මියන්මාර් රජයෙන් පිරිනමයි
මියන්මාර් රජය ආචාර්ය අකුරුටියේ නන්ද නාහිමියන් ට අග්ගමහාපණ්ඩිත ගෞරව නාමයෙන් පුදනු ලැබේ.
මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාරයීය පාර්ශවයේ කීර්තිමත් සංඝ පරම්පරාවක් වූ තොටගමු සංඝ පරම්පරාවේ ජ්‍යෙෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ද, ගාල්ල විද්‍යාලෝක විහාරය ඇතුළු විහාරගණයෙහි විහාරාධීෂ්වර, සිංහල ශබ්දකෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ,පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, මහාවංස සම්පාදක මණ්ඩලයේ සභාපති ධුරන්දර, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පරිවෙණාධ්‍යක්ෂක, රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්දර, කොළඹ නවතොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, දර්ශන විශාරද ධර්මකීර්ති ශ්‍රී ආචාර්ය අකුරටියේ නන්ද මාහිමිපාණන්වහන්සේ වෙත මියන්මාර් රජය විසින් අග්ගමහාපණ්ඩිත ගෞරව නාමය පුද කළ බැව් නිල වශයෙන් නිවේදනය කළ බව භක්ත්‍යාදරයෙන් යුතුව ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන් හට දන්වා සිටි.
සම්බුද්ධ දේශනාව ප්‍රචාරය කිරීමෙහිලා මෙන්ම සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම උදෙසා අතිශය ප්‍රශස්ත කර්තව්‍යයක් ඉටු කරන ලද පැවිදි උපසම්පදාවෙන් සතලිස් වසක් සම්පූර්ණ කරන ලද මහතෙරවරුන් උදෙසා මියන්මාර් රාජ්‍ය සංඝ අනුශාසනාවෙන් මියන්මාර් රජය විසින් මෙම ගෞරව නාමය පිරිනමනු ලබයි.
අතිගෞරවාර්හ අග්ගමහාපණ්ඩිත අකුරටියේ නන්ද මාහිමිපාණන් වහන්සේට තවත් ශතවර්ෂාධික කාලයක් ලෝක ශාසනික,ශාස්ත්‍රීය මෙහෙවරෙහි නිරත වන්නට රත්නත්‍රයාශීර්වාද බලමහිමයෙන් ශක්තිය ධෛර්යය හා කායික මානසික සුවතාවයත් සැලසේවා ' යි පාදාභිවන්දනය පෙරටු ව මෙයින් ආශංසනය කරන්නෙමු.