ආර්ථික ප්‍රතිසංස්කරණ, සංහිදියා වැඩ පිළිවෙළ, දේශපාලන ස්ථාවරත්වය පිළිබදව සතුට පළ කරයි
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සාමය හා ප්රතිසන්ධානය සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග, දේශපාලන ස්ථාවරත්වය, සත්‍ය ප්රතිසන්ධානය සදහා වු කොමිෂම ස්ථාපිත කිරීම, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික සමගිය හා ප්‍රති සන්ධානය සදහා පනත් කෙටුම්පත සම්මත කිරීම, ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කිරීම හේතුවෙන් අත් අඩංගුවේ පසුවන සිරකරුවන් පිළිබදව අදහස් මෙහිදී හුවමාරු විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සංහිදියා වැඩ පිළිවෙළ, දේශපාලන ස්ථාවරත්වය පිළිබද සතුටු වන බව තානාපතිනිය මෙහිදී සදහන් කළාය.
ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුව අද (12) පැවැත්වුණේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි ය.
සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීම පිළිබදව මෙහිදී දැඩි අවධානයක් යොමු වු අතර, ජපන් තානාපති කාර්යාලයේ සහ දකුණු අප්‍රිකානු රජයේ සහයෝගය ඇතිව සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ වන විට අදාළ කොමිෂම ස්ථාපිත කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. රටවල් කිහිපයක සත්‍ය හා ප්රතිසන්ධානය සදහා වු වැඩ පිළිවෙල සහ විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ ස්ථාපිත සත්‍ය සෙවීමේ කොමිෂන් සභාවේ ක්‍රමවේදය අනුව මෙරට සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීමට කටයුතු කළා. ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව ද ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
ජාතීන් අතර සමගිය සංහිදියාව වැඩි දියුණු කිරීම සදහා සම්මත කරන ලද ජාතික, සමගිය හා ප්‍රති සන්ධානය සදහා වු පනත පිළිබදව මෙහිදී අමාත්‍යවරයා සහ තානාපතිනිය අතර අදහස් හුවමාරු විය.
ජාතීන් අතර සමගිය සංහිදියාව වැඩි දියුණු කිරීම සදහා නව පනතක් සම්මත කළා. සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය ව පරිදි සංහිදියා කමිටු ස්ථාපිත කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ගමෙහි සාමය සමගිය ජාතික හා ආගමික සුහදතාවය වැඩි දියුණු කිරීම, මත් ද්‍රව්‍ය උවදුරින් ගම ආරක්ෂා කිරීම, ග්‍රාමිය වශයෙන් සිදු වන සංවර්ධන කටයුතු සදහා ගමෙහි දායකත්වය ලබා ගැනීම ඇතුළු සංහිදියා කටයුතු ශක්තිමත් කිරීම මෙම පනත සම්මත කිරීමේ අරමුණ බව ද රාජපක්ෂ මහතා විසින් සදහන් කරන ලදී.
උතුරු නැගෙනහිර අර්බුදය ඇති වීමට බලපෑ කරුණු සවිස්තරාත්මකව අධිකරණ අමාත්‍යවරයා, තානාපතිනිය දැනුවත් කළ අතර, එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් විසින් ශ්‍රී ලංකාව තුළ සාමය සංහිදියාව විනාශ කරමින් සිදු කළ ක්‍රියා පිළිබදව මෙන් ම ප්රභාකරන් විසින් සියලු ආකාරයෙන් රටට කළ හානිය පිළිබදව පැහැදිලි කළේ ය.
එල්.ටී.ටී.ඊ .සංවිධානයට සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් අත් අඩංගුවේ සිටින සිරකරුවන් පිළිබදව අදහස් හුවමාරු විය.
මේ වන විට කිහිප දෙනෙකු පමණක් බන්ධනාගාරගතව සිටින බවත්, ඔවුන් පිළිබද නඩු කටයුතු අවසන් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මෙම අවස්ථාවට එක් විය.
