ඩුබායි වලින් නෙත් එෆ්එම් ගුවන්විදුලියට වට්ස්අප් ඔස්සේ ඇමතුමක්
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවි අංක 5 දී ඊයේ උදේ සිදුකළ මිනිස් ඝාතන මෙහෙයවන ලද්දේ කොමාන්ඩෝ සලින්ත නමැත්තකු බව ඔහු විසින් නෙත් ගුවන්විදුලියට දුරකතන ඇමතුමක් දෙමින් පවසා ඇත.
විත්ති කූඩුවේ සිටිය දී අංක එකේ පාතාල නායකයකු සේ කුප්‍රසිද්ධව හුන් ගණේමුල්‌ලේ සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න ඝාතනය කරවන ලද්දේ බොරු නීතිඥ වෙසක්ත මවාගත්මා අපරාධකරුවකු ය ඒ බව වෙඩි තැබීම කර ටික වෙලාවකට පසු ඔහු මේ බව පවසා ඇත.
මේ පුද්ගලයා ද විදේශගත වී සිටින්නෙකි.
වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේ නෙත් ගුවන් විදුලියට කතා කර ඔහු පවසා ඇත්තේ ගණේමුල්ලේ සංජීවට ගැහුවෙ තමාගේ අවශ්‍යතාවය මත බව යැ යි කොමාන්ඩෝ සලින්ත සඳහන් කර ඇත.