සිත්තම..

සිත්තමට පෙමි කෙරුව හදවතට ළඟ ඉදන්
මං පැතුවේ නුඹ ඵක්ක ළංවෙන්න දුර ඉදන්
ඵක් වෙන්න බැරිකමට
තෙලිතුඩට හදවතින් ගවි ගණන් දුර මැන්නා
සිහින පොත ළග තියන් ඇයි තවම නෙතු අගින්
මා සෙවිවේ නැති තරමි නුඹ සොයන හුස්ම ළඟ
මා ඉදිමි රැය ඉදන්

- ශ්‍යාමලී ගමගේ -
දකිම් සිට ඈතින්
චිතකයෙන් 
අහසට පිටවන දුම්
මැවූ ඇගෙ සිනාව
වලාකුළු නැවකින් ගෙනගිය හැටි
ඈතින් සිට දකිමි

- නලිනි ද සිල්වා - කළුතර
වරෙං පුතේ එක දවසක්

සමහර දරුවෝ ඇවිදින්
පින් පතමින් සතුට බෙදනවා
අම්ම තාත්තා බලමින්
තෑගි බෙදනවා
තෑගි ඒපා මට නම්
එක දවසක් මෙහෙට ඇවිත්
මහ ගෙදරට මං එක්ක යන්න
නෙතේ කඳුළු හංග ගන්න
පුංචි උදව්වක් කරන්න
ඇවිදින් පලයං පුතුණේ

- රත්නා කහඳගමගේ -
ඒ කුඩා රෝස පඳුර!?

මේ මෙතැන තිබුණු ඒ කුඩා රෝස පඳුර
කාලය කුඩා කරමින් මා දෑස් අබියස
මවා සිනමා ලොවක් දසත වැඩි ඒ කඩා රෝස පඳුර
දිනක් තණකොළ කපන්නකු ගේ
කගපත් පහරකට කැපී වැතිර තිබුණා
මහද උයනක් බවත් කුඩා යැයි නම් ලද
ඒ රෝස පඳුර විසල වූවක් බවත් මට එදා තදින් දැනුණා.දැන්
මහවේ දෙපස රෝස මල් නම් කොපමණ
කුඩා පැළ ළදරුවකු යහමින් හදාගත හොත් පධුරක් දකිනු නොහැකි ද?
මිතුරු ඇවිටිලි එමට
 
- නජිලා අධිකාරි - පුත්තලම
 
            