමින් ගමකට වඩා පුළුල් වූ පෙදෙසක් ලෙස අර්ථ ගැන්වෙයි. පරම්පරානුගත කථාවන්හි පුරයකට සම්බන්ධ ප්‍රදේශයක් මෙන්ම ඉතා ඈත කාලයේ වැලි තට්ටු වලට යට වූ නගරයක් වු බවද කියවේ. ඇත්ත වශයෙන්ම මෙම ස්ථානයේ දර්ශණය අද්භූත ජනකය. බැලූ බැල්මටම පෙනෙන්නේ හුණුගල් කඳු පෙලක් නමුදු හොඳින් පරීක්ෂාකාරීව බැලූ විට ගල්කඳු මෙන් පෙනුන ද ඒවා ගල් කඳු නොව පහරක් ගැසූ විට කඩා වැටෙන සිමෙන්ති වර්ගයක් බව පෙනේ. මෙවැනි සිමෙන්ති කුට්ටිවලින් යුක්ත වැලිකඳු වයඹ සිට ගිණිකොන දක්වා දිගින් සැතපුම් තුනක් පමණ වේ යයි කියනු ලැබේ. එක්තරා ස්ථානයක මැටි කර්මාන්ත කරුවන් වාසය කළ ස්ථානයක් ලෙස පෙන්නුම් කෙරෙන තැනින් තැන විසිරුණු කැඩි බිඳීගිය කණු උළු කැට කැබලි ආදියෙන් යුක්ත වූ ගොඩක් දැකිය හැකිය.
වැලිගොඩ මත විශාල විෂ්ණු කෝවිලක් තිබේ. මුළු අර්ධද්වීපය පුරා විෂ්ණු කෝවිල් සතරක් ඇති අතර අනෙක් කෝවිල් වන්නර්පොන්නයි. පීතලයි සහ පච්චිලයපලි හි ඉයක්කච්චි අසල මල්විල්හි ද පිහිටුවා ඇත. මෙම කෝවිල ඉතා මෑත දී ගොඩ නැගීමට ආරම්භ කර ඇති අතර තවමත් නිමවෙමින් පවතී. එහි සිටින බ්‍රාහ්මණ පූජකවරයා මට පැවසුවේ උතුරට සහ දකුණට (ඇත්ත වශයෙන් වයඹ සිට ගිණිකොන) කෝවිල සහ මුහුද අතර ගඩොලින් බඳින ලද ප්‍රාකාරයක නටබුන් දැකිය හැකි බවය. මෙම ප්‍රකාශය සඳහා ප්‍රත්‍යක්ෂ සාධකයක් ලෙස වැල්ල හාරා ගඩොල් කැබලි කීපයක් මතුකොට ඔහු විසින් පෙන්වනු ලැබීය. මෙයට යාර පනහක් පමණ ඊසාන දෙසිත් බුදු පිළිමයක් ද මතු කර ගෙන ඇත. 1902 පමණ වන තෙක් කෝවිලේ ගබඩා කාමරයේ එය තබා තිබුණු අතර එය මට භාර දෙන ලෙස භාරකාර පූජකවරයාට මම කීවෙමි. අගය කල හැකි පොදු ජන හැඟීමකින් යුතුව ඔහු එය කළේය.
එහි ඊට පසු කල ඉතිහාසය පිළිබඳව මෙහි සඳහන් කළ හැකිය. මෙම බුදු පිළිමය යාපනයේ පැරණි උද්‍යානයෙහි (Old Park) ඇති බෝ ගස් දෙක තුනෙන් එක් බෝගසක් යට වුන්නාකම් වලින් ගෙන එන ලද වෙනත් බුදු පිළිමයක් අසල තැන්පත් කරනු ලැබීය. 1906 වර්ෂයේදී වල්ලිපුරම් බුදු පිළිමය ඉතා පැරණි ක්‍රමයකට අයත් යයි සැලකූ සියම් රජු එය ලබා ගැනීමට උත්සාහ කළ හෙයින් ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි බ්ලේක් විසින් එතුමාට එම බුදු පිළිමය පරිත්‍යාග කරනු ලැබීය. චුන්නාකම් බුදු පිළිමයට සෙවන දුන් බෝධිය දිරාපත් වූ හෙයින් වෙතත් බෝරුකක් යට. කරන ලදුව පැරණි උද්‍යානයෙහි තවමත් ඇත. බුදු පිළිමය පාමුල තබා ඇති ගල් පුවරුචක මෙම බුදු පිළිමය සොයාගත් ස්ථානය සහ පැරණි උද්‍යානයට මුලින්ම ගෙනෙන ලද වකවානූට සඳහන් කොට තිබේ.
මුල කී ස්ථානයෙන් සොයාගත් රන් කාසියක් පොලිස් විදානෙ වෙත තිබුණු බව වල්ලිපුරම් වෙත පැමිණි මේ අවස්ථාවේ මට දැනගන්නට ලැබිණි. 1890 දී සොයාගත් මෙම කාසිය මා ලබා ගෙන හඳුනාගැනීම සඳහා බෙල් මහතා වෙත යවන ලදි. මෙම කාසිය කලවම් රත්රන්වලින් සෑදු ඉරක හෝ දරක නම් සිංහල කාසියක් බව සොයා ගෙන ඇත. ඉතා පුදුමයකට මෙන් ඊට මද කලකට පසු ඊ. වොර්ලන්ඩර්, ඕ. එම්. අයි. පියතුමාගෙන් අර්ධද්වීපයේ ඉතා බටහිරට වන්නට පිහිටා ඇති පන්ඩතෙරිප්පුහි මෑතදී කළ කැණිමකින් සොයාගන්නා ලද තඹකාසි සතරක් මා වෙත ලැබුණි අවාසනාවකට මෙන් මෙම කාසි තිබුණේ කැඩී බිදී ගිය ස්ථානයක ය. ඒවා ලීලාවතී රැජිනගේ (12. 13 ශතවර්ෂ) කාර්‍ය ලෙස හඳුනාගෙන ඇත.
බුදු පිළිමය සහ ඉරක කාසිය වල්ලිපුරම්හි වැළලී ගිය නගරය හා සම්බන්ධයක් ඇති බව සැලකිය හැකි අතර ප්‍රධාන වශයෙන් මෙම බුදු පිළිම සොයා ගැනීම ද ඊට අඩු වශයෙන් මෙම කාසි අර්ධද්වීපයෙන් සොයා ගැනීම ද මෙම අර්ධද්වීපය ඇත කාලයේ සිංහල දිස්ත්‍රික්කයක් වශයෙන් තිබුණ බවට සාධක ලෙස සැලකිය හැකිය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තා, 1965 – 66 ජී 101 පිටුව
වල්ලිපුරම්හි වැලි සහිත නැගෙනහිර බද වෙරළ පරීක්ෂා කරන ලදුව නොයෙක් ආකාරයේ වළං කටු විශාල ප්‍රමාණයක් කෞතුකාගාරය වෙත ගෙනු එනු ලැබීය. වල්ලිපුරම් කෝවිල් භූමි භාගය ද පරීක්ෂණයට භාජනය කළ පසු පැරණි කැටයම් සහිත කැබලි හඳුනාගෙන ඇත.
පච් ඩබ්ලිව් කොඩ්රින්ග්ටන්. Coins and Currency 1975 (නැවත මුද්‍රණය) යට 22 සහ 49
සොයාගත් කාසි.
ඇත් සහ ස්වස්තික කාසි තුනයි
කුෂාන කාසි එකයි
