චම්මිගේ වෙසඟ මහේ සිතුවිල්ලක්
සොභා දහමට නොවී අවනත රැඳෙන්නට හැකි යමක්
ඇතැයි මෙතෙක් සොයා ගත්තා යැයි අසා තිබුණිද ඔබ?
පරිසරය කියන්නේ නොවේමැයි පමණක්ම ගහකොළ.
මේ මිහිපිට රඳනා සියලු දේ වසනා සියලු සතුන් සේම නොපෙන බලවේගත් නොවේද පරිසරය.
මිනිසෙකු ජයගත යුත්තේ එම පරිසරය විනා හිතේ ඇති නොපිරි ගතිය විසින් බිහි කරනු ලබන මනස්ගාත අනුව දොඩවන කටමැත දෙඩවීම් නොවෙනු ඇත.
මුළු ලොවටම සිතන්නට ජීවන දර්ශකයක්,
මාර්ග සිතියමක්,
පාලනීය දහමක්,
මිනිස් බැඳීමක්
සොභා දහමට නොවී අවනත රැඳෙන්නට හැකි යමක්
ඇතැයි මෙතෙක් සොයා ගත්තා යැයි අසා තිබුණිද ඔබ?
පරිසරය කියන්නේ නොවේමැයි පමණක්ම ගහකොළ.
මේ මිහිපිට රඳනා සියලු දේ වසනා සියලු සතුන් සේම නොපෙන බලවේගත් නොවේද පරිසරය.
මිනිසෙකු ජයගත යුත්තේ එම පරිසරය විනා හිතේ ඇති නොපිරි ගතිය විසින් බිහි කරනු ලබන මනස්ගාත අනුව දොඩවන කටමැත දෙඩවීම් නොවෙනු ඇත.
මුළු ලොවටම සිතන්නට ජීවන දර්ශකයක්,
මාර්ග සිතියමක්,
පාලනීය දහමක්,
මිනිස් බැඳීමක් බුදුන් වහන්සේ ලබා දුන්නේ ඒ පරිසරය අවබෝධ කරගැනීමෙනි.
ඒ නිසා උන්වහන්සේගේ සොයා ගැනීමෙන් වහනය වෙන්නේ මේ පරිසරය පුරා පැතිර ඇති සතුට හා ජීවනයේ සුවඳයි.
අපි අද එම සොයා ගැනීම පවා නොතකා සිටීමෙන් කාටත් වඩා නිදහස් චින්තනයක් පල කරන්නේ යැයි කීම ම තම තමන්ගේ හෙළුව පූර්ව දැන්වීමක් දමා බලන්නට කීමක් වැන්න.
එසේ වූ අය අතරමං වූ සමාජය දකින්නේ නව සමාජයක 'කස' කරුවන් වශයෙනි.
එහෙත් අඩ සිය වසක අවබෝධයෙන් යුතුව පසුකළ ඉතිහාසය දෙස බලද්දී මට හිතෙන්නේ ඔවුන් තවම පෙරහැර අරඹා හෝ සූදානම් හෝ වී නැති වගකි.
මෙසේ කස වැනූ සමහරු අතර මං වූහ.
සමහරු ආරක්ෂා නූල්වලින් අත් බෙලි හා ඉගටිය හිර කර ගත්හ.
මේ සියල්ල සමග මා දකින්නේ කසය බෙල්ලේ එතී ගිය වර්තමාන අහේතුඵල වාදීන් ය.
'අවසාන' ඇත්තේ එකකි. එහෙත් ලංකාවේ ඇතැම් කතුවරුන්ට "නිවන" 1,2,3,3,4,5,6 ආදී වශයෙන් ඇත්තා සේ මෙරට දේශපාලුන්ටද මැතිවරණයේ තීන්දු ගැනීමට 'ජාතියේ අවසාන 'එකට වඩා ඇත.
ඔවුහු මේ අවසානය යැයි කියමින් ඉන් එගොඩ වී මහා සාගරයේ මළකුණක් මත වැසූ කපුටන් මෙන් මෙය බුදිමින් සිටී.
මේ නිසාම පරිසරය විසින් මීට පෙර අපට කීපවරක්ම දඬුවම් දුන්නේ නිරතුරු හැඟවූ අනතුරු නොසලකා හැරීම නිසාය.
අදත් මේ සිදුව පවතින්නේ එයම නොවේද?
කිසිදාක බණක් නොකියූ උපාසකයෙකු හැම බණකම දුටුවේ වරදක්මය. ඔහු ඉන් ගත යුත්ත නොගත්තේ ය. ගන්නා අයටද එය අවහිර කළේ ය. අවසානයේ ඔහුට කිසිදු වරදක් කීමට නොහැකි වූ දම් දෙසුමක් අසා කීවේ,
" බණ නම් හොදයි ,ඒත් සෙම ටිකක් වැඩියි" කියාය.
අපි වර්තමානයේ දී දකින්නේත් ,
අසන්නේත් මෙවැනිම වූ ශ්‍රාවකයන්ගේ දේ නොවේ ද?
කිසිවෙකු කෙටි කල්පනාවෙන් හා අන්ධ නැඹුරුව නිසා සියඹලා තිබුණේම නැත්දැයි ඇසිය හැකිය.
නැත්තේම නෑ තිබෙනවා.ඒත් ගොරකා වෙනුවට සියඹලා තැබීම ප්‍රමාණවත් නොවේ.
ඒ නිසා ගැසූ කසයේ හඬට පෙරහැර නොගියොත් කොටන් ඇඳි මිනිසුන් අතරමගට කර තබා ගත් කොට පෙරළිය හැකිය.
අවශ්‍යවන්නේ ආපසු හැරීම නොව ඇවැසි කටයුතු නොපවාම කිරීමය.
එසේ නොමැති නම්, සමහරවිට යහපාලන කාරයින් "භාරත් " සිනමා පටය භාගෙට බලා වැඩ කරන්න ගොස් මහමග විනය (Traffic Discipline ) හදන්නට ගොස් ඇණ ගත්තා වගේ නොවිය හැකිද?
බහුතරයක් දෑස් දල්වා බලා ඉන්නේ මේ පරිසරය යහපත් වෙනතුරුය. ඔවුන්ගේ පැතුම එයයි.
එය එසේ නොවන්නට නොවන අවනත කිසි දෙයක් මේ පරිසරය සුරකින්නේ නැති සේම සියල්ල නැති වී යා නොහැකි ද?
"සොභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ"
දිවුල්ගනේගේ මධුර හඬ දුර ඈතකින් මා කළණ මිතු පල්ලේගම හේමරතන හිමියන්ගේ පද යළි යළි මුමුණනු ඇසේ.
චම්මින්ද වෙලගෙදර .
16-05-2025.