උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව

සිංහල භාෂා දින සැමරුම

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී ‌හෙ‌ට

සෑම වසරකම මාර්තු මස 02 වන දිනට යෙදෙන  සිංහල භාෂා දිනය සැමරීම සඳහා රාජ්‍ය භාෂා
දෙපාර්තමේන්තුව  විසින් සංවිධානය කරනු ලබන සැමරුම් දින උත්සවය, අධිකරණ සහ ජාතික
ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම උත්සවයේ ප්‍රධාන ‌දේශන  ‘සිංහල භාෂාව හමුවේ ඇති වර්තමාන අභියෝග' තේමා කර
ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ  ජ්‍යේෂ්ඨ  මහාචාර්ය  සඳගෝමී කෝපරහේවා මහතා විසින් සිදු කෙරේ.

දින :- 2025 මාර්තු 04 (හෙට)
වේලාව :- පෙ.ව. 9.30
ස්ථාන :- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී