උණුසුම් පුවත්කාලීන

අත්හදා බැලීම් එපා. හොඳ නායකත්වයක් තෝරා ගනිමු

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක - තිස්ස අත්තනායක

‘ජනාධිපතිවරණයේදී අත්හදාබැලිම් නොකර හොඳ නායකත්වයක් ඇති කණ්ඩායමක් තේරා ගන්න. ප්‍රතිපත්තියක් තිබෙන පැත්ත තෝර ගන්න. සමගි ජනබලවේගයේ මූලික අරමුණ රට ගොඩනගන ජාතික කඳවුරක් නිර්මාණය කිරීම යි. රට  නැවත වතාවක් බංකොලොත් භාවයට පත්වෙනවා දැකීමට සමගි ජනබලවේගය අකමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසී ය.

2024 ජනාධිපතිවරණයේදී ලක්ෂ 70 ත් 75 ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමය සමගි ජනබලවේගය උත්සහ කරනවා.   ඒ සඳහා විවිධ කණ්ඩායම් , විවිධ පක්ෂ සමඟ සාකච්ඡා පවත්වමින් සිටිනවා. මැතිවරණ ආසන 140 ක වඩා වැඩි ප්‍රමාණයක සංවිධාන කටයුතු සමගි ජනබලවේගය සිදුකරගෙන යනවා.  අත්තනායක මහතා    වැඩිදුරටත් සඳහන් කළේ ය.

"රටේ ජනතාව මැතිවරණයකදී බලන්නේ මැතිවරණය සඳහා ඉදිරිපත් වන පක්ෂයේ නායකත්වය , පක්ෂයේ සිටින කණ්ඩායම සහ එම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව බවත් එම කාරණ තුන සියයට සියක් සම්පුර්ණ කර තිබෙන්න සමගි ජන බලවේගය බවත් තිස්ස අත්තනායක මහතා  කීයේ ය.

තිස්ස අත්තනායක මහතා  මෙකී අදහස් දැක්වූයේ  විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

හේ මෙසේද පැවැසීය.

'' කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමේ ආසන්නතම සිදුවීම වන්නේ ඔන්ලයින් පනත පිළිබඳව කතානායකවරයාගේ ක්‍රියාකලාපය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න නිගමන වලට පරිභාහිරව එම පනත අත්සන් කිරිමත් ඒ පිළිබඳව ඉදිරිපත් කළ කරුණු පිළිබඳව කතානායකවරයා සැලකිල්ලක් නොදැක්වීමයි. කතානායකවරයාට විරුද්ධව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කළේ.

පාර්ලිමේන්තුව යම් කිසි නීතියක් සම්මත කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නිගමනයන්ට යටත්ව. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නිගමනයන්ට පරිභාහිරව නීති සම්මත කරන්න බෑ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ගැටෙනවා. ඒ නිසා තමයි පනතක් සම්මත කරගැනීමට ප්‍රථම පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිගමනයන් ලබාගන්නේ.
නැතිවුණොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සම්මත කරන පනත අතර වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ඒ තුළින් ගැටීම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම ලබාගන්නේ.

ඔන්ලයින් පනත හරහා ආණ්ඩුව බලාපොරොත්තු වන මර්දනය ක්‍රියාත්මක කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයන් සමඟ බාධාවක් ඇතිවී තිබුණා නම් එය ආණ්ඩුව නොසලකා හැර තිබෙන තත්ත්වයක් තිබෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. පාර්ලිමේන්තුව යම් කිසි නීතියක් සම්මත කිරිමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සැලකිල්ලට ගැනීම වැදගත් කාරණයක්. මේ කිසිවක් කතානායකවරයා සැලකිල්ලට ගෙන නෑ. ඔන්ලයින් පනතේ වැරදි තිබෙන බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම පෙන්වා දුන්නා. අඩුපාඩු සහිත පනතක් සම්මත කිරිම සහ අඩුපාඩු සහිත පනතකට කතානායකවරයා අත්සන් කිරිම විපක්ෂයේ දැඩි අප්‍රසාදයක් තිබෙනවා.

ආණ්ඩුව විදුලිබිල අඩුකරන බව කිව්වා. නමුත් තුන්වෙනි මාසය වනතුරුත් විදුලි බිල අඩු කරන්න ආණ්ඩුව කිසිදු පියවරක් අරගෙන නෑ. ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරිමේදී ලබන පාඩුවත් ලංකා විදුලි බල මණ්ඩලය නඩත්තුවට විශාල වියදමක් යනවා එය සමබර කිරිමට විදුලි බිල වැඩි කරන බව ආණ්ඩුව පැවසුවා. ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ ලංවීම තුළ තිබෙන දූෂණය , හොරකම , විදුලි මිලදී ගැනීමේ වංචා සහගත තත්ත්වයන් නිසා තමයි විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ. පාරිභෝගිකයාට විදුලිය ලබාදීමෙන් නෙවෙයි විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ. මණ්ඩලය ලබන පාඩුව අවම කර ගැනීමට යම් කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

මහ බැංකුව ඔවුන්ගේ සේවයන්ගේ වැටුපු වැඩිකරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් කාරණා කිහිපයක් කියනවා.
මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා වැටුප් සම්බන්ධයෙන් ඔවුන්ට තීන්දු කරගන්න පුලුවන් කියලා ඔවුන් කියනවා. ඒ වගේම ඔවුන් කියනවා වෘත්තිමය එකඟතාවයක් වෘත්තිය සමිති සමඟ ඇතිකරගෙන තිබෙනවා කියලා. එලෙස් අනෙකුත් රාජ්‍ය ආයතනත් වැඩ කරන්න ගියොත් රටේ මුල්‍ය විනය සම්බන්ධයෙන්
ප්‍රශ්නයක් ඇතිවෙනවා. ජනතාවගෙන් එකතු කරන බදු මුදල් වලට පාර්ලිමේන්තුව වගකිව යුතුයි. රාජ්‍ය ආයතවලට මුදල් වෙන් කරලා දෙන්නේ පාර්ලිමේන්තුව විසින්. ඒ සීමා අනුව මුදල් වෙන් වියදම් කිරිම රාජ්‍ය ආයතනවලට පැවරෙනවා. පාර්ලිමේන්තුවට තිබෙන මුදල් බලයට විශාල අභියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුව එල්ල කරලා තිබෙනවා. රාජ්‍ය ආයතන බොහොමයක සිටින විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලින්ට ලැබෙන්නේ ඉතාම අඩු වැටුපක්. නමුත් ලංකාව ඉන්නේ දැඩි ආර්ථික පීඩනයක. ආර්ථික බංකොලොත්භාවයෙන් රට තවම ගැලවිලා නෑ. විදේශ ණය ගෙවාගන්න පුලුවන් මූල්‍ය ශක්තියක් ලංකාව ඇතිකරගෙන නෑ.
මේ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා වන ජනාධිපති නිහඩයි. මුදල් ඇමැති මේ සම්බන්ධයෙන් වගකිව වුතුයි. ඔහුගේ අනුමැතිය මත මේ දෙය සිදුවුණානම් ජනාධිපති එහි වගකීමය භාර ගන්න ඕන. රාජ්‍ය සේවයේ අනෙකුත් අංශවල මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වහාම මේ සම්බන්ධයෙන් විසදුමක් රජය ලබාදිය යුතු වෙනවා. වැටුප් වැඩි කරනවාට අපි විරුද්ධ නෑ. නමුත් රට තිබෙන තත්ත්වය තේරුම් ගෙන රාජ්‍ය ආයතනවල වැටුප් වැඩි කිරිම සිදුකළ යුතුයි. අර්බුදයක් ඇති නොවන ආකාරයට මේ ගැටලුව විසදාගැනිමට මුදල් මණ්ඩලයත් මැදිහත් විය යුතුයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා ඔවුන් මුදල් අමාත්‍යාංශය සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය පාලනය කරන්නේ කමිටුවක් මගින් කියලා. එම කමිටුවේ පාර්ලිමේන්තුවේ සිටින අයත් පාර්ලිමේන්තුවේ නොසිටින අයත් ඉන්න බව ඔහු කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක සුනිල් හදුන්නෙත්ති මුදල් ඇමැතිවරයා බවත් වසන්න සමරසිංහ ආර්ථික කටයුතු ඇමැති බවත් අනුර කුමාර දිනාසායක කියනවා. කමිටු වලට රට පාලනය කරන්න නෙවෙයි ජනතාව ඡන්දය ලබාදෙන්නේ. මහජනයා පත් කරන කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තුවටත් ආණ්ඩුවටත් වගකියන්න ඕන. මුදල් අමාත්‍යාංශය සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය කමිටුවක් හරහා මෙහෙය වන බව කීමෙන් පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක භාවයයි. ආර්ථීය නගා සිටුවන්න , මුල්‍ය අර්බුදයට , විදේශ ණය ගෙවන ආකාරය පිළිබඳව ජාතික ජනබලවේගයට තිබෙන වැඩපිළිවෙල පිළිබඳව ඔවුන් රටට පැහැදිලිව කිව යුතුයි.

විදේශ ණය ගෙවීම නතර කළ නිසා රට මේ තත්ත්වයේ තිබෙන බව ජනාධිපතිවරයා පවසනවා. ඒ කතාව ඇත්ත. විදේශ ණය නොගෙවන නිසා රට මේ තත්ත්වයේ තිබෙන බවත් විදේශ ණය ගෙවන්න කටයුතු කළ පසු විශාල මුල්‍ය අර්බුදයකට යන බවත් රනිල් වික්‍රමසිංහ ජනධිපති කියනවා. තවම ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තිරණයක් අරගෙන නෑ. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකරගෙන නැති නිසා ඉදිරි මාස කිහිපය තුළ විශාල අර්බුදයකට රට ගමන් කරනවා. රටවල් වලට ණය ගෙවීම ආරම්භ කරන්නම වෙනවා. ණය ගෙවීම කල් දමා ගැනීමට , පොලි අනුපාත අඩු කරගැනීම් පිළිබඳව මේ අවස්ථාවේ අවසන් කරගත යුතුයි. එසේ නැතිවුණොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊළඟ වාරි දෙක සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවෙනවා. ණය ගෙවීම පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් ආණ්ඩුවක් නෑ. ණය නොගෙවන නිසා තමයි මෙවැනි තාවකාලික නිදහසක් ඇතිවෙලා තිබෙන්නේ. දේශපාලන න්‍යාය පත්‍රවලින් ඇත්ව විදේශ ණය ප්‍රතිව්‍යුහගතරකණය සම්බන්ධයෙන් ආණ්ඩුව එකඟතාවයන්ට පැමිණ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න අවශ්‍යයි.

ජනාධිපතිවරයා මැතිවරණය වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කරලා තිබෙනවා. මැතිවරණය මෙහෙයවීම සඳහා විශේෂ නිර්දේශ ලබාගැනීම සඳහා තමයි ජනාධිපතිවරයා මෙවැනි කමිටුවක් පත් කරලා තිබෙන්නේ. අගොස්තු සැප්තැම්බර් මාස අතර ජනාපතිවරණය පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයාට අවශ්‍යනම් ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකියි. කුමන මැතිවරණයක් තිබුණත් සමගි ජනබලවේගය සුදානම්. ජනාධිපති පොහොට්ටුවේ අපෙක්ෂකයා වෙන්න විශාල උත්සාහයක් ගන්නවා. මුදල් නෑ කියලා ජනාධිපතිවණ මැතිවරණය කල් දැමීමට කිසිසේත් සිදුකළ නොහැකියි.‘‘