වර්තමාන රජය බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් රට පාලනය කරන්නේ. - විපක්ෂ නායක සජිත් තලවාකැලේ දී ජනතාවට කියයි
‘‘ජාත්‍යන්තර කම්කරු දිනය දවසේ අපි හැමෝම මේ ස්ථානයට ඒකරාශී වී සිටින්නේ වැඩ කරන ජනතාවට ගෞරව කරන්න. පුංචි මනුස්සයාට හිස නමා ආචාර කරන්න. කම්කරු ප්‍රජාව තමයි අපේ රටේ ජීවය.. අපේ රටේ ප්‍රාණය. අපේ රටේ ශක්තිය. ඔබගේ දහඩිය කඳුළ ශ්‍රමය කැපවීම තුළින් අපේ රටේ ජීවනාලිය බවට ඔබ පත්වී හමාරයි.
අද යුගයේ කම්කරු අයිතීන් අහිමි වෙන යුගයක්. වැඩ කරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට සේවක භාරකාරඅරමුදලට pic පොකට් ගහනන යුගයක්. පසුගිය රජයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම හරහා කෙරුණු ණය ප්‍රතිව්හගතකිරීම තුළ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල විනාශ කිරීමට කටයුතු කළා. හිටපු ජනාධිපතිවරයාගේ ඒ ප්‍රතිපත්තිය ඔහුගේ අඩි පාරෙම යමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් වැඩ කරන ජනතාවගේ පාරිතෝෂිත අරමුදල් වලට පික් පොකට් ගහන යුගය එලෙසම ක්‍රියාත්මක කරනවා. වැඩ කරන ජනතාවට වතු ප්‍රජාවට අපි කියන්න කැමතියි , කම්කරු ප්‍රජාවට අපි කියන්න කැමතියි ඔබ වෙනුවෙන් දවසේ මේ මොහොතේ පමණක් නොවෙයි හෙට දවසේත් අනාගතයේත් ඔබගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නට අපි අනිවාර්යයෙන්ම කැපවෙනවා.
වර්තමාන රජය බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් රට පාලනය කරන්නේ. ජනාධිපති වරණය ජයග්‍රහණය කළේ බොරු කියලා. මහ මැතිවරණය දින්නෙත් බොරු කියලා. අද වන විට ඔවුන් පොරොන්දු වුණේ පොහොසත් රටේ ලස්සන ජීවිතය රටේ ජනතාවට උදාවෙලා නෑ. පිට පිටම පවත්වන තුන්වෙනි මැතිවරණය වන පළාත් පාලන මැතිවරණයේදී අලුත් බොරු මල්ලක් අලුත් පච පොරොන්දු මාලාවක් රටේ ජනතාවට ඉදිරිපත් කරලා පිට පිටම තුන්වෙනි වතාවටත් මේ රටේ ජනතාව අනාථ කරන්නට හදන යුගයට අපි කියන්න කැමතියි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාටත් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවටත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ සමස්ත පළාත් පාලන ආයතන වලින් අතිමහත් බහුතරයක් ජයග්‍රහණය කරන්නේ සමගි ජන බලවේගය සහ සමගි ජනසන්ධානය.
අද වර්තමාන රජය පොහොර සහනාධාරය ඉවත් කරන්න කටයුතු කරනවා. අද වනතුරු පොහොර සහනාධාරය දීලා නෑ. පොහොර සහනාධාරය ලබා දෙන්නේ වී ගොවිතැනට පමණයි ඒ සහනාධාරෙවත් ලබා දෙන්නේ නැ. අද මඩ පොහොර මිටි එක වැඩිවී තිබෙනවා. යුරියා වල මිල වැඩිවී තිබෙනවා. පොහොර සහනාධාරය ඉවත් කරලා වගා ආධාරයක් ලබා ලබාදෙනවා කියලා රටට පසුගිය දිනක ප්‍රකාශ කළේ වෙන කිසිවකට නොවෙයි ගොවියාට ලබා දෙන පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම අහිමි කරන්නටයි. ගොවියන්ට ගුණාත්මක භාවයෙන් යුතු පොහොර ලැබෙන්නේනැහැ.
ඒ වගේම වන අලි මිනිස් ගැටලුවට විසඳුමක් තවමත් නැහැ. දේපළ හානි ජීවිත හානි වගා හානි වලට වන්දි ලබාදීලා නැහැ. පසුගිය කාලයේ ගංවතුරින් විපතට පත් වුන වගා බිම් වලට තවමත් වන්දි ලබා දීලා නැහැ.
ඒ වගේම විදුලි බිල අඩුකරන බව රජය ප්‍රකාශශ කළා. හිටපු ජනාධිපතිවරයා ඇතිකරගත් ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කරන අනුර කුමාර දිසානායක මැතිවරණය අවසාන වුණාට පසුව විදුලි බිල අඩු කරන්නට පොරොන්දු වුණ අනුර කුමාර දිසානායක විදුලි බිල වැඩි කරන්නට චන්දෙන් පසුව කටයුතු කරනවා කියලා අපිට ආරංචි වී තිබෙනවා.
ඒ වගේම අපිට ආරංචි වී තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දුවක් ලබා දී තිබෙනවා විස්තීරණ ණය පහසුකම් හතරවෙනි පියවර ලබාදීමට පෙර මැතිවරණයේ අවසාන වුණාට පසුව විදුලි බිල වැඩි කරනවා කියලා. ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී සියයට තිස්තුනකින් විදුලි බිල අඩු කරන බව ප්‍රකාශ කළා. නව දහසය විදුලි බිල හය දහසය දක්වා අඩු කරන බව ප්‍රකාශ කළා. තුන්දහසේ බිල 2000 දක්වා අඩුකරන බව ප්‍රකාශ කලා.
ඇයි ආණ්ඩුව මෙතරම් බොරු පොරොන්දු ජනතාවට ලබා දෙන්නේ. ඇයි ආණ්ඩුව මෙතරම් රටේ ජනතාව රවට්ටන්නේ. ඇයි ආණ්ඩුව මෙතරම් ජනතාව අන්දවන්නේ. එළඹෙන පළාත් පාලන. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට රතු එළියක් දැල්වීමට සමගි ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ඔබගේ සහය ලබාදෙන්න.
වරායට බාන මිලටම තෙල් ටික ලබා දෙන බව ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී පසුගිය කාලයේ ප්‍රකාශ කළා. වරායේ බාන මිලටම තෙල් ටික ලබාදීමට නොහැකි වුණේ පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිට කොමිස් කුට්ටියක් ගිය නිසා බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම නිලධාරීන්ටත් කොමිස් කුට්ටියක් ගියා කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම දුෂණය වංචාව නිසා සිදු කිරීමට නොහැකි වූ බව ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. වරායෙන් බාන මිලටම තෙල් ටික ජනතාවට නොලැබුණේ බදු බර නිසා බව ආණ්ඩුව ප්‍රකාශකළා. නමුත් ජනාධිපතිවරණයක් දිනලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් ලබාගත් ජාතික ජන බලවේග ආණ්ඩුව පොරොන්දු වුන වරායේ ගොඩබාන මිලට රටේ ජනතාවට තෙල් ටික ලබා දෙනවා යැයි කියූපොරොන්දුවට කුමක්ද වුනේ කියලා අපි අහන්න කැමතියි. ආණ්ඩුව එතනදීත් සිදු කලේ ජනතාව රැවටීමක්.
ඒ වගේම උපාධිධාරීන්ට පළවෙනි අයවැයෙන්ම රැකියා ලබා දෙන බව ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී පසුගිය කාලයේදී දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම දුප්පත් බව තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කළා. අද ඒ සියල්ල පචමල්ලක් බවට පත්වී තිබෙනවා. බොරුකාර රැවටිලිකාර පචකාර ජනතාව අන්දවන මේ ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වන්න මෙදා පාර පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන්න කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒවගේම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් මේ වන විට සහල් මිල ඉහළ ගොස් තිබෙනවා පොල් ගෙඩියක මිල ඉහළ ගොස් තිබෙනවා, කිරිපිටි මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් ලබා දෙන්න බැරි ආණ්ඩුවක් තමයි අද තිබෙන්නේ. උගතුන් කොට්ඨාසයක් තමයි අද රට පාලනය කරන්නේ කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් ජනතාවට ලුණු ටිකවත් ලබා දෙන්න බැරි ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ.
අද වන විට රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක වන්නේ නැහැ. මිනීමරුවන් පාතාල කණ්ඩායම් කුඩු කණ්ඩායම් මැර කණ්ඩායම් අද නීතිය අතට ගෙන තිබෙනවා. නිවසට ඇවිල්ලා. වෙඩි තියලා යන තත්වයක් අද උදාවෙලා තිබෙනවා. ඒ වගේම මහ පාරේ දී වැඩබිමේදී , මනුෂ්‍ය ඝාතන සිදුකරන තත්වයක් අද රට තුළ නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම උසාවි භූමියේත් අද මනුෂ්‍ය ඝාතන සිදුවෙනවා. මිනීමරුවන් අද නීතිය හා සාමය අතට ගෙන තිබෙනවා. අද රටේ නීතියක් නැහැ නීතිය වල් බිහිවෙලා. අද ක්‍රියාත්මක වෙන්නේ කැලෑ නීතිය.
ඒ වගේම ප්‍රජා කේන්ද්‍රීය ප්‍රජා ආරක්ෂක ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් අපේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. ප්‍රදේශයේ භාර පොලිසිය ආරක්ෂක අංශ රටේ නීති හා සාමය සුරකිනන අංශ එකතු කරගෙන අපේ පළාත් පාලන ආයතන හරහා සෑම වසමකම සෑම ගමකම සෑම නගරයකම ආරක්ෂක කමිටු ස්ථාපනය කරලා මිනීමරු කණ්ඩායම් සමාජයේ විෂමාචාරී කණ්ඩායම් ඉවත් කරලා නැවත වරක් නීතිය හා සාමය ස්ථාපනය කිරීමට විපක්ෂය ලෙස අපිට සිදු කිරීමට හැකි දේවල් ඔබත් සමග අත්වැල් බැඳගෙන සිදුකරනවා.
ඒ වගේම එළඹෙන පළාත් පාලන මැතිවරණය අපිට බොහොමත් තීරණාත්මකයි.ඒ වගේම රජය වේදිකාවලදි ජනතාවට ලබා දුන් ඉටු කිරීමට කාලය එළැඹ තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය මුහුණ දෙන පළමු පළාත් පාලන මැතිවරණය මෙයයි. අපි ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ සිදුකළේ දුරකථන ලාංඡනයෙන් බිහි වුන පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරුන් නැතිවයි. නමුත් මැයි හයවෙනිදා අපි සුභ මොහොතින් සුභ නැකතින් ගම දිනවන රට දින වන ගමේ ආණ්ඩුව නගරයේ සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන මම ප්‍රකාශ කරනවා.‘‘