ආර්ථිකඋණුසුම් පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටට විශාල මෙහෙයක් කරනවා

සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ හමුවකට එක්වෙමින් අගමැති කියයි

පළමුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට රජය වෙනුවෙන් සුභාෂිංශන එකතු කරනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුදල් පරිත්‍යාගයෙන් හා ආයෝජනයෙන් වසර 40 කට වැඩි කාලයක් රටවැසියාගේ විවිධ ක්ෂේත්‍රවලට ලබා දෙන ලද සහාය හා සහයෝගය සිහිපත් කරනවා. සංවර්ධන ලොතරැයියේ වටිනාකම හා අර්ථය එසේ රටපුරා ගෙනයන්නට රටවැසියා දායක කර ගන්නට හැකිවුණු සංවර්ධන ලොතරැයියේ නියෝජිත මහත්වරු හා මහත්මියන්ටත් අද දවස ආඩම්බරයක්.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2024.04.29) කොළඹ වෝටර්ස් ඒජ් හී පැවැති සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ හමුවකට එක්වෙමිනි

රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්නටත් රටේ අනාගත ගමන් මාර්ගය සැකසුණු මහපොළ හා එවැනි ක්ෂේත්‍ර ඇති කළ අධ්‍යාපන දායකත්ව සංවර්ධන වැඩසටහන් සදහා විශේෂත්වයකින් ආයෝජනය කරන්නට පුළුවන් වුණා. මේ අධ්‍යාපනික දායකත්වය මතු පරපුර වෙනුවෙනුයි.

ලංකාවේ එවැනි අවස්ථාවන් රාශියකට දායක වන සංවර්ධන ලොතරැයියේ දීර්ඝ සහ අභිමානවත් ගමනේ දී තවත් ජයග්‍රහණ රාශියකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රධාන රජය මුහුණ දුන්නා. ආර්ථික මූල්‍ය අර්බුදය හරහා රට ඉදිරියට ගෙනයන්න ඔබ සැම දැක්වූ දායකත්වය වෙනුවෙන් සියලු අලෙවි නියෝජිතයන්ට ගෞරවය පුද කරනවා .

මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, සුරේන් රාඝවන්, පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, මදුර විතානගේ, සි.බී රත්නායක, රාජිත සේනාරත්න, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල ඇතුළු පිරිසක් සහභාගි වූහ.