උණුසුම් පුවත්

විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ශූරතාවලිය සඳහා කණ්ඩායම් විස්සක් පොරපිටියට එක්ව සිටී

අවසන් මහා තරගය ජුනි 29 වන දා

T 20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවලිය 2024 අද ඇරඹෙන්නේ 9 වැනි වරටයි. ‌අදින් ඇරඹෙන තරගාවලියට ක්‍රිකට් කණ්ඩායම් 20 ක් පිටියට පිවිසේ. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් හවුරුදු දෙකකට වරක් සංවිධානය කරනු ලබන්නකි. 

මේ තරගාවලිය අද ඇරඹෙන සමාරම්භක උළෙලෙන් අනතුරුව මේ මස (ජුනි) 29 වැනි දා දක්වා පැවැත්වේ. 

මෙවර ටී ටුවෙන්ටි නැතහොත් පන්දු වාර 20, 20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවලියට බටහිර ඉන්දීය කොදෙව්වන් හා ඇමරිකා එක්සත් ජනපදය විසින් සත්කාරකත්වය සිදුකරනු ලබන්නේ ය. 

මෙය එක්සත් ජනපදය හා බටහිර ඉන්දීය කොදෙව්වෙන් පිටත ඇමරිකාවේ වෙනත් රටක ක්‍රීඩා කරන්නා වූ පළමු ලෝක ක්‍රිකට් තරග ඉසව්ව සේ සඳහන් කිරීම වටී. මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්වෙහි ක්‍රිකට් තරගාවලියක් පැවැත්විණි. ඒ 2010 දී ය.

තරගාවලිය සඳහා පිටියට මේ කණ්ඩායම් විස්ස පිවිසෙන්නේ ක්‍රිකට් පිල් පහ බැගින් වූ කාණ්ඩ හතරකිනි. මේ අය අතරෙන් පළමු සුපිරි අටේ වටයට සුදුසු කම් ලබන්නේ ය. අනතුරුව සුදුසුකම් ලබන හෙවත් ජයගන්නා කණ්ඩායම් හතරකින් යුත් කණ්ඩායම් දෙකකට බෙදේ. සෑම කාණ්ඩයකින් ම පළමු කණ්ඩායම් දෙක පිළිමන් පිටු දැකීමේ අදියරට සුදුසුකම් ලබයි. එය අවසන් පූර්ව තරග දෙකකින් යුක්ත වන අතර අවසන් තරගය ඒ අනුව ජයගන්නා ක්‍රිකට් ශූරයන් අතරේ පැවැත්වේ.