උණුසුම් පුවත්දේශපාලන

අගමැතිනියගෙන් නලීන් හේවගේ නියෝජ්‍ය ඇමතිට දොස්

වැරැද්දක් වුණොත් ඒක වෙනස් කරන්න අපි මැදිහත් වෙනවා

පාර්ලිමේන්තුවේදී වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් රෝහිනි කවිරත්න මහත්මියට  කරන ලද අපහාසාත්මක ප්‍රකාශය ෙකෙරහි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අදහස් පළ කළා ය. සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරියකි.

'‘මම හිතන්නේ ඒක සුදුසු නැහැ. මම ඉතාමත්ම සතුටුයි නලින්ද ජයතිස්ස ඇමතිවරයා වහාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක නිවැරදි කරන්න ඔහු මැදිහත් වුණා. එක ගැන  මම  සතුටු  වෙනවා.

අපේ ආණ්ඩුව පැත්තෙන් මොකක් හරි වැරැද්දක් වුණොත් ඒක වෙනස් කරන්න අපි මැදිහත් වෙනවා කියන එක ඔහු  පෙන්නුම් කළා. එකෙන් පෙන්නුම් කරනවා 

"ඉතින් වැරදි වෙන්න පුළුවන් . නොවිය යුතු දේවල් අපෙන් වෙන්න පුළුවන්. අපේ කෙනෙක් කියලා ඒ වැරදි දේ හරි කියලා කියන්න අපි උත්සහ කරන්නේ නෑ.සිද්ධ වෙච්ච දේ එහෙම නොවුණා  නම්  හොඳයි"

අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවාය.