දිවයිනේ ප්‍රදේශ කිහිපයක අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා නාවික හමුදා සහය මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, රෝහල් තුළ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් නාවික හමුදා වෛද්‍ය සහයක කණ්ඩායම් ලබා දීමට අද දින (2024 පෙබරවාරි 13) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, ත්‍රිකුණාමලය මහ රෝහල වෙත නාවික හමුදා පුද්ගලයින් හතලිස් පහක (45) ගෙන් යුත් කණ්ඩායමක් සහ වැලිසර, ළය රෝහල වෙත දස දෙනෙකු (10) ගෙන් යුත් කණ්ඩායමක්, අද දින (2024 පෙබරවාරි 13) නාවික හමුදාව විසින් අනුයුක්ත කරන ලද අතර, එම වෛද්‍ය සහයක කණ්ඩායම් මඟින් ත්‍රිකුණාමලය මහ රෝහල සහ වැලිසර ළය රෝහල වෙතින් මහජනතාවට අඛණ්ඩව වෛද්‍ය සේවාවන් සැපයීමට එම රෝහල් කාර්ය මණ්ඩල හා එක්ව මෙලෙස කටයුතු කෙරිණි.
තවද, ඕනෑම හදිසි තත්වයකදී මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.
