විදුලිබල පද්ධතියේ අසමතුලිත බව හා බියකරු බවට ඇමති දැනුවත්ව හිටියා නම්....
පානදුරේ වඳුරෙකු නිසා ජාතික විදුලි පද්ධතිය බිඳ වැටුණු තත්වයකට පත්වූ බව දැන සිටියේ නම් මාස දෙකක් තිස්සේ ඇමතිවරයා කළේ කුමක් දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා ප්‍රශ්න කරයි.
ඊයේ සිදු වූ විදුලි බිඳ වැටීමට ද රජයේ සුපුරුදු වැඩපිළිවෙළ අනුව, පසුගිය රජයට චෝදනා කිරීමට විදුලි බල ඇමතිවරයා කටයුතු කරමින් ඇතැයි ඒ මහතා පවසයි.
එක දිගට ඉරිදා දින 08 ක් ජාතික විදුලි පද්ධතියේ අසමතුලිතභාවයක් සහ භයානකභාවයක් නිරීක්ෂණය වන බව ඇමතිවරයාට දැනුම් දී තිබූ පසුබිමක ගත් ක්‍රියාමාර්ග මොනවා දැයි අජිත් පී. පෙරේරා විමසා සිටියි.
සියල්ලට ආණ්ඩුවට චෝදනා කිරීම විපක්ෂයේ සිටිය දී කළ හැකි වුවත් ආණ්ඩුවේ සිටිය දී එසේ කිරීම කැත බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි. හේ මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කීය.