උණුසුම් පුවත්දේශපාලන

වැලිගම මන්ත්‍රීන් දෙන්නෙක් උස්සලා ලු

වැලිගම මහත් උණුසුම් තත්වයක් - පැහැර ගැනීමට ඇත්තේ මාලිමාවේ දෙන්නෙක්

 වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස්  ඇතැ යි ආරංචි මාර්ග සඳහන් කරයි. 

 මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇත.

එහි පවතින  උණුසුම් තත්ත්වය සමනය කිරීමට  පොලිසිය ද කැඳවා ඇත.