චාම් උත්සවයක්.- සරලයි - ගාම්භීරයයි
ශ්‍රී ලංකාද්වීපයේ නමවැනි රාජ්‍ය නායකයා හෙවත් ජනාධිපතිවරයා සේ මහජන වරම් ලද ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (2024. 09. 23) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඉතා සරල වූත්, චාම් වූත්, ඒත් ප්‍රතාපවත් වූත්, උත්සවයක් පවත්වමින් සිය ධූරයේ වැඩ ඇරඹී ය.
අගවිනිසුරු ජගත් ජයසූරිය මහතා හමුවෛ් ජනාධිපති තනතුරේ කාර්ය
වින් ඉටු කරන්නට ඇප කැප වන බව දේශවාසීන්ට මෙන් ම විදෙස් හි ජනයාට ද ඇහන සේ සිය දිවුරුම දුන් හෙතෙම අනතුරුව ඉතා සරල බසින් සිත් ගන්නා අයුරින් ඒත් ගාම්භීර හඬකින් ජනයාට සිය කෘතවේදීත්වය පළ කළේ ය.
මේ ඒ අති වැදගත් මොහොතයි.