මීපාවල අමරසූරිය මහා විද්‍යාලයට නුදුුව පිහිටි මේ තෙමහල් නිවස...
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බැකෝ යන්ත්‍රයක් යොදා මෙම නිවස ඇතුළුව අවට නිවාස වල මායිමේ කානුවක් කැපීමෙන් නිවසේ පසුපස කොටස දැනට ගිලා බසිමින් පවතී. මෙය තෙමහල් නිවසකි. එහි පසුපස පිහිටි නිවසේ කුස්සිය ඊයේ රාත්‍රිය වන විට ගිලා බැසීමට ලක්ව ඇත. අලුත් අවුරුදු උදාවේදී නිවැසියන්ට නිවසේ රැඳී සිටින්නටත් නොහැකිව තත්ත්වයකට ගොදුරුව සිටී.. අලුත් අවුරුද්දට කැවිලි හදමින් තිබූ කුස්සියේ කොටස නිවසේ බඩුත් සමගම ගිලා බසිද්දිත්. පසුපස කොටස කඩාගෙන යද්දිත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යෙදූ බැකෝ යන්ත්‍රය කිසිදු තැකීමකින් තොරව කානුවේ ඉතුරු කොටසත් කපා යාම ගැන ගම්වාසින් මවිතයට පත්ව සිටී.
මෙම ගිලාබැස්මට ලක් වූ නිවසේ නිවැසියන් වෙන්දේසි ඉඩමක වු මෙම පර්චස් එකොළහක කොටස මිලදීගෙන ඇත්තේ වසර විස්සකට පෙරය. වසර විස්සක් තිස්සේ මෙම නිවසට මායිම් වූ පුරන් කුඹුරේ කිසිදු කානුවක් නොතිබී ය දී හදිසියේම ඊයේ රාත්‍රිය වනතුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුව යෙදවූ බැකෝ යන්ත්‍රයක් මගින් කානු කැපීමෙන් නිවස ගිලා බසින්න පටන්ගෙන ඇත.
මෙම තත්ත්වය ගැන නිවැසියන් පෝද්දල පොලිසියට පැමිණිලි කර ඇති අතර,එම නිවසට යාබද නිවසේ පදිංචි උඩුගම රෝහලේ සේවකරන වෛද්‍යවරයාද තවත් අසල්වැසියෙකුද තම නිවෙස් වල මායිමට හදිසියේම කානුකැපීමට ගත් අනුවණ තීරණය ගැන හා ඒ නිසා තම නිවාස වලට ඇතිවූ අවදානම ගැන පෝද්දල පොලිසිය වෙත පැමිණිලි කර ඇත.