ඉම්තියාස්, කබීර හා හර්ෂණට අලුත් පුටු
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මුල් පුටු රැසක් වෙනස් වේ.
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (27) කටයුතු කරන ලදී.

 සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතාත්, සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා මෙන් ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අභිනවයෙන් පත් කරන ලදී.