උණුසුම් පුවත්දේශපාලන

සැමට ජයක් ගෙන දෙන සජිත් ගේ ප්‍රතිපත්ති මෙහෙමයි

ගෞරවණිය ස්වාමින් වහන්ස, පූජ්‍ය ප්‍රසාදී උතුමනි,
මා හිතවත් ශ්‍රී ලංකාවාසී පුරවැසියනි,
අපේ රටේ දේශපාලන ගමන් මගේ තීරණාත්මක සංධිස්ථානයක් මතුවී තිබෙන මේ අවස්ථාවේදී
අපේ රට දැනට මුහුණපා සිටින දුර්භාග්‍ය තත්වයෙන් මුදාගෙන රට අරමුණක් සහිතව යහපත් ආකාරයට වෙනස් කිරීම උදෙසා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේකශක සජිත් ප්‍රේමදාස වන මම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබ වෙත ගෞරවයෙන් ඉදිරිපත් කරමි.

සමගි ජන සන්ධානය යනු නව දේශපාලන බලවේගයක් වන අතර සමාජ යුක්තිය පදනම් කරගනිමින්
සමාජ වෙළඳපොල ආර්ථිකයක් ඔස්සේ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ඉදිරි දර්ශනයක් අප සතුව
තිබේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් යනු සෑම පුරවැසියකුගේම හඬ නිසි ලෙස ඇසෙන පරිදි යුක්තිය රජයන
පාලන ක්‍රමයකි, රාජ්‍යයකි. ඒ අනුව අපගේ ආර්ථික සැලැස්ම හුදෙක් ආර්ථික වර්ධනය පිලිබඳ සංඛ්‍යා දත්ත
කෙරෙහි පමණක් විශ්වාසය තබන්නක් නොවේ. එය සමාජයේ සෑම අංශයකටම ප්‍රයෝගිකව සහ භෞතිකව
ලඟා කරගත හැකි සෞභාග්‍යයක් අත්පත් කරදීම ඉලක්ක කරගත් වැඩසටහනකි. අපි, ශ්‍රී ලාංකික සමාජයේ
කිසිවෙකු අත් නොහැරෙන පරිදි සමානාත්මතාව පිලිබඳ ගැඹුරු කැපවීමකින් යුක්තව නිදහස් වෙළෙඳපොල
ආර්ථිකයක ශක්තිය උකහා ගනිමින් නම්‍යශීලි සහ සර්වග්‍රාහී ආර්ථිකයක් නිර්මාණය කරන්නෙමු.
අපගේ ඉදිරි දර්ශනයේ තවත් විශේෂ අංග ලක්ෂණයක් වන්නේ දුෂණයට එරෙහිව සටන් වැදීමයි.
අපගේ පුරවැසි ජනතාව මංකොල්ලකෑමට ලක් කරමින් රාජ්‍ය තන්ත්‍රය පිලිබඳ තිබූ විශ්වාසය පලු‍ දු කරමින්
අවසාන වශයෙන් මුළු රටම බංකොලොත් කිරීමට හේතු වී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ
පිළිකාවක් සේ උඩුදුවා ඇති දුෂණයයි. අනාගතයේදී බිහිවන සමගි ජන සන්ධාන රජයක් විසින් අත්‍යවශ්‍ය
ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් රාජ්‍යයේ සෑම අංශයකම විනිවිදභාවය සහ වගකීම තහවුරු කරමින් දුෂණය
මුලිනුපුටා දැමීමට කටයුතු කෙරෙනු ඇත.
සෞභාග්‍යය කරා අප යන ගමනේදී අධ්‍යාපනය, සෞඛ්‍යය හා නිවාස නංවාලීම සඳහා අපි විශේෂ
අවධානයක් ලබා දෙන්නෙමු. දැනට බොහෝ ගැටළු වලට මුහුණපා ඇති සෞඛ්‍යය අංශය එයින් මුදා ගෙන
සෞඛ්‍යය අංශයට අයත් වෘත්තික හා තාක්ෂණ සම්පත් ආරක්ෂා කරමින් ශක්තිමත් ජාතියක් නිර්මාණය
කිරිමට සෞඛ්‍යය අංශයේ සාර්ථකත්වය ඉහලින්ම ලබා ගැනීමට කටයුතු යොදන්නෙමු.
ශාස්ත්‍ර දැනුම සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ දියුණුවට දායක වන අයුරින් ද තරඟකාරී ලෝකයට
ගැලපෙන මානව සම්පත් වර්ධනය කිරීමේ අරමුණ සහිතවද අධ්‍යාපන අංශයෙහි ලා විශාල ඉදිරිගාමී
ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙන්නෙමු.
ඓතිහාසික වශයෙන් ගත් කළ වුව ද තනි තනි පුද්ගලයන් විසින් දියුණු කළ රටවල් නැත. දියුණු වූ
සෑම රටක්ම එසේ වී ඇත්තේ සාමූහික උත්සාහයන් තුළිනි. සෑම අංශයකම කුසලතාපුර්ණ, පළපුරුදු සහ
ප්‍රායෝගික ගුණය විහිදුවන හා විවිධ ක්ෂේත්‍ර වලට නායකත්වය දියහැකි දේශපාලන නායක කණ්ඩායමක්
සමගි ජන සන්ධානය වටා අපි ඒකරාශී කරගෙන ඇත්තේ එබැවිනි.ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාලව මතු වී
තිබෙන අභියෝග මෙන් ම අවස්ථාවන් පිළිබඳව මේ පිරිස සතුව ඇති ගැඹුරු අවබෝධය මෙම ප්‍රතිපත්ති
ප්‍රකාශනයේ ඉලක්ක සාධනය කර ගැනීම සඳහා මහත් පිටුවහලක් වනු ඇත.
සමගි ජන සන්ධානය යනු තවත් එක් දේශපාලන පක්ෂයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සැබෑ ශක්තිය
හඳුනාගෙන යුගය විසින් ඉල්ලා සිටින වෙනස්කම් සාධනය කිරීමේ ශක්‍යතාවෙන් යුතු මේ යුගයේ සැබෑ
ජනතා බලවේගයයි. මේ ජනාධිපතිවරණයේ මා ඔබෙන් ජන වරමක් ඉල්ලා සිටින්නේ හුදෙක් මා සඳහා
නොව, වඩා ශක්තිමත්, සාධාරණ, සහ සෞභාග්‍යය සම්පන්න රටක් ගොඩනැගීම සඳහා ඔබ අප
සැමගේම ශක්තිය ඒකරාශී කර ගැනීමේ සද්කාර්යයක් වශයෙනි. අපි සැවොම එක්සත්ව, එක්සිත්ව එක්ව
අපගේ ආදරණිය මවුබිම වන ශ්‍රී ලංකාව සෞභාග්‍යය මාවතේ ඉදිරියටම පියමන් කරවීම සඳහා කැප වී
කටයුතු කරමු.
ස්තුතියි.
මෙයට විශ්වාසී,
සජිත් ප්‍රේමදාස
නායක - සමගි ජන සන්ධානය

පිටු 36 ක් ඔස්සේ  'සැමට ජයක්' සජිත් මහත්තයගෙප්‍රතිපත්ති ප්‍රකාශය  ද අනෙක් වැඩකාරයින් ගේ හෙවත් ප්‍රධාන අපේක්ෂකයන් සේ අපේ මනාපෙන් රජගෙදර වාසයට වරම් ඉල්ලන ජනපති රනිල්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර, පොහොට්ටුවේ අපේක්ෂක නාමල් රාජපක්ෂ වගේ ම පාර්ලිමේන්තුවේ පස්පාගලා නැති මව්බිම පක්ෂයේ නායක දිලිත් ජයවීර යන ප්‍රතිවාදීන් ජනගත කරැති ඔවුන් ගේ පොරොන්දු පත්තර වගේ ම ඉතා ලස්සන ය. හැඩ ය. රමණී ය ය. කමණීය ය. ඇස් රවට්ටන සුලු ය.

තවමත් සජිත් ගේ සැමට ජයක් පොදු මහ ජනයා අතට පත්වී නැත. බොහෝ විට හෙට දොහේ විතර ජනතාව අතට පත්වේවි.

කොහොම වුණත් සජිත් ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් අනෙක් ප්‍රතිපත්ති පොරොන්දු පත්තර වගේ ම නෙත්කලු ය. සිත්කලු ය.

ඔය ඇත්තන් ඒ වෙනුවෙන් වැය කරන ලද සල්ලි කන්දරාව ගැන හිතා ගන්න බැරි තරමි. ඒ තරමට ම අනර්ඝ ය. අද දවසේ මුද්‍රණ වියදම් දිහා බලන කළ ඉතින් ලක්ෂ ගණනක් මෙව්වට වියපැහැදම් කරන එකත් ලේසි පාසු වැඩක් නෙවේ. අප මේ කියන්නේ සජිත් මහත්තයා විතරක් විත්ති කූඩුවට නග්ගනවා නෙවේ. හැම අපේක්ෂකයා ම එකම විදියට ප්‍රතිපත්ති කියන්න මෙහෙම වියදම් කළත් අර පහුගිය කාලේ පැට්‍රෝල් ගන්න විදිහක් නැතිව, ගෑස් ගෙන්නන්න ඩොලර් නැතිව හිටපු කාලේ කෝටි ප්‍රකෝටි ගාණින් ලොස් නැතිව මෙහෙම අද වියදම් කරන මිනිසුන් හය හත් දෙනා රටට ජනතාවට ආදරයක් ඇල්මක් තිබුණා නං ඉතින් තෙල් නැව් කොළඹ වරායේ පිට මුහුදේ නතර කරන් දවස්, සති ගණන් ප්‍රමාද ගාස්තු ගෙවන්නට සිද්ධ වෙන්නේ නෑ නෙවැ.

ඒත් ඉතින් අහිංසක කොල්ලන් කෙල්ලන් දාස් ගණනින් ලස්ස ගණනින් ගෝල්පේපේස් ගෙන්නන් එළි රෑ වෙන කනුත් රෑ එළි වෙනකෙනුත් මාස ගණනාවක් හිටිද්දි ඇස් කන් නැති ගොළුවන් බිහිරන් සේ හිටිය හැටි මතක් වෙන කොට නං මොවුන් ගේ අපට තියෙන ආදරේක තරම මොනවට පෙනෙනව‌ා ය.