විමුක්ති ව්‍යාපාරයේ දී ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගය අගය කරන්නෙමු - වියට්නාම් ඇමති Minh Hoan Le
වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය මින් හෝන් ලී(Minh Hoan Le) මහතා අද (21) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
ඔවුන් සමීප ද්විපාර්ශ්වික සබඳතා සහ බොහෝ ක්ෂේත්රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳව, විශේෂයෙන් ග්‍රාමීය සංවර්ධනය සහ සමාජ සවිබල ගැන්වීම පිළිබඳව සාකච්ඡා කළහ.
වියට්නාම විමුක්ති ව්‍යාපාරයේ දී ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගය පිළිබඳව වියට්නාම අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ස්තූති කළේය. වියට්නාමය නිදහස ලබා එක්සත් වූ වහාම එය පිළිගත් පළමු රටවලින් එකක් ශ්‍රී ලංකාව බව ඔහු පැවසීය.
අභීත නිදහස් අරගලයකින් පසු නිදහස ලබා ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කර ගත් වියට්නාමයට අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කළේ ය.
සාර්ථක ලෙස විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වියට්නාමය අනුගමනය කරන නව්‍ය ක්‍රම පිළිබඳව ප්‍රශංසා කළ ඔහු කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා ශ්‍රී ලංකාව සමඟ අත්දැකීම් බෙදාහදා ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.
අමාත්‍ය මින් හෝන් ලී (Minh Hoan Le), අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට එකඟ වූ අතර, වියට්නාමය ශ්‍රී ලංකාව විශේෂ මිතුරෙකු ලෙස සලකන බවත්, තම රටට ශ්‍රී ලංකාව සමඟ ඩිජිටල් කෘෂිකර්මාන්තය සහ සුහුරු කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුම බෙදාහදා ගත හැකි බවත් පැවසී ය.
බුද්ධාගම සහ සමාජවාදය පිළිබඳ පොහොසත් පසුබිමක් ඇති දෙ රටට ම ජනතා කේන්ඳ්‍රීය සංවර්ධනය වෙත සමාන ප්‍රවේශයක් ඇති බව ඔහු පැවසීය. එ බැවින් දෙ රට ම කෘෂිකාර්මික සංවර්ධනය මඟින් ග්‍රාමීය සංවර්ධනය සඳහා අවධානය යොමු කරන්නේ යැ යි හේ සඳහන් කළේ ය.
තානාපති හෝ ති තහ් ට්‍රුක් (Ho Thi Thanh Truc), අධ්යක්ෂ ජනරාල්වරුන් වන,නගුයෙන් ඩො අන් ටුවාන් (Nguyen Do Anh Tuan), ලී ටුරුන්ග් කුවාන් (Le Trung Quan), නගුයෙන් නු කුවොන්ග් (Nguyen Nhu Cuong), හුයින්හ් ටැන් ඩැට් (Huynh Tan Dat) සහ ලි ඩුක් තින්හ් (Le Duc Thinh), ඉහළ පෙළේ වියට්නාම නියෝජිත පිරිසට අයත් වූ හ.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්" පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන" අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන ද මෙම අවස්ථාවට සහභාගි වූ හ.
 
            