උණුසුම් පුවත්

ශ්‍රවණාබාධිත පිරිස්වලට රියැදුරු බලපත්

පුහුණු වැඩ මුළුවක් හික්කඩුවේ දී

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිතයින් ගේ මධ්‍යම සම්මේලනය දිගු කලක සිට කරන ලද ඉල්ලීම ක ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රව්‍යාබාධිත අයට සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩ සටහනක් රජය මඟින් මේ වන විට ආරම්භ කොට තිබේ.
ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි නියමු ව්‍යාපෘතිය ක් ලෙස මෙසේ ශ්‍රව්‍යාබාධිත අය සඳහා රියදුරු බලපත් ලබාදීම ආරම්භ වූ අතර එහි සාර්ථකත්වය මත මේ වන විට සියලුම පරිපාලන දිස්ත්‍රික්කයන්හි පදිංචි ශ්‍රව්‍යාබාධිත අය සඳහා රියදුරු බලපත් ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කොට තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ රියදුරු බලපත් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කොට ඇති 90 ක බිහිරි පිරිසක් රියදුරු බලපත් ලබාදීමේ ලිඛිත පරීක්ෂණ ය සඳහා පුහුණු කිරීමේ වැඩ සටහනක් දකුණු පළාත් බිහිරි ජනතා සංගමය මඟින් ක්‍රියාත්මක කොට තිබේ.
පින්තූරයෙන් දැක්වෙන්නේ 11 වන දින හික්කඩුවේ පිහිටි දකුණු පළාත් ජනතා බිහිරි සංගමයේ ප්‍රධාන කාර්‍යාලයේ දී පැවති වැඩ සටහන කට සහභාගි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රව්‍යාබාධිත පිරිසකි.
දකුණු පළාත් බිහිරි ජනතා සංගමයේ සභාපතිනි සුභානි රංගා කේ .පතිරණ මහත්මිය විසින් මෙම වැඩ සටහන සංවිධානය කොට තිබිණ .

- ලාල් ගොඩගේ  -