අවසන් කටයුතු හෙට ගාල්ලේ දී
ප්‍රවීණ ෙද්ශපාලන විචාරකයකු, ගත්කතුවරයකු වූ ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී වික්ටර් අයිවන් මහතා අද (19) අභාවප්‍රාප්ත විය.
ටික කලක පටන් රෝගී තත්වයෙන් රෝහල්ගතව සිටි වික්ටර් අයිවන් මහතා මියයන විට 76 වැනි වියේ පසු විය.
රාවය පුවත් පතේ නිර්මාතෘ මෙන් ම ආරම්භක කතුවරයා සේ කටයුතු කළ හෙතෙම ඒ ඔස්සේ ලාංකේය පුවත්පත් කලාවේ නව වෙනසක් ඇති කළේ ය.
1949 ජුනි මස 26 වැනිදා උපත ලද හේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ ආදි ශිෂ්‍යයකු විය.
පාසල් වියේ පටන් විප්ලවවාදී මත දැරූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ 1971 කැරැල්ලේ නායකයකු සේ ක්‍රියා කළේ ය.
අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර මහතා ඇතුළු 41 දෙනකුට විරුද්ධව පැවති නඩුවේ හත් (07) වැනි විත්තිකරු වූයේ ද වික්ටර් අයිවන් මහතා යි.
පසුව බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි ඔහු රාවය පුවත්පතට පෙර රාවය සඟරාව අරඹන ලද්දේ ය.
දාහත් වසරක් පුරා රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ හයෙන් පහක බලකින් යුත් ආණ්ඩුව පෙරළා දමා 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධූරයට පත්කර ගැනීමේ සටනේ පුරෝගාමී මෙහෙවරක් කළ වික්ටර් අයිවන් මහකා පසුව ඇයගේ පාලනයට විරුද්ධව සිය පුවත්පත මෙහෙය වී ය.
වික්ටර් අයිවන් මහතා ජීවත්ව සිටිය දී තමන්ගේ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදුකරන ලෙස කරතිබූ ඉල්ලීම පරිදි අවසන් කටයුතු හෙට (20) සිදුකරන බව පවුලේ ඥාතියෙක් පැවසී ය.
වික්ටර්දි අයිවන් සොවුරාණන්ට හෙළදිව විප්ලවීය ආචාරය!