ජගත් ගේ සතියේ සටහන - 48

සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීමට නොහැකිවීමේ හේතුවෙන් ආණ්ඩුවේ දැනුම්දීම මත පෙරේදා (13) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධූරයෙන් ඉල්ලා අස්වූ අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද ඉල්ලා අස්වීමට යන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
තමාට මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා උපාධියක් හා ජපානයේ වයීදා විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ද තිබෙන බව අශෝක රන්වල මහතා මැතිවරණයට පෙර සිට ම ප්‍රකාශ කොට තිබුණා.
පහුගිය නොවැම්බර් 21 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට ඒකමතිකව පත්කර ගනු ලැබූ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහු හඳුන්වා දී තිබුණේ ආචාර්ය අශෝක සපුමල් රන්වල යනුවෙනි.
එහෙත් ඔහුගේ මෙම උපාධි හා ආචාර්ය තනතුර ගැන ජාතික ජන බලවේගයේ ම ප්‍රබල ක්‍රියාකාරීන් සැක පහළ කළා. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා මහාචාර්ය ලියනගේ අමරකීර්ති යන මහත්වරුන් ද මේ ගැන ප්‍රශ්න කිරීමෙන් පසු සමාජ මාධ්‍ය මේ සිද්ධිය පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ද දෙනු ලැබුවා.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ තමා බලශක්ති කටයුතු පිළිබඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ අශෝක රන්වල ලංකා ඛන්ජ තෙල් සංස්ථාවේ කාර්මික නිලධාරියකුව සිටි බවයි. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන නොමැති බව ද රණවක මහතා ප්‍රකාශ කළා.
මේ අතර එත්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී මහාචාර්ය අංශු මාරසිංහ මහතා ජපානයේ වයීද විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියෙන් හා ගූගල් මඟින් කළ සොයා බැලීමකින් පසු අශෝක රන්වල එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ව සිට නැති බව පැවසූ අතර හිටපු ඇමතිනියක වන තලතා අතුකෝරාළ මහත්මිය ද ජපානයේ වසීඩා (Waseda University) විශ්ව විද්‍යාලයෙන් ලබාගත් තොරතුරු ඉදිරිපත් කරමින් අශෝක රන්වල එම විශ්ව විද්‍යාලයේ පළාතකවත් ගොස් නැතැයි මාධ්‍ය හමුවක දී කියා සිටියා.
කතානායක අශෝක රන්වල මහතා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ තුන්වන පුරවැසියා වන අතර අගවිනිසුරු හා විනිසුරුවරුන් ඇතුළු රජයේ ඉහළ තනතුරුවලට සුදුස්සන් පත්කරනු ලබන ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා ද වෙනවා. එවැනි කෙනකුට මෙවැනි චෝදනා තිබීම සදාචාර සම්පන්න නොවන බවට පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
අඩුම කාලයක තනතුර දැරූ කතානායක - රන්වල
මේ තත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාික ජන බලවේගයේ නායකයින්ට ලංකාවේ මෙන් ම විදේශයන් හි සිටින පාක්ෂිකයින්, හිතවතුන් හා ආධාරකරුවන් ගෙන් බලපෑම් එල්ල වන්නට පටන් ගත්තා. මෙවැනි වාංචනික පුද්ගලයින් නිසා ආණ්ඩුවේ ප්‍රතිරූපයට විශාල ලෙස හානි සිදුවන බැවින් මොහු තනතුරෙන් ඉවත් කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටියා.
ඉල්ලා අස්වන්නැ යි හැම පැත්තෙන් ම බලපෑම්
අශෝක රන්වල මහතා කතානායක ධූරයට පත්වුණේ නොවැම්බර් 21 වැනිදා යි. ඉකුත් සිකුරාදා වන විට ඔහු කතානායක ධූරයේ කටයුතු කොට තිබුණේ දින 23 ක් පමණයි. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අඩුම කාලයක් රාජකාරි කළ කතානායකවරයා වශයෙන් ඔහු ඉතිහාසයට එක්වෙනවා.
මීට පෙර අඩුම කතානායක ධූරයේ කටයුතු කර තිබුණේ 1960 මාර්තු මැතිවරණයෙන් පසු කතානායක ධූරයට පත් වූ කටුගම්පොළ මන්ත්‍රී ටී. බී. සුබසිංහ මහතා යි. ඔහු 1960 මාර්තු මස 30 වැනිදා සිට අප්‍රේල් 23 වනදා දක්වා දින 24 ක් එම තනතුරේ කටයුතු කොට තිබුණා.
මේ අතර පාර්ලිමේන්තුව මේ සතියේ අඟහරුවාදා (17) රැස්වීමට නියමිත අතර එහිදී නව කතානායකවරයකු පත්කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිකුරාදා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට කැඳවා තිබුණා. එම සාකච්ඡාවේ දී ''අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නට ආණ්ඩුව පැකිළෙන්නේ නැහැ" යි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර කතානායක අශෝක රන්වල මහතා පෙරේදා (13) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මතුව ඇති තත්වය සැළකිල්ලට ගෙන ආණ්ඩුවත්, අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා තමා දැනට දරණ කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කියා සිටියා.
අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයිට ලිපි යවා තිබූ අතර ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් බව දන්වා තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම බ්‍රහස්පතින්දා සවස මාර්ගගත ක්‍රමයේ රැස්වීමක් පවත්වා කතානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළා. එය කෙටුම්පත් කිරීමට අජිත් පී. පෙරේරා, හා ජේ . සී. අලවතුවල මහත්වරුන්ට පවරා තිබු අතර සිකුරාදා විපක්ෂ නායක කාර්යාලයේ දී සජබ මන්ත්‍රීවරුන් එම විශ්වාසභංග යෝජනාවට අත්සක් කරනු ලැබුවා.
මේ බව වාර්තා වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කතානායක ධූරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉල්ලා අස්වන ලෙස අශෝක රන්වල මහතාට දැනුම් දුන් බව ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ග අනාවරණය කළා.
නිහාල් අබේසිංහ ද කෞෂල්‍යා ආරියරත්න ද?? 
ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ග පවසන්නේ නව කතානායක ධූරය සඳහා නම් කිහිපයක් ම යෝජනා වී ඇති බවයි.
ජාතික ජන බලවේගයේ මහ ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ගේ සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරියක වන නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ නම් ඒ අතරින් ඉදිරියෙන් ම තිබෙනබව ද වාර්තා වෙනවා.
යම් හෙයකින් කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පත්වුණොත් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරිය වශයෙන් ඉතිහාසයට එක්වනු ඇති බව දේශපාලන විචාරකයින් පවසනවා.
මේ අතර අශෝක රන්වල මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් නොවුණහොත් මන්ත්‍රී වරප්‍රසාද පනත හා ආචාරධර්ම සංග්‍රහය උල්ලංඝණය කරමින් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ඊයේ ප්‍රකාශ කළා.
සති ගණනාවක් තිස්සේ පුරප්පාඩුව පැවති සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 4 සඳහා පසුගිය සතිතයේ එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිසම වෙත නම් 4 ක් යවා තිබුණා.
ඒ අනුව සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිසාම් කාරියප්පර, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ඉස්මයිල් හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ මනෝ ගනේෂන් යන මහත්වරුන් ගේ නම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස මැතිවරණ කොමිසම විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
දියවන්නා හොයේ දියැවුණු ඩලස් ගේ මාකාර් ගේ එරාන් ගෙ හීන
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමට සිටි ඩලස් අලහප්පෙරුම, හා සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් යන මහත්වරුන් ගේ බලාපොරොත්තු මෙනිසා සුන්වී ගියා.
බොහෝ දෙනා පවසන්නේ පසුගිය මැතිවරණයට තරග කළා නම් ඩලස් අලහප්පෙරුම මහතාට මාතර දිස්ත්‍රික්කයෙන් හා ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට කළුතර දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට ඒමට ඉඩ තිබූ බවයි.
එහෙත් දිස්ත්‍රික්කයට සීමා නොවී රට පුරා ම ගොස් පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට එක්වන ලෙසටත් ඒ වෙනුවෙන් ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන බවටත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔනුක්ට පොරොන්දු වී තිබු බවයි සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසන්නේ.
එහෙත් දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරැති ඔවුන් දෙදෙනාට මෙවර සිදුවී තිබෙන්නේ අල්ලපු අත්තත් පයගහපු අත්තත් නැතිවීමේ තත්වයට පත්වීමටයි.
පසුගිය මැතිවරණයට තරග නොකිරීමට සිටි එරාන් වික්‍රමරත්න මහතාට කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන ලෙසත් ජයගත නොහැකි වුවහොත් ජාතික ලැයිස්තුවෙන් පත් කරන බවටත් සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ බව වික්‍රමරත්න මහතා පැවසුවා.
එහෙත් ඔහුට ජයගත හැකිවුණේ නැහැ. නායකයා ගේ පොරොන්දුව අනුව එරාන් වික්‍රමරත්න මහතා ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන බලාපොරොත්තු තබාගෙන සිටි නමුත් ඔහුට ද බලාපොරොත්තු සුන් කර ගැනීමට සිදුවී තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුෂාර ඉඳුනිල් අමරසේන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පරාජිත අපේක්ෂකයින් ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ඉල්ලා තිබුණා.
සමගි ජන බලවේගයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පහෙන් පළමුවෙන් ම තමාගේ නම දමාගත් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට ගිය නමුත් පක්ෂයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ගේ නම ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයකු ලෙස පත් නොකිරීම බොහෝ දෙනා අතර කතා බහට ලක්වී තිබෙනවා.
මේ අතර පසුගිය මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණින් අපේක්ෂකයින් ඉදිරිපත් කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන්. එම පක්ෂයේ හිමිකරු රවි කරුණානායක මහතා. පක්ෂයේ ලේකස් ෂර්මිලා පෙරේරා මහත්මියයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකකට ෂර්මිලා පෙරේරා මහත්මිය රවි කරුණානායක මහතා ගේ නම යවා තිබූ අතර ඉතිරි මන්ත්‍රී ධූරය ගැන එහි හවුල්කාර පක්ෂ සාකච්ඡා කරමින් සිටියා. හිටපු ඇමති කංචන විජේසේකර මහතා හා හිටපු අගමැතී දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් ගේ නම් ද මේ සඳහා සාකච්ඡා වෙමින් තිබුණා.

නිමල් ලංසා මහතාගේ නව සන්ධානයෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම ඉදිරිපත් කොට තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, එයට එකඟතාවය පළ කොට තිබුණා.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය ෆයිසර් මුස්තාපා මහතා ගේ නම මැතිවරණ කොමිසමට එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙසට දන්වා යවා තිබෙනවා.
පොදු එකඟතාවයකින් තොරව ෂර්මිලා පෙරේරා මහත්මිය ෆයිසර් මුස්තාපා මහතා ගේ නම යැවීම එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ දැඩි විරෝධය පළ කොට තිබුණා. කංචන විජේසේකර මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වැඩි දෙනකු එකඟවී තිබිය දී ෂර්මිලා පෙරේරා මහත්මිය කළ මෙම ක්‍රියාව ගැන දැන් ඔවුන්ට කිසිවක් කරගත නොහැකිව ඇයට දොස් පවරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
- ජගත් -