සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ සුමුදු චතුරාණි ජයවර්ධනගේ 'රන් සුනු' ශාස්ත්‍රීය කෘතිය පිළිබඳ සහෘද කතාබහටයි.
ඔක්තෝබර් 11 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.
මෙම කෘතිය පිළිබඳ කතාබහේදී මහාචාර්ය ප්රණීක් අබේසුන්දර,
සේපාලී මායාදුන්නේ,
මනෝරම වීරසිංහ
සහ
ජයසිරි අලවත්ත
ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි.
මෙවර පැවැත්වෙන 84 වැනි සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ පැතුම් පුංචිහේවා විසින්.
විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'රන් සුනු' ශාස්ත්‍රීය කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.
'රන් සුනු' ශාස්ත්‍රීය කෘතිය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!
එදිනට විශේෂ වට්ටමක් සහිතව 'රන් සුනු' කෘතිය මිලදී ගන්නත් ඔබට හැකියි.
එහෙනම්, ඔක්තෝබර් 11 වැනි සෙනසුරාදා හමුවෙමු.
The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ. එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි.