අපි....ළඟයි
 ඈතයි...... අපි හරිම හරි ඈතයි
ඈතයි...... අපි හරිම හරි ඈතයි
සිහිනයකවත්.... හමු නොවන තරමටම
අපි......
හරිම හරි ඈතයි
ඒත්.....
අපි.....ළඟයි
හරිම හරි ළඟයි
මා නමින්...... ඔබේ හද ගැහෙනා රාවයත්
මේ දැනුත් මට ඇසෙයි

- ෂර්මිලා දංවත්ත -
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
 පාව යන මීදුමේ ගත වෙලී සීතල
පාව යන මීදුමේ ගත වෙලී සීතල
කෝඩුකාර බව මදනලේ රිද්ම
හාදු වැස්සක තෙමී
කොපුල්තල තෙත්කර අළුත ගෙනා මනාලිය
තවමත් විළිබර.... අරුණලු උදයක
පෙරා හිරු කිරණින් සුගන්ධය දැනෙනවා
හාත් පස කුසුමයෙන්
නැඹේ මල් පූදින්නේ බඹරුන්ට අවසරෙන්
වරා මල් පාවී ගියා... ගත දැවටි විළියෙන්..

- මධුෂිකා -
මුතු තරු

මූදු පතුල කලඹා
මුතු ඇට සොයලා...
තරු පොකුරෙන් තරු
එක දෙක අමුණලා...
හිරු සඳුගේ උණුසුම සිසිලස විදලා...
හිනැහෙමු දුවේ සැමටම සෙනෙහස පාලා...
හැඬුම් හඬින් රතු ලේ ටික
කිරි වු එක හරි පුදුමයි...
හිනැහි හිනැහි දඟලනකොට
මන පිරුණා එය සත්තයි...
හැඩ වැඩ ඇති යෞවනියේ
ඔබ මාගේ පණ කෙන්දයි...
ජීවිතයට ජීවය දුන් දූ
සිඟිත්ත සඳ පහනයි ...
ලාහිරු මඩලෙන්
උණුසුම ලබාගෙන...
සඳ කොමලියගෙන්
සිසිලස උරාගෙන...
කෝපි මලේ සිරි සිරියෙන් රඟදෙන...
සිනාකිකිණි හඬ
දසතේ සිසාරන...
සුදු දෝණි.... අපේ පණ
නල ඔබ ලගමයි...

- ඇන්ජලා පැල්පොළ -
හොයන් පද අරුත්
- සුමැ -
දොවොල හැර දෙවියන් ගිහින!!?

සුවඳ දුම් පුරවලා බුදු කුටිය ගිනි තියා
මුදලාලි මා සොයා මේසෙ ළඟ පෙරලිලා
හාල් පොල් මිල වැඩියි
අල ලූනු හැංගිලා කුසේ ගිනි ඇවිලිලා
මා සොයා ගෙන ඇවිත් මුදලාලි යදිනවා
බේර ගන්නට කියා දඬු මුගුරු ගත් එවුන්
දෙස් තියයි මහ හඩින් වෙළඳ පොළ පීරමින්
ඔවුන් මා හොයනවා
මේ ලෝකෙ ඉඩක් නැති දෙව් ලොවෙත් තැනක් නැති
මං කොතැන සැඟ වෙම්ද තැනක් මං හොයනවා

රත්නා කහඳගමගේ
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈ ආදරය
පාවෙන වලාකුළු අස්සේ
මහලු හිරු හැංගුණා වේ
හිම සළු පෙරවුණ අඳුරු දැවටුමේ
දෝර ගලන ආදරයක් කරාමය ළඟ හේදුණාවේ
සීනිද්ද නිදිකුම්බා පාට දෙකක මල්
ළෙන්ගතු සුවඳ දිදී ගොම්මනේ නැළවුණාවේ
පිනි කඳුළු පිපාසිත තණ බිස්ස මතින්
සෙනෙහෙ පිරුණු ආදරයක් හමුවුණා වේ
සංසාරයෙ ඇවිදින දා බවයෙන් බවයට
දියදම් දිනිතිය රුව වඩනා සෙනේ පිරුණු ආදරයක්
හමු වුණා වේ. ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
 
            