උණුසුම් පුවත්කාලීනදේශපාලන හරිනි අගමැතිනිය සේ දිවුරුම් දෙයි 2024-09-240 අගමැතිනිය හරිනි අමරසූරිය අගමැති පුටුව හෙබවන අපේ රටේ තෙවන කාන්තාව යි අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඔහු ගෛ් පාලනය යටතේ පත් කරන ලද අගමැතිනිය, පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය යි. මෙ රටෙන් බිහිවුණු තුන්වන අගමැතිනිය සේ ගෞරවය දිනා ගන්නේ හරිනි අමරසූරිය ආචාර්යවරිය යි. ඈ අද අගමැතිනිය සේ අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නී ය. හරිනි අමරසූරිය මෙනෙවිය ජන්මලාභය ලබන්නේ 1970 මාර්තු 6 දා ය. ඇය ශ්‍රී ලාංකික කාන්තා අයිතිවාසිකම් ක්රියාකාරිකයෙි, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. දේශපාලන ක්රියාකාරිකයෙකි. ශ්‍රී ලංකාවේ 16 වැනි අගමැතිවරිය ලෙස සේවය කරයි. ජාතික ජනතා බලයේ සාමාජිකාවක වන ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අගමැතිවරිය පමණක් නොව අඅධිකරණ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන, කම්කරු, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ, කාන්තා ඝමා හා තරුණ කටයුතු, ක්‍රීඩා, වෙළඳ හා වානිජ, සමූපකාර සංවර්ධන,කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ද භාර ඇමතිවරිිය යි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පාර්ලිමේන්තුව අද රෑ විසුරුවා ? Next Article විජිත හේරත්ට අමාත්‍යාංශ ගණනාවක්