උණුසුම් පුවත්දේශපාලන ‘හිමාලයා’ ප්රකාශනයක් ක්‍රියාත්මක කරන්න චීවරධාරීන් සෙට් එකක් ‘ට්‍රයි’ කොරනව ලූ 2024-11-230 සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනපති අනුර ගේ ප්‍රකාශය ජයන්ත සමරවීර අගේ කරයි ඊළාම් ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් “දන් වළඳන” ඊනියා භික්ෂූන් කිහිපදෙනකු දැන් 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම, රණවිරු දඩයම, උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම හා තීව්ර කිරීම ද හමුදා දුර්වල කොට, දුර්මුඛ කිරීම අරමුණු කරගත් “හිමාලයා ප්රකාශනය” නම් වූ ව්‍යාපෘතියක් ජාතික සමගියේ මුවාවෙන් ජනාධිපතිවරයාට භාරදීමේ උත්සාහයක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කියයි. සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ ‘අවධාරණය’ බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ මොරටුව නගර සභාවේ හිටපු මන්ත්‍රී සුරේෂ් ඉන්දික, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ යන මහත්වරු ද එක්ව සිටියහ. ජාතික ජන බලවේගයට ලැබුණු ජනවරම ජාතිවාදයට පමණක් නොව එහි විසකුරු ප්රකාශනයක් වන බෙදුම්වාදයට ද විරුද්ධ ජනවරමක් බව උතුරේ ජනතාව මැනවින් සනාථ කර ඇති බවත් ඊට හොඳම නිදසුන වන්නේ උතුරේ ජනතාව විසින් ප්‍රකට දෙමළ බෙදුම්වාදියෙකු මෙන්ම ඊළම තම එකම සිහිනය බවට පත් කරගත් එම්. ඒ. සුමන්තිරන් මෙවර මැතිවරණයෙන් ගෙදර යැවීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක මැතිවරණ ප්‍රතිඵල අනුව සකලවිද ආගමික අන්තවාදයන් ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පෙනී යන බවත් රවුෆ් හකීම් වැනි ආගමික අන්තවාදී මහජන නියෝජිතයන් මෙවර පාර්ලිමේන්තු මනාප කඩඉම පසු කර ඇත්තේ ඉතා අපහසුවෙන් බවත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. නමුත් ඊළාම් ඩයස්පෝරාව, ජාතික ජන බලවේගයට ලැබුණු ජනවරම වැරදි ආකාරයට අර්ථගන්වා තම බෙදුම්වාදී අරමුණු සපුරා ගැනීමට එය “ඉනිමඟක්” කර ගැනීමට උත්සාහ කර ගනිමින් සිටින බවට ඒ මහතා මෙහි දී අනතුරු ඇඟවූයේය. ඒ බව ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණයට ජනාධිපතිවරයාට සුබ පතමින් “කැනේඩියානු දෙමළ කොංග්‍රසය” යොමු කළ සුබ පැතුම් ලිපියෙන් මනාව පැහැදිලි වන බව ද සමරවීර මහතා කීය. එම ලිපියේ සඳහන් ඉල්ලීම් අතර පොලිස් බලතල සහිතව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම, බෙදුම්වාදය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුරු නැගෙනහිර විහාරස්ථාන සංවර්ධනය සහ ආරක්ෂා කිරීම නතර කිරීම වැනි දෙමළ බෙදුම්වාදී වුවමනාවන් ඇතුළත් බව ද සමරවීර මහතා වැඩිදුරටත් කීය. එසේම ඊළාම් ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් “දන් වළඳන” ඊනියා භික්ෂූන් කිහිපදෙනකු දැන් 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම, රණවිරු දඩයම, උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම හා තීව්ර කිරීම ද හමුදා දුර්වල කොට, දුර්මුඛ කිරීම අරමුණු කරගත් “හිමාලයා ප්රකාශනය” නම් වූ ව්‍යාපෘතියක් ජාතික සමගියේ මුවාවෙන් ජනාධිපතිවරයාට භාරදීමේ උත්සාහයක නිරත වන බව ද මහතා අනාවරණය කළේය. මාධ්‍ය ඒකකය ජාතික නිදහස් පෙරමුණ Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ Next Article නියෝජ්‍ය ධීවර ඇමති රත්නට මහ සඟරුවනේ ආශිර්වාදය