මියයන විට අනූ එකයි
කෘතහස්ථ දේශපාලනඥයකු වූ ආර්. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත විය. ආර්. සම්බන්ධන් නමින් ප්‍රචලිතව හුන් ඔහු රාජවරෝතියම් සම්බන්ධන් ය. 1933 පෙබරවාරි මස 05 වැනිදා ජන්මලාභය ලද සම්බන්ධන් මහතා වෘත්තියෙන් නීතිවේදියෙකි.
යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා ඇති සම්බන්ධන් මහතා පාසල් ගමනින් පසු ලංකා නීති විද්‍යාලයෙන් නීතිඥයෙකු ලෙස උපාධිය ලබා ගත්තේය.
රාජවරෝතියම් සම්බන්ධන් මහතා 1956 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි (ෆෙඩරල් පක්ෂය -ITAK ) ට එක්වීමෙන් පසු එහි නායකයා වූ එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා 1963 සහ 1970 දී සම්බන්ධන්ට නාමයෝජනා ලබා දුන් නමුත් සම්බන්ධන් ප්‍රතික්ෂේප කළේය.
සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1977 මහ මැතිවරණයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් ත්‍රීකුණාමලය අසුනට තරග වැද ජයග්‍රහණය කිරීමෙනි. දිගු කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ මහජන සේවයේ රැඳී සිටිමින් ඔහු දෙමළ ජනයා ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකළ මහජන නියෝජිතයෙකි.
දිගු කල් රෝගීව හුන් ඔහු අද අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ලබල ඉරිදා ත්‍රීකුණාමලයේ දී සිදු කිරීමට නියමිත යි.