උණුසුම් පුවත්දේශපාලන

ශක්තිමත් දේශපාලන නායකත්වයක් ජනතාවට දෙන්න ඕනේ – අනුර කුමාර

පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්බර් 14

පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශීය සභා හරහා තමයි එම දේශපාලන බලය ගොඩනැගෙන්නේ. ගමේ ප්‍රශ්න විසඳන්න, රටට විනයක් හදන්න, රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න සමීප දේශපාලන නායකත්වය අවශ්‍ය වෙනවා. දේශපාලන නායකත්වයක් තිබෙන තැන්වලින් අපිට තවම බහුතර බලයක් නැහැ. අපට දැනට තියෙන්නේ ජනාධිපති පුටුව පමණයි. පාර්ලිමේන්තු බලය තවම නැහැ. ඒනිසා මේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් පාර්ලිමේන්තුවට එවිය යුතුයි. ඒකට විපක්ෂයෙන් ගිහිල්ලා හරියන්නෙ නැහැ. ඒකට යන්න ඕනේ ආණ්ඩු පක්ෂයෙන්. මේ සැරේ බලවත් ආණ්ඩුවක් හැදිය යුතුයි. අපගේ සැලසුම් ප්‍රාදේශීය වශයෙන් ඉදිරියට ගෙන යෑමට එවැනි බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. අපේ රටට යහපත් දේශපාලන විනයක් අවශ්‍යයි. අප හැමදෙනාම නාස්තිය අවම කරමින්, දූෂණය අවම කරමින් රටේ ජනතාව බලා ගනිමින් කටයුතු කරනවා.

ඇමතිවරුන්ට ලබාදී තිබෙන වරප්‍රසාද අපි ඉවත් කරනවා. ඉන්න ජනාධිපතිවරණයාට පමණක් නෙවෙයි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාදත් අවම කිරීමට අප කටයුතු කරනවා. මහජන ධනය නිරපරාදේ වියදම් කිරීමට අප ඉඩ තියන්නේ නෑ. ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරනවා. අපි කිසි කෙනෙකුගෙන් පළිගන්නවා නොවෙයි. යහපත් දේශපාලන ප්‍රමිතියක් සකස් කරනවා. එහෙම ප්‍රමිතියක් ඕන නැද්ද? තමන්ට රිසිසේ රට පාලනය කරන යුගය අපි අවසන් කරනවා. ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා යහපත් දේශපාලන ප්‍රමිතීන් සකස් කරනවා. දැනට තිබෙන අයාලේ යන දේශපාලනය ප්‍රමිතිගත කරනවා. දැනට තිබෙන පාර්ලිමේන්තු ප්‍රමිතියෙන් තොර පාර්ලිමේන්තුවක්. මුදලට විකිණෙන මන්ත්‍රීවරු ඉන්න, අපරාධකරුවන් ඉන්න පාර්ලිමේන්තුවක්. මෙවැනි පාර්ලිමේන්තුවක් ප්‍රමිතිගත කරන්න ඕන නැද්ද?

මහජනයාගෙන්ම යැපිලා, මහජන ධනයෙන් ගත්ත වාහන පැරදිලා යනකොටත් අරගෙන යනවා. මේ පරපුටු දේශපාලන නවත්තන්න ඕන. ඒ සඳහා පාර්ලිමේන්තු බලය ඇති කිරීමට බදුල්ල දිස්ත්‍රීක්කයෙන් වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ පිරවිය යුතුයි.

 ගැඹුරුතම ආර්ථික අර්බුදයට ලක්වී තිබෙන රටක් අපට දුන්නේ. ඒ නිසා මේ ආර්ථික තත්වය යටතේ ජනතාවගේ අවශ්‍යතාවන් ලබාදෙමින් පවත්වාගෙන යාම තමයි අපි මේ කාලයේ සිදු කළේ. මේ දින ගණනට ආයෝජකයන්ගේ විශ්වාසය, ගොවි ජනතාවගේ විශ්වාසය, ධීවර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අප සමත් වුණා. ඩොලරය තුන්සියට අඩුවෙන් පවත්වාගෙන යාමට අප සැලසුම් හැදුවා. ගෑස් හිගයකින් තොරව ලබාදීමට අපි සැලසුම් හැදුවා. ආර්ථිකය කඩා නොවැටි ඉදිරියට යාමට අප මැදිහත් වී තිබෙනවා. පාර්ලිමේන්තු බලයත් සමග ආර්ථිකයේ හැරුම් ලක්ෂයක් ඇති කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට, රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමට, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමට, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා.

ඌව වෙල්ලස්සට කුඩාපොළ හාමුදුරුවෝ, ගොංගාලේ ගොඩ බණ්ඩලා, දොරේසාමිලා, මඩුගල්ලේලා, වීර කැප්පෙට්ටිපොළලා වාගේ ජීවිත පරිත්‍යාග කළ වීරයන්ගේ පසුබිමකුත් තිබෙනවා. ඔවුන්ගෙන් පැවත එන අපි දොළොස් දෙනකු මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන්න මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. මේ වේදිකාවේ ඉන්න අපි කවුරුත් වාගේම වේදිකාව ඉදිරිපිට වැස්සේ නොසෙල් වී සිටින ඔබ කවුරුත් සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳුණ අයයි. ඒ ජයග්‍රහණය නොවැම්බර් 14 වැනිදා තවත් ශක්තිමත්ව පාර්ලිමේන්තු බලයක් බවට ගෙන යාමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ අප හැමෝටම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන්නට තිබෙනවා. 14 වැනිදා ඓතිහාසික ජයග්‍රහණයකට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට දායක වන ලෙස ඉල්ලා සිටිනවා.

සැප්තැම්බර් 21 වැනිදා ලැබූ ජය නොවැ. 14 තවත් ශක්තිමත් වන බව මේ ජනතාවගේ උද්යෝගයෙන් සහතික වෙනවා

 

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂිකා, අම්බිකා සැමුවෙල් මහත්මිය

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්ගොඩනැඟීම අරමුණු කරගෙන සැප්තැම්බර් 21 වැනිදා ලැබූ ජයග්‍රහණය නොවැම්බර් 14 වැනිදා තවත් ශක්තිමත් කරන බව මේ ජනතාව දකින විට සහතික වෙනවා. මාගේ දෙමාපියනි, සහෝදර, සහෝදරියනි, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන් සහ සියලු ආගම්වල අප සියලු දෙනා එකම පරමාර්ථයකින් එකමුතු වී රට ගොඩනැඟීමේ ශ්‍රමදානයට එකතු වෙමු කියන පණිවුඩය ඔබ සියලු දෙනාටම මා ලබා දෙනවා. අවුරුදු හැත්තෑහයක් පුරා ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, අප බේදකරලා ඔවුන් පාලනය ගෙන ගියා. ඒ තත්වය පරාජය කරමින්, ජාතික ජන බලවේගයේ සෙවණට අප හැමෝ ම එකතුවී එකමුතුභාවයේ බලය පෙන්වමින්, නොවැම්බර් 14 වැනිදා ජයග්‍රහණය කරනවා. ඊට පසුව මේ දේශපාලනය, සමාජය, සංස්කෘතිය, ආගමික යන සියලු ආකාරයෙන් නව පුනරුද යුගයකට පා තබන්න අප සියලු දෙනා එකමුතු විය යුතුයි. ඒ වාගේම ජාතික ආර්ථිකය ගොඩනඟන්න ඉතා ඉක්මනින්ම අත්වැල් බැඳගෙන කැප වෙමු කියන පණිවුඩය මම ඔබ සියලු දෙනා හමුවේ තබනවා.

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභිකා, ‘එන්.පී.පී. කාන්තාවෝසංවිධානයේ විධායක සභිකා, මැතිවරණ අපේක්‍ෂිකා, නීතිඥ උපේක්‍ෂා විජේතුංග මහත්මිය

අප සියලු දෙනාම මේ අවස්ථාවේ දී එකම ඉනිමඟක කොටස් හැටියට රට ගොඩනැඟීම වෙනුවෙන් ඒකරාශී වී සිටිනවා. විශේෂයෙන් ම ආදරණීය කාන්තාවාන්ගෙන් මා ඉල්ලා සිටින්නේ 1931 සර්වජන ඡන්ද බලය ලැබුණු දා ඉඳලා දේශපාලන අයිතිය ලැබුණත්, තවමත් දේශපාලනයේ දී දෙවැනි පුරවැසියෙක් ලෙස සැලැකීම අවසන් කරන්න එක් වන ලෙසයි. ඒ දෙවැනි පෙළ සිටින කාර්යභාරයක් ඉටු කළ අවසන් කර රට ගොඩනැඟීමේ කාර්යභාරයට ප්‍රමුඛම නායකත්වයක් ලබා දෙන්න පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රබලතම ජනාධිපතිවරයෙක් පත් කර ගන්න සැප්තැම්බර් 21 වැනිදා ලබා දුන් දායකත්වය තවත් කිහිප ගුණයකින් වර්ධනය කර ගනිමින්, නොවැම්බර් 14 වැනිදා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න දායක වෙමු. පාට, පක්‍ෂ විදියට අප බෙදා සිටි යුගය නොවැම්බර් 14 වැනිදා සදහටම අවසන් කරමු. ජාතික ජන බලවේගය අප සියලු දෙනාම එකම කඳවුරකට ගෙන ආවා. ඒ අප තුළ ඇති ශක්තිය අවදි කරමින්, රට ගොඩනඟමු. ඒ වෙනුවෙන් හොඳම තැන ජාතික ජන බලවේගය බවත්, සාධාරණ සමාජයක නිදහස් කාන්තාවන් ලෙස ජීවත් වීම වෙනුවෙන් අපි හැමෝ ම එකතු වෙමු. ලොව ශක්තිමත්ම පාර්ලිමේන්තුව ගොඩනැඟීමට අප සියලුම දෙනා එකතු වෙමු.

අවුරුදු හැත්තෑහයක විනාශය මාසයක කෙටි කාලයකින් නිවැරැදි කරන්න බැහැ - ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක, සමන්ත විද්‍යාරත්න

අද වෙන කොට මේ රටේ නිල්, කොළ දේශපාලනය බිම ඇදවැටී හමාරයි. දූෂිත දේශපාලකයන්ගේ කාලය හමාර කර ජනතාවාදී පාලනයක ආරම්භක පරිච්ඡේදය ලියන්න සැප්තැම්බර් 21වැනිදා පටන් ගත්තා. සාම්ප්‍රදායික දූෂිත දේශපාලනයට මේ මාතෘභූමියේ ඉඩක් නැති බව ස්ථිර කරන දවස නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බදුල්ල පුරවරය සූදානම් කිරීමේ මහා රැලියක් වෙනුවෙන් වැසි නොතකා මේ ජන ගඟ එකතු වී සිටිනවා. මේ වේදිකාවේ සිටින අපේක්‍ෂකයන් දොළොස් දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත් කරන බව ස්ථිරයි. ඒ වාගේම ජාතික ලැයිස්තුවේ අපේක්‍ෂක, මහාචාර්ය රුවන් රණසිංහත් මේ වේදිකාවේ ඉන්නවා. 

අපට හැමදාම දුප්පත්කම උරුම කළ උන්ගේ යුගය අවසන්. දළ ජාතික නිෂ්පාදිතයට අඩුම දායකත්වය ලබා දෙන්නේ ඌව පළාතෙන් බව මුදල් අමාත්‍යාංශයේ පසුගිය වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා. ඒ ප්‍රමාණය සියයට හතරයි. බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාවෙන් සියයට 72ක් සහනාධාර මතයි ජීවත් වෙන්නේ. පවුල් 115,689 ක් අස්වැසුමලබනවා. නිමල් සිරිපාලලා, හරීන් ප්‍රනාන්දුලා මේ දිස්ත්‍රික්කයේ මොනවද කළේ කියලා අපි අහනවා. අපේ මිනිස්සු හැමදාමත් දුප්පත්කමේ තියලා හාල්, කොපි පොත්, ත්‍රිවීල් ටයර්, අරක්කු, සල්ලි බෙදලා ඡන්ද කාලයේ දී දුප්පත් මිනිසුන්ව රැවැට්ටුවා. ඒ රැවටූ යුගය මෙවර සදහටම අවසන් බව මෙතෙක් සිටි පාලකයන්ට මතක් කරනවා. අප අපේ දෑත්වලින් මේ දිස්ත්‍රික්කය, මේ පළාත, මේ රට ගොඩනඟන්න ඕනෑ. අප දුප්පත් වී සිටින්නේ උන්ගේ වරදින් මිස ජනතාවගේ වරදින් නොවෙයි. උමා ඔය නිම්නය, බදුලු ඔය නිම්නය, ලොක්ගල් ඔය නිම්නය, මැණික් ගංගා නිම්නය මේ දිස්ත්‍රික්කය කිරිවලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් ස්වාභාවික සම්පත් ආකරයක්. දැනට අපේ කිරි අවශ්‍යතාවෙන් සියයට 65ක් ආනයනය කරනවා. අපේ පාලනයේ මුල් වසර පහ අවසන් වන විට ලංකාවට අවශ්‍ය කිරි සම්පූර්ණයෙන් ම මේ රටේ නිෂ්පාදනය කරන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් බදුලු නිම්නය කිරි නිම්නයක් කරන්න අප ක්‍රියා කරනවා. එළවළු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දෙන්න අවුරුදු හැත්තෑහයක් පුරා සිටි පාලකයන්ට බැරි වුණා. ජනාධිපති සහෝදරයා දිවුරුම් දීලා අදට දවස් හතළිස්දෙකයි. අවුරුදු හැත්තෑහයක විනාශය කෙටි කාලයකින් නිවැරැදි කරන්න බැහැ.

, ‘අදිටනවිශ්‍රාමික සාමුහිකයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික,, විශ්‍රාමික නාවික හමුදා කමාන්ඩර්, බණ්ඩාර විජයසුන්දර, දිනදාස රත්නායක, සුදත් බලගල්ල යනජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින් හා  මහාචාර්ය රුවන් රණසිංහ මහතා ද කථා කරන ලදි. 

,