ආර්ථිකඋණුසුම් පුවත්පරිසරය

හුළං බලමෝල අත්ඇර අදානි ආපහු යන්න හදනවා

ඒ වුණාට සාකච්ඡාවකට විවෘත යි

සුළං විදුලි බලාගාරයක් උතුරේ මන්නාරමේ ඉදිකිරීම සඳහා ඩොලර් මිලියනයක් ඩොලර් කෝටි 100 ක ඉදිකිරීමට සැරැහී හුන් ඉන්දියාවේ දැවැන්තම ප්‍රකෝටිපති අදානි සමාගම  එය අත්හැර පෙරළා ඉන්දියාවට යන්න තීරණය කර ඇතැ යි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

උතුරු ශ්‍රී ලංකාවේ මතභේදාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් බදාදා (පෙබරවාරි 12, 2025) Adani Green ඉවත් වූයේ, ප්‍රදේශවාසීන් අතර නොනවතින කනස්සල්ල සහ එහි අනුමැතිය සහ විභව පාරිසරික බලපෑම පිළිබඳ නීතිමය අරගලයක් මධ්‍යයේ  බව  ද  හින්දු පුවත්පත (The Hindu) වැඩි දුරටත් දක්වා ඇත.
 තම ඉවත්වීම ගැන අදානි සමාගම  ආයෝජන මණ්ඩලය වෙත දන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන්ව  දුරටත් සාකච්චා සදහා ඔවුන් වීවෘත බවක් ද පවසා ඇත්තේ ය.
Adani Green හි උතුරු ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතිය 2022 දී ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් අනුමත කරන ලද අවස්ථාවේ සිට තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව අරඹන්නට පියවර .ගැනීම ගැන සමාජයේ විවිධ කතාබහට ලක්ව පැවතුණි.