උණුසුම් පුවත්විශේෂාංග

විශ්මකර්මයන් ගේ හෙට දවස!??

ජාවාරම්කාර කූට ව්‍යාපාරියෝ සිංගප්පූරුවෙන් ගෙනැවිත් බාල බඩු විකුණනවා

 

 රන්කරුවන් අතින්  නිමවී ඇති  විස්මිත  නිර්මාණ දකින විට ඇතැම්  විට මවිතය දනවන සුළුය.මෙවැනි  මට සිලිටු නිර්මාණයක් දෑතින්  නිම කිරීමට  හැකිදැයි  කෙනෙකුට  සිතෙන්නට පුළුවන. නමුත්  මීටියාගොඩ  ජූල්ගහකන්ද  ගම්මානයේ  පදිංචි  නිර්මාණ  ශිල්පීන්ට  එය එතරම්  අරුමයක්  නොවේ. ඒත් ඉතින් ඒ වටා ගෙතී ඇත්තේ ඉතා දුක්ඛිත  කතා  පුවතකි.

හෙළයේ හෙළ රන්කරුවෝ ඒ් තරම් අපූරුවට මෙවන් නිර්මාණ නිමහම් කරන්නට කෙතරම් වෙහෙසක් මහන්සියක් ගන්නෙහි ද? මොන තරම් ඉවසීමක්කැපකිරීමක් ඔවුන් කිසියම් රන් අබරණයක වැඩ අවසන් කරන්නට ගන්නේ ද??දුරාතීතයේ පටන් 

 

හෙළදිව රන්කරුවන් රත්තරං වටිනා වැඩ ලෝකයාට  පෙන්නූ පිරිසක්                                                                හෙළයේ රන් කරුවන් ගේ විස්මිත විස්කම් පිළිබඳ විශ්මයට පත්වූවෝ අද පමණක් නොවේ. දුරාතීතයේ පටන් ම ලොව පුරා විසිර සිටියහ. ඔවුන් හෙළයේ මේ විශ්මකර්ම මිනිසුන් ගේ නිර්මාණ කෙරෙහි මොන තරම් ආසාවක් කැමැත්තක් දැක්වූවේ ද යන්න ක්‍රිස්තු පූර්ව යේ පටන් දැක්වූ බව පෙන්වා දීමට ඇති හැකියාව 'බයිබලයේ'  පරණ තෙස්තමේන්තුවෙහි දැක්වේ.

''සලමොන් රජුගේ පාන පාත්‍රා සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි සියලු භාජනත් තනිකර රනින් විය. සලමොන් ගේ කාලයේ දී රිදී අගය නොකරන ලදි.  මන්ද හුරාම්ගේ සේවකයන් සමඟ 'තර්ෂිස්' ට යන නැව් රජුට තිබිණි. ඒ තඑර්ෂිස් නැව්වලින් රන් ද රිදී ද, ඇත් දත් ද වඳුරන් ද රිළවුන් ද තුන් අවුරුද්දට වරක් ගෙනන ලද බැවිනි. (2 වංශාවලිය 9 -පිටුව 581)

''සියලු සම්පත්වලඅධිකකම නිසාතර්ෂිෂ් නුඹ සමඟ වෙළඳාම් කළහ. ඔවුහු රිදී ද, යකඩ දඊයම් ද බෙලෙක් දගනුදෙනු කළහ. (බයිබලය පරණ තෙස්සතේන්තුව - කියෙල් 27 පිටුව 1135) හි දැක්වෙන මේ තර්ෂීෂ් යනු ගාල්ල බව කියැවේ. ගාල්ලේ රන් කර්මාන්තයේ නියැළෙන්නෝ අදත් බොහෝ ය. ඔවුන් ගේ මේ නිර්මාණ ක්ෂේත්‍රය බොහෝ පුළුල් ය. රන්, රිදී, ඇත්දත්, මැණික්, ලී කැටයම්, වෙස්මුහුණු කැටයම් ආදියට අද.් ගාල්ල හැර අන් ප්‍රසිද්ධියක් ඇති තැනක් ඇත්නම් ඒ් ගාල්ලෙන් විසිරුණු පැතුරුණු පරම්පරවෙක බල මහිමයෙනි.

ඉදින් දුරාතීතයේ පටන් ම හෙළදිව මේ කර්මාන්තයේ අති දක්ෂ 'වැඩ්ඩන්' ට චිර ප්‍රසිද්ධියක් ඇති බව ආම්බරයෙන් සඳහන් කරනු වටී. දුරාතීතයේ පටන් ම ගාල්ල යනු ජාත්‍යන්තරව පැතිර පැවති වෙළඳ නගරයකි. වෙළඳ වරායෙකි.

ඉදින් මේ සා ඉමහත් කීර්තියක් අත් කර දෙමින් රටට විදේශ විනිමය ඉපැයීමට තමන්ගේ විස්කම්, දස්කම් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් දක්ෂතාවයත්, නිපුණතාවයත් කැප කරන මේ මිනිසුන් ගේ අද දවස කෙරෙහි නම් ඇත්තේ දැඩි සංවේගයකි. කනගාටුවෙකි. දුකකි. වේදනාවකි.

අපේ නියෝජිතයකු මේ වටිනා මිනිසුන් ගේ අද දවසේ කතාව රටට කියන්නට පාලකයන් ගේ වැසී ඇති 'නේත්‍ර' යුග්මයන් වෙත පාන්නට ඉකුත් දොහක යුහුසුලු විය. මේ ඔහු අහුලාගත් මේ විශ්මකර්ම වැඩ කරන විශ්වකර්ම දෙව් පුතු ගේ පරම්පරාවේ අනුවේදනීය කතන්දරයයි.

ඔවුන් ගේ මේ විශ්මකර්ම හැකියාව පරම්පරාවෙන් උරුම කොට ගත්තක් ද? ඉතා මනහර රන් රිදී මුතු මැණික්වවලින් කිසියම් නිර්මාණයක් වෙනුවෙන් කැප කරන කාලය කෙතරම් ද මේ ආදී ප්‍රශ්න වැළක් ඒ කෙරෙහි අවධානය යොමු කරන්නකුට හට ගනී.

බාල නිපැයුම් හොරපාරෙන් වෙළඳ පොළට

පරම්පරා  ගනණාවක් තිස්සේ  අඛණ්ඩව කරගෙන  ආ රන් රිදී කර්මාන්තය  වත්මන් පරම්පරාවේ  අවසානයත් සමඟ අභාවයට  යනු ඇති  බවත්  තරුණ  පරම්පරාව එම කර්මාන්තය  ඉගෙනීමට යොමු නොවීමත් අමුද්‍රව්‍ය  මිල  ඉහළ  යාම හා ගුණාත්මක  බවින්  අඩු රන් රිදී භාණ්ඩ  විදේශ  වල සිට හොර පාරෙන්  ජජවාරම්කරුවන්  අපේ  වෙළඳ පොළ ආක්‍රමණය  කිරීම  වැළැක්වීමටත්  අපේ බලධාරීන්  අපොහොසත්  වීමත්  නිසා  රන් රිදී කර්මාන්තයට  කණ කොකා හැඬීමට පටන්ගෙන  ඇතැයි  ඔව්හු මැසිවිලි  නඟති .

මෙහිදී  අප හා අදහස් දැක්වූ  කර්මාන්තයේ නියුතු ඇම්.ඒ.සමන් ප්‍රසන්න  මහතා  මෙසේ  කීය.මම කරන්නේ  රිදී භාණ්ඩ  නිශ්පාදනය යි. දැනට වසර  ගනණාවකට ඉහතදී  රිදී කිලෝ එකක්  අපි ගත්තේ රුපියල්  එකොළොස්  දාහකට වගේ මිළකට. දැන්  රිදී  කිලෝ එකක් ගන්න  රුපියල්  දෙලක්ෂ  හැත්තෑ දහසක  විතර  මුදලක් ඕනෑ. ඉතින්  ඒ වගේ මුදලක්  යටකරල අපි වගේ  පොඩි අය මේ කර්මාන්තය කරකරගෙන  යන්නේ  බොහොම  අමාරුවෙන්. හැමදාම  ණයට  තමයි  දුවන්නේ. මේ සඳහා  ලොකු  පිරිවැයක්  දරන්නට සිදුවීම  අපි වගේ අයට ඔරොත්තු  දෙන්නෙ  නෑ. බැංකුවකින්  අපි වගේ කෙනෙක්  ණය මුදලක් ගන්න  ගියත් මරණ  සහතිකය  විතරයි  ඉල්ලන්නෙ  නැත්තෙ. අපි වගේ වටින  කර්මාන්තයක් කරන අයට  කිසිම  ආයතනයකින් සහනයක්  නෑ.

වතුර, ලයිට්  බිල්වල ගාණත් දෙගුණ  තෙගුණ  වෙලා. වතුර  ලයිට්  නැතිව  මේ කර්මාන්තය  කරගෙන යන්න  බෑ. දැනට වසර  කීපයකට  පෙර කපන  බ්ලේඩ් දුසිමක් ගත්තේ  රුපියල්  එකසිය  හතළිහකට. දැන්  ඒක රුපියල්  හත්සිය පනහයි. පොලිෂ් කරන  වැක්ස් එකක්  රුපියල්  එක් දහස් හයසියයට තිබුණෙ. දැන්  ඒක  රුපියල්  හයදහස් දෙසීය පනහයි. නමුත්  ඒ  මිලට  සරිලන  විදියට  අපට  ලැබෙන  ආදායම  වැඩිවෙලා නෑ    

 රටට හානි පමුණුවන කූට ජාවාරම්කාරයෝ රන් අබරණවලටත් වැඩේ දෙති

ඒ වගේම  බැංකොක්  වලින්  ගුණාත්මක  බවින් අඩු රන් රිදී භාණ්ඩ  මෙරට  ව්‍යාපාරිකයන්  වංචනිකව ගෙන්නනවා. ඒවා  අඩු මිලට  දීමෙන්  දේශීය  වෙළඳපොළ කඩා වැටිලා තියෙන්නේ.

ඒ කාලයේ හරක් අං වලින්  අපේ  පැරණි  අය විවිධ  ආභරණ  හැදුවා. ඒ අයගේ  අභාවයත් සමඟම ඒ කර්මාන්තය  අහෝසි  වෙලා ගියා . ඒ වගේම  අපෙන්  පස්සේ  රන් රිදී කර්මාන්තයටත්  අත් වෙන්නේ  ඒ ඉරණම  තමයි.

දැන්  අලුතින්  කිසි කෙනෙක්  මේ කර්මාන්තය  ඉගෙන  ගන්න  එන්නේ නෑ. තරුණ  පිරිසත් බලන්නෙ ටයි එකක්  ෂර්ට්  එකක්  ඇඳගෙන  වාහනයක  එල්ලිලා  සේල්ස් රෙප් වගේ ජොබ් එකක්  කරන්න. ලැබෙන  ආදායම  මදි නිසා  ඒ අය වෙනත් රැකියා  හොයාගෙන  යනවා. සමහරු  විදේශ  රට වලට යනවා.. සමහර  කාලවලට ප්‍රාදේශීය ලේකම්  කාර්‍යාලයේ  නිලධාරීන්  ඇවිත්  රුපියල්  විසි දාහක විතර  ආයුධ දෙනවා. මිළ ඊට  වැඩි වුණොත්  ඉතිරි  ගණන  අපි අතින්  ගෙවන්න ඕන .අද  රුපියල්  විසි  දාහකට ගන්න පුළුවන්  මේ කර්මාන්තයට  අවශ්‍ය  මැෂින්  නෑ. නිලධාරීන් ට ඒ ටික වත් තේරුම්  ගන්න  බැරි   වීම අපේ අවාසනාවක්.

   ඩී. එන්. ප්‍රියන්ත  මහතා මම මුලින්ම  ජුවලරි කාර්මිකයක් හැටියට  තමයි  වැඩ කළේ. දැන්  මගේ ලඟ හය දෙනෙක්  වැඩ කරනවා. විස්වාසය  මත තමයි  මේ කර්මාන්තය  රැඳිලා තියෙන්නේ. රන් රිදී මුතු මැණික් සමඟ වැඩ කරන කොට  නිතරම  විස්වාසය  රැකගන්න  ඕන. ඒ විශ්වාසය රැකගෙන ඉන්න  නිසා  තමයි  අපිට  මේ කර්මාන්තයේ  මෙච්චර  කාලයක්  කරන්න පුළුවන්  වෙලා තියෙන්නේ. රත්තරන්  වලට නිශ්චිත  මිලක් නෑ. නිතර මිල ඉහළ  පහළ  යනවා. අපිටත්  වැඩ කරන  අයගේ මහන්සියට සරිලන  වැටුපක් ගෙවන්න  ක්‍රමයක්  නෑ. මේ වෙළඳ  පොළේ පවතින  අස්ථාවර  බව නිසා. මම නම්  ඉස්කෝලේ  යන කාලෙ ඉඳලම  මේ රස්සාව  ඉගෙන  ගත්තා. වෙනදා  අපිත්  එක්ක වැඩ ඉගෙන ගන්න  ගෝලයෝ දහයක්  පහළොවක් පමණ  හිටියා . අද  රන් රිදී කර්මාන්තය  ඉගෙන ගන්න  කවුරුත්  නෑ.

විදේශීය  සංචාරකයන්  එන කාල වලට රන් හා රිදී භාණ්ඩ  වලට  ඉල්ලුම වැඩියි. දේශීය  ඉල්ලුම නම්  දැන්  ඉතාමත් ම  අඩුයි. අද  අපේ මිනිස්සුන්ට  රන් භාණ්ඩ  මිළදී ගන්න  හයියක් නෑ. මහා පරිමාණ  ස්වර්ණාභරණ  ආයතන  වලටත්  අපි භාණ්ඩ  නිශ්පාදනය  කරනවා. නමුත්  ඒ සඳහා ත් අපට සාධාරණ  කුලියක් ලැබෙන්නේ  නෑ.

මැණික් හා ස්වර්ණාභරණ  අධිකාරිය  වුණත් අපි වගේ  පොඩි රන් කරුවා ගැන  හොයා  බැලීමක් නෑ. වෙනත් රට වලින්  රන් භාණ්ඩ  ආනයනය  කරනවා. යන්ත්‍ර  උපයෝගී  කරගෙන  මහා පරිමාණයෙන්  කරන  එම භාණ්ඩ  අඩු මිලට  ගෙනවිත්  විකුණනවා . නමුත්  අපේ වගේ ගුණාත්මක  වටිනාකමක්  ඒවායේ  නෑ. ඒ නිසා  අපේ කර්මාන්තය  කඩා වැටිලා තියෙන්නේ. හොර පාරෙන්   එසේ රන් භාණ්ඩ  ගෙන ඒම නතර කරන්න  අපේ පාලකයන්ට උවමනාවක්  නෑ. දැන්  මේ කර්මාන්තය  කරන  අයත් තමන්ගේ  දරුවන්  මේ කර්මාන්තයට  යොමු කරවන්න  උනන්දුවක්  ගන්නෙත්  නෑ  මේ තත්ත්වය  නිසා. රන් මිල ඉහළ  යාම නිසා පවුම් කාලක රන් භාණ්ඩයක්  මිලට ගන්න ත් රුපියල්  පනස්දහසක්  විතර  ඕනැ. ඒ නිසා  සාමාන්‍ය  මිනිස්සු  රන්  භාණ්ඩ  මිලට ගන්න  පෙළඹෙන්නේ  නෑ. නිතරම  රන් මිල ඉහළ යාම  ගැටවක් . අපි භාණ්ඩයක්  හදන්න  බාර  ගන්න  කොට  තියෙන  මිල  නොවෙයි  භාණ්ඩය  හදල ඉවර වෙන කොට තියෙන්නේ . නමුත්  අපි භාර  ගත්ත මිළට  ඒ භාණ්ඩ  හදල දෙන්න ඕන .ඒ නිසා  අපිට  පාඩු විඳින්න  වෙන  වාර අනන්තයි.

චමින්ද කුමාර

රන් භාණ්ඩ  අලෙවි  සැල් වල තියෙන  භාණ්ඩ  පරීක්ෂා  කළ යුතුයි.

අනෙක්  කාරණය  වෙළඳ  පොළේ නිසි ප්‍රමිතියකින්  යුතු  රත්තරන්  මිලට ගන්න  නෑ. කැරට් 22 රත්තරන්  වෙනුවට  කැරට්  18 සහ 20 රත්තරන්   කැරට් 22 වටිනාකම ට විකුණනවා. ඒක  පාරිභෝගිකයා රැවටීමක්. ස්වර්ණාභරණ අධිකාරිය  මැදිහත් වෙලා  රන් භාණ්ඩ  අලෙවි  සැල් වල තියෙන  භාණ්ඩ  පරීක්ෂා  කළ යුතුයි. අනික්  පාරිභෝගික  භාණ්ඩ  පරීක්ෂා  කරනවා වගේ. රන් භාණ්ඩ  අලෙවි  සැල් බලපත්‍රය  අරගෙන  තියෙන්නේ  නියමිත  කැරට්  22 රන් භාණ්ඩ  අලෙවි  කරනවා කියලා .නමුත්  ඒවා  හරියට  කෙරෙන්නේ  නෑ.සාමාන්‍ය  මිනිස්සු  වෙළඳ සැල්  වලින්  මිලට  ගනිපු  භාණ්ඩ  මකල වෙනත් භාණ්ඩ  හදාගන්න  ආවම තමයි  දැන  ගන්නේ නිසි ප්‍රමිතියට නැති  රන් භාණ්ඩ  වලට තමන් අහුවෙලා  කියලා .එවැනි  දේ වලින්  පාරිභෝගිකයා  ආරක්ෂා  කර ගන්න  රාජ්‍ය  ආයතන  මැදිහත්  විය   යුතුයි .

මේ කර්මාන්තය  ඉගෙන ගන්න  අවුරුදු  දෙකක්  වත් යනවා. පුරුදු  වෙන කාලෙ  වැටුපක් ගෙවන්නත් අපට  දැන්  ශක්තියක් නෑ. ඒ නිසා  අලුතින්  කවුරුත්  මේ කර්මාන්තයට  එන්නේ නෑ. ඒ නිසා  වෘත්තීය  පුහුණු  අධිකාරිය  මැදිහත් වෙලා  හරි  සැලකිය  යුතු  දීමනාවක්  ගෙවලා මේ කර්මාන්තය  පුහුණු  කරනව නම්  හොඳයි . නැත්නම්  රජ කාලෙ සිට පැවත  ගෙන ආ මේ කර්මාන්තය  අපෙන්  පස්සේ  අහෝසි  වෙලා  යාවි .

අපේ ම වරදින්, අද මෙසේ හෝ පවත්වා ගෙන යන මේ ශිල්පීන් ගේ හැකියාව සියල්ල හෙට දවසේ බොඳ වී දිය වී යන කනගාටුදායක තත්තවයකට පත්ව ඇත. අලුත් පරපුර සිය පරම්පරාවෙන් පරම්පරාවට දායද කර දුන් මේ නිර්මාණශීලී ශිල්පය හැදෑරීමට පුහුණුවට, මනාපයක් නොපෙන්නන බව ඉහතින් කියැවුණි.

එසේ වුවහොත් හෙට දවසට රටට විදේශ විනිමය ලක්ෂ ගණනින් උපයා සපයා ගත හැකි මේ අගනා සිල්පය රටෙන් තුරන් ව යනවා නම් කෙතරම් ශෝචනීය පුවතක් ද?

යස ඉසුරින් ආඪ්‍ය රාජ රාජ මහාමාත්‍යාදීන් ගේ බිසොවුන්ට, ආර්යාවන්ට, රිදී දෝලියේ ඇත්තියන් කකුමාරිකාවන්ට හා කුමාරවරුන්ට නං ගැටලුවක් නැත.

ගැටලුවට බරපතළ විදිහට මුහුණ දෙන්නේ හෙට දවසේ ගෙට වෙන කෙලි පොඩ්ඩිට, හෙට දවසේ දීගයන්න සැරසෙන දියණියන්ට, ඉපැදී සති කීපයකින් දෙකන් විද පුංචි ම පුංචි කරාබු ජෝඩුවක් නැත්තං අරුංගල් දෙකක් දාන්න හීන මවනා දෙමාපියන්ට යි. සිය ආදරණීය ප්‍රේමවන්තියගේ හෝ ප්‍රේමවන්තයාගේ අතෙහි මංගල මුදුුව පලඳන්නට සිහින මවන අහිංසක මා පියන්ටෙ යි. තැල්ලක් නැත්තං මාලයක් ගෙල පලඳා ආදරේ ප්‍රකාශ කරන්න පෙරුම් පුරණ තරුණ පෙම්වතුන්ට යි ඉතින් සිද්ධ වෙන්නේ සිංගප්පූරුවට පියඹා ගිහින් රන් භාන්ඩ හොයාගෙන ආපහු ඉගිලෙන්නට යි. ඒක ඉතින් බැරි එකාට හීනයක් ම වේවි.

අපි පෙන්නා දෙන්නෙමු. වත්මන් තරුණ පරපුරේ ආකල්ප හොඳින් අධ්‍යායන කරන්න. ඔවුන් මේ උත්තම ගණයේ වෘත්තීයට පිවිසෙන්නට අඇති මැලිකම දුරලන්නට ඔවුන්ගෙන් ම අදහස් උදහස් හොයා බලන්න. එහිලා වෘත්තීය පුහුණු අධිකාරියට කළ හැකි දෑ බොහොම ය යන්න අපගේ විශ්වාසය යි.

එමෙන් ම මේ දක්ෂ මිනිසුන් ආණ්ඩුවෙන් රජයේ රස්සා ඉල්ලා මැති ඇමතිවරුන් ගේ පස්සෙන් නොයන පිරීසකි. හැබැයි ඒ උදවියටත් කාට හෝ මනාපය දෙන්න පෝලිමේ පෙළ ගැසී ගොස් සුළැඟිල්ලේ දම්පාට උලවා ගෙන එන්න අතමැත්තක් නැති සාමයට ලැදි උදවියයි.

ඔවුනට රන් අබරණ නිමහම් කරන්නට ඇවැසි රත්තරං මංචාඩිය හෝ දෙකවත් අවහිරයකින් තොරව ලබා ගන්නට කෝටාව සාධාරණ අයුරින් ලබා දෙන්නේ නම් රටට ඇවැසි ම ඇමරිකානු ඩොලර් රටට ඇද ගෙන අර කියන මහා භාණ්ඩාගාරය පිරවීමට මේ මිනිසුන්ගෙන් මහත් ම මහත් වූ දායකත්වයක් ලබා දිය හැකි යි. අප මෙහි සඳහන් කරන ලද මේ අභිමානවත් උදාර මිනිසුන්ගේ හෙට දවස ටිකක් හෝ සතුටින් ගත කරන්නට පිහිට වීම යුක්ති ගරුක, සාදාරණ සමාජයක් උදෙසා කැප වූ බව කලකට පෙර කී පාලක උත්තමයින් ගේ වගකීමයිත බැහැර කල නොහැකි වලකීම මෙන් ම යුතුකමයි.

මේ දකුණුකරේ වෙරළකරේ ජීවත්වන අප විදෙස් සංචාරක සමයේ දී රන්අබරණ අලෙවි සල් මෙන් ම රන් අබරණ නිපදන තැන් කරා ඇදී ඒන සුද්දන් සුද්දියන් බොහොම ආහාවෙන් කැමැත්තෙන් ඉහළ මිලෙන් යුත් නේකාකාර රන් මුදු, මාල, වළලු, තෝඩු, අත්පලඳනා මිල ට ගන්න ඇදී එන අයුරු නිතිපතා දකින්නෙමු. ඒ මේ මිනිසුන් ගේ නිමැයුම් කෙරෙහි ඔවුන් ආශක්ත බවක් දක්වන්නේ ඇයි ද යන්න හොයා බලා ඇවැසි පිළියම් යෙදුවොත් සොලමන් රජ්ජුරුවන්ට කොහොම වෙතත් සුල්තාන්ලාට, වගේ ම ඇමරිකානු ජනාධිපතිවරුන්ටත් මේ මිනිසුන් ගේ විස්මය දනවන විස්මිත රන්, මුතු මැනික් ඔබ්බන ලද පලඳනා වැඩි වැඩියෙන් දාදිගය මුගුරු පෙරාගෙන සියුම්ව ඇඟිලි තුඩු හමුරුවමින් ඒවා නිපැයෙන හැටි දිනෙන් දින දැකබලා ගත හැකි වේවි.

     -  ලාල් ගොඩගේ  -