‘බොරු මදිවට හොරු - අනුර Fail තේමාවෙන් යුතු සජබ බොරැල්ල රැස්වීමේ දී සජිත් කියයි
තෙල් මිල වැඩි වීමත් සමඟ ජනතාව තුළ අසීමිත පීඩනයක් අසහනයක් නිර්මාණය වී ජීවත් වීමේ ගැටලුවට සමස්ත ජනතාවම මුහුණ දී ඇති බවත් සමස්ත සමාජයම අමාරුවෙන් ජීවත් වන මොහොතේ රටේ සිදුවන දේ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බොරැල්ල මැගසින් පාර උත්සව ශාලාවේ තිබූ ‘බොරු මදිවට හොරු - අනුර Fail, ජනතාවට අමාරුයි ආර්ථිකය අනතුරේ’ යන තේමාව මුල් කර ගත් මහජන කථිකාවත අමතමිනි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණය ජය ගත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගත්තේ විදුලි බිල 1/3 අඩු කර 9000 විදුලි බිල 6000 කර 33% කින් විදුලි බිල අඩු කරනවායැයි කියා බවත් දැන් 33% කින් විදුලි බිල අඩු කරන්න කෙසේ වෙතත් විදුලි බිල වැඩි කරන්න උත්සාහ ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
කවද්ද වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දෙන්නේ
වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දෙන බව පැවසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අද වන විට තෙල් මත බදු පිට බදු පටවා බදු හතරක්ම පනවා ඇති බවත් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය බොරු කියා ඡන්ද ලබා ගන්න අකැමැති නිසා බොරු නොකිව් නිසා ජනතාව ඡන්දය නොදුන් බවත් එහෙත් වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කියු බොරු පිට බොරු කියු වත්මන් රජයට ජනතාව ඡන්දය ලබා දී දැන් අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යුද්ධය පාලනය කරන්න බැ..හැබැයි අපිට තෙල් මිල පාලනය කරන්න පුළුවන්
දැන්වත් වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් මැදපෙරදිග යුද්ධය පාලනය කළ නොහැකි වුවත් තෙල් මිල පාලනය කළ හැකි බවත් ගොඩබාන තෙල්වලට වැට් ගහන්නේ බදු ගහන්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් දැන්වත් ජන්දය ගන්න කියු දේ අද ක්‍රියාත්මක කරන ලෙසත් තෙල් මිල ඉහළ යාම නිසා අසරණ වූ ජනතාවට ශක්තියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේ රජය මිල සූත්‍රයේ වහලෙක්
මිල සූත්‍ර පිළිගන්නේ නැ කියු වත්මන් රජය දැන් අමුතු මිල සුත්‍රයක් යොදා ගන්නා බවත් ලෝකයේ තෙල් මිල අඩු වුවත් අප රටේ නම් තෙල් මිල අඩු නොවන බවත් මිල සූත්‍රය දූෂිතයි කිවු මාලිමා රජයම දැන් ඒ මිල සූත්‍රයේ වහලකු වී ඇති බවත් බදුු කොමිස් ඉවත් කර සමාජ සාධාරණත්වය ඇති කරනවා කිව්වත් බලය ලබා ගත් පසු ඒ සියල්ල අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බලය ගත්ත ගමන් ලංවීම විනාශ කළා
තවද විදුලි බල මණ්ඩලයට අත තියන්න එපා කියා විදුලි බල මණ්ඩලය විනාශ කළ බවත් 23000ක් සේවකයන් පාරට බස්සවා දේශපාලන බලය ලබා ගෙන රජ පුටුවලට ගොස් මේ සේවකයන් අමතක කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම හිටියේ නෑ
ජනතාව දැන්වත් අවංකව තමා වෙනුවෙන් සේවය කරන්නේ කවුද කියා අවබෝධයෙන් සිටිය යුතු බවත් ජනතාව අන්දවන අය කවුද කිය දැනගත යුතු බවත් මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ පවා නොතිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බාල ගල් අගුරු නිසා සිදු වූ පාඩුව ජනතාව කරපිටට
මේ වන විට රජය බාල ගල් අගුරු ගෙන්වා නොරොච්චෝල බලාගාරය අකර්මණ්‍ය කර මේ දූෂිත ක්‍රියාවලිය යුද්ධය කරපිටින් දා වසා දැමීමට කටයුතු කරන බවත් මේ බාල ගල් අගුරු නිසා නොරොච්චෝල බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කිරිම අවම වී ඇති බවත් ඉතිහාසයේ කිසිදු දවසක් සිදු නොවූ ආකාරයට නිශ්චිත විදුලි බල උත්පාදනය සිදු කිරීමට මේ බලාගාරයට නොහැකි වී ඇති බවට මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දී ඇති බවත් මේ යන විදිහට ගියොත් ඉදිරි මාසවල සිදුවන බලාගාර නඩත්තු නිසා විදුලි කප්පාදුවක් කරා යාමට සිදුවන බවට දන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන්ධන බලාගරවලට තෙල් දුන්නම ජනතාවට අවශ්‍ය තෙල් තවත් හිග වෙනවා
නිශ්චිත මෙගවොට් ප්‍රමාණය නිෂ්පාදනය නොවන නිසා ඉන්ධන බලාගාර හරහා වැඩි පිරිවැයක් වැය කර විදුලිය ලබා ගැනීමට සිදුවන බවත් මෙහි පිරිවැය දරන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයන්ට බවත් ඊට අමතරව මේ බලගාර සදහා විදුලිය ලබා ගැනීමට ඉන්ධන ලබා ගන්නා නිසා ඉන්ධන හිඟයක් ඇතිව ආර්ථිකය සංකෝචනය වන බවත් මේ තුළින් ගෘහයෙ ආදායම පහත වැටී ඉතිරි කිරීම් ආයෝජන පාරිභෝජන පහළ වැටී දුප්පත්කම වැඩි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දුෂිතයන් අල්ලනවා කියා ගල් අගුරුවලින් දූෂණ වංචා කරනවා
දූෂිතයන් අල්ලනවා කියු රජය දැන් බාල ගල් අගුරු ගෙන්වා දැඩි දූෂණයක් සිදු කර ඇති බවත් තෙල් මිල අඩු කරන්න නොහැකි වී ඇති මේ රජයට අවම වශයෙන් දුප්පත්කම ගැනවත් දත්ත නැති බවත් රටේ 1/3ක් දුප්පත් වී ඇති මොහොතක මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට ආණ්ඩුවට උත්තර නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මැදපෙරදිග සිටින රට විරුවන් ගැන රජයට කිසිදු අදහසක් නැහැ
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ උතුරේ යුද්ධය දකුණේ ත්‍රස්තවාදයත් ගල්ෆ් යුද්ධයත් තියාගෙන රටේ කර්මාන්ත ශාලා ඇති කළ බවත් යුද්ධය නිසා මැදපෙරදිග හැර ආ අපේ රටේ ජනතාවට වන්දි පවා දුන් බවත් අද යුද්ධය නිසා මැදපෙරදිග සිටින අප රටේ ජනතාවට අත්වන ඉරණම ගැනවත් ආණ්ඩුවට සැලසුමක් නැති බවත් ආණ්ඩුව දන්නේ විපක්ෂය පෙන්වා දෙන සත්‍ය යථාර්ථය සමාජ මාධ්‍ය හරහ විහිලුවට ලක් කිරීම බවත් මේ ආණ්ඩුවේ විහිලුු නිසා දුක් විදින්නේ් රටේ ජනතාව බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
තනතුරු නිසා අපි ජනතාව රවටන්නේ නැ
දිට්වා නිසා විපතට පත් ජනතාවට සහන දෙන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න කිව්වත් එයද එපා කියු බවත් කොයි තරම් ඉහළ තානාන්තර දෙනවා කිව්වත් ජනතාව රවටන්න නම් නොහැකි බවත් දැන්වත් මේ බොරුව රජය නතර කළ යුතු බවත් මැතිවරණ සමයේ වූ පොරොන්දු ටික ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
