බද්දේගම, අම්පෙගම, ගුරුසිංහගොඩ උපත ලද ඔහු වාමදේශපාලනයේ පූර්ණකාලීනයකු සේ හිඳ දිවිගමන නිමා කළේ ය.
අභාවප්‍රාප්ත වූ අගා ජයසේන මහතා ගේ අවසන් කටයුතු හෙට (30) බෙරැල්ල කනත්තේ දී සිදු කෙර්.
මියයන විට අගා ජයසේන මහතා 83 වැනි වියේ පසුවිය.
ඔහු ගේ දේහය දැනට කොළඹ ජයරත්න මල් ශාලාවේ 'ලෝටස්' පරිශ්‍රයේ තැන්පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු සේ ක්‍රියාකළ අගා කලක සිට රෝගී ස්වභාවයකින් පෙළෙමින් සිටියේ ය. ඔහු දිගු කලක් ම එම පක්ෂයේ සංවිධායකවරයා සේ කටයුතු කළේ ය.
බද්දේගම අම්පෙගම, ගුරුසිංහගොඩ ගම්මානයේ උපත ලද අගා ජයසේන මහතා ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබ, සරසවි වරම් ලැබ විද්‍යෝදය විශ්වවිද්‍යාලය (ශ්‍රී ජයවර්ධනපුර) ට ඇතුළත්ව ඉගෙනුම ලබද්දී ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු සේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ කටයුතු මෙහෙයවමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇරඹීමට ප්‍රමුඛ කාර්යභාරයක් කළේ ය.
