ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන අකුරේගොඩ ද්විත්ව ඝාතකයින් ගැන තොරතුරු දෙන්න – ශ්‍රී ලංකා පොලිසිය මහජන සහය පතයි 2026-02-140 දඩයක්කරුවන් හඹා පොලිස් කණ්ඩායම් 10 ක් බත්තරමුල්ලේ අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳ සලක රථගාලේ දී ඊයේ සවස නීතිඥවරයකු හා ඔහුගේ බිරිය වෙඩිතබා මරා දමන ලද පාතාල වෙඩික්කරුවන් දෙන්නා ගැන තොරතුරු හොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි. මේ ද්විත්ව මිනීමැරුම කළ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවීමට විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත පරීක්ෂණ ආරම්භ කර ඇත. මෝටර් රියකින් පැමිණි වෙඩික්කරුවන් දෙන්නා ටී 56 වර්ගයේ ස්වයංක්‍රිය ගින අවියකින් හා පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර එල්ල කරන ලද්දේ සිය මෝටර් රියෙහි ඉදිරි අසුන් ගෙන හුන් නීතිඥවරයාට හා ඔහුගේ බිරියට යි. මේ සාහසික අපරාධය කරන අයුරු දැක්වෙන CCTV රූප රාමු පොලිසිය විසින් රැස්කර ගෙන ඇත. සිය ඉලක්කය සපුරා ගත් වෙඩික්කරුවන් හෝමාගම, පොතු අරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇති බව පොලිසිය කියයි. මෙම මාර්ග වල ඊයේ පස්වරු පහෙන් පසු ගමන් ගත් රථවාහන වල සවිකර ඇති කැමරා පද්ධතිවල (Dash Camera) මෙම ඝාතකයින් පැමිණ ඇති බවට සැකකරෙන අංක EP KI-7738 දරණ කාර් රථය ගමන් කරන ආකාරය සටහන්ව තිබිය හැකියැයි පොලිසිය විශ්වාස කරයි. EP KI-7738 අංකයෙන් යුත් රියෙහි දර්ශන තම වාහනයේ කැමරාවල පටිගත වී ඇත් ද යන්න පරීක්ෂා කර බලා එවැනි දර්ශන ඇත්නම් නම් නොපමාව ඒ බව පහත දැක්වෙන දුරකතන හරහා දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව - 071 8598008 අධ්‍යක්ෂ/ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය - 071 8592279 යන දුරකතන ඔස්සේ මීට අදාළව දෙන තොරතුරුවල රහස්‍යභාවය රකිනා බව පොලිසිය පොදු ජනයාට පවසයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විදුලි ගාස්තු 13.56% කින් වැඩි කරන්න විදුලිබලේ ඉල්ලයි