අයෙක් මරුට - ගායිකා කේ. සුජීවා ද වෙඩි ප්රහාරයට ගොදුරුවෙලා
අතුරුගිරිය, ඔරුවල දී සාහසිකයකු ගේ වෙඩි ප්රහාරයකට ලක්ව අයෙක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරයි. වෙඩි වැදුණු පුද්ගලයින් අතර ගායන ශිල්පිණී කේ. සුජීවාද වන බවයි පොලිසිය සඳහන් කළේ ය.
තුවාල ලද්දන් හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.