උණුසුම් පුවත්කාලීනවිශේෂාංග

අතීත කාමය

චම්මින්ද ගේ ලියවිල්ල

යමක් වෙන්න ඇත්නම් ඒ දේම වේ නම් පුරමු අපි පාරමි නිවැරදි දේම වීමට.
 එයට ඇවැසි සවිය ඇත්තෙත් ඔබම ළඟ.
දල්වමු ඒ සවිය අපි අපම.
ඉතින් සතුටමයි ඔබ කිරුළ.................................................................!
ආයෙත් ගෙන්දගම් පොළොවට.

ඊයේ පෙරේදා මා තින් සිටියදී ගම, ලියවුනේ නැතුවමයි කිසිම දුකක් වේදනාවක් ලෝභකමක් ඒ සොඳුරු අතීතය ගැන.

ඒත් ඇළීමක් නැති බැඳීමක් තියෙනවා සුන්දර හැඟුම් එක්ක.

බුදුන් වහන්සේටත් අමතක කරන්න බැරිවුනා ඉපන් දේශය. එනිසාම උන්වහන්සේ දේශනා කරනවා ",කිඹුල්වත් පුරෙන් එන සුළඟත් සුවදායි' කියා.

ඒ අතීත කාමය නොවේ.

ඒ තිබූ යහපත් දේ යළි යළි වර්ධනය වෙමින් පැවතීම දැකීමේ කැමත්තයි.

එසේ නොමැතිව සමාජය හා මේ ලෝකය වෙනස් වෙනවා කියන දෙය පිළිබඳව නොදැනීම නොවෙයි. ඒ තුළ වින්දනීයත්වය තිබීම එය යහපත් වීම මෙන්ම එය තිබීමෙන් සිදුවෙන සුබවාදී ඵල නිසා සමාජය සේම එහි වැසියන්ද දියුණු විය යුතුය යන හර්ද බන්ධනීය අභිලාෂය එයයි.

එබැවින් '' අතීත කාමය" යනු අතීතය සමග බැඳී ගිළීම නොව ඉන් වූ යහපත ඒ යුතුකම් හා ක්‍රියා යළි ඇතිවීමෙන් වෙන සරු සමාජයක් දැකීමේ හැඟීම ලෙස සිතන්නට පුරුදු වෙමු.

එහෙත් "අතීත කාමය"යන්න සමාජය දුරස්ථ කරන්නේ ඒ අතීතයේ සිටියේ  තමා පමණක්ම යන උත්තම පුරුෂ ආඛ්‍යානයේ නොනවතින සංජානනය නිසාවෙනි.

සිනා නොවී හදවතින් සිනාසෙන වතක සොඳුරු බව දකිමු .

මමත්වයේ ටීකා ටිප්පණි වලින් තොරව.

එවිට අතීතය ඇළීමකින් තොරව සොඳුරු උත්තේජකයක් වේවි අපට !.

- චම්මින්ද වෙලගෙදර

-