ආරක්ෂකඋණුසුම් පුවත්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) නව මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දෙයි

ලියාපදිංචි නොකළ ජංගම දුරකථන හඳුනාගැනීම සිදු කෙරේ

ලියාපදිංචි නොකළ ජංගම දුරකථන හඳුනාගැනීම සහ ඒවායේ භාවිතය වැළැක්වීම සඳහා නව මෘදුකාංග පද්ධතියක් හඳුන්වාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) විසින්   පියවර ගෙන ඇත.

මේ වන විට මෙරට භාවිත වන ජංගම දුරකථන සබඳතා සංඛ්‍යාව මිලියන 27.5 ක් පමණ වෙයි.  නව ක්‍රමවේදයට අනුව දැනට භාවිතයේ පවතින කිසිදු දුරකථනයක් අවහිර නොවේ.

ජනවාරි 28 දා සිට මිලදී ගන්නා්නාසියලු ජංගම දුරකථන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනිවාර්යයෙන්ම  ලියාපදිංචි වීය යතුය. මෙම දුරකථනවල IMEI අංක සහ සිම්පත් දත්ත කොමිෂන් සභාවේ "වයිට් ලිස්ට්" එකට ඇතුළත් කෙරේ.