උණුසුම් පුවත්කාලීනපරිසරය

අද බෝ පෙදෙස්වලට බෝ වැසි

අකුණු අනතුරු වළක්වා ගන්න කාලගුණෙන් උපදෙස්

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි ය. වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකිය යි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වයි.