රටේ අනන්‍යතාවයත්, රැකවරණයත්, සලසාලන ආදර්ශමත් රාජ්‍යයක් සේ, ලෝක බලවතුන් හමුවේ නැඟී සිටින්නටත්, සියලු ශක්තිය ධෛර්ය වගා දිගා කර ගනිව
පොලිසිය ගිනි පිම්ඹේ ය. .පොලිස් ගිනි පිඹිල්ලට ඉලක්ක වූ මිනිසුන් මිහිමව වැලඳ ගත්තේ යළි නොනැගිටිමිනි.
පොලිස් මෘග ප්‍රහාරයෙන් තවත් 130 ක් තුවාල ලදහ. ඊළඟට පොලිසිය කළේ මිනිසුන් සියයක් පමණ අත්අඩංගුවට ගැනීම යි. ඒ දවස හරියට ම සඳහන් කරනවා නම් 1886 වෙසක් මහේ හතර වැනිදා යි. ඒ මෙසිරිලක වූ අවාසනාවන්ත සිද්ධියක් නොවේ. ඇමරිකාවේ චිකාගෝ නුවර දී පොලිසිය වෙඩි තබන ලද්දේ නිරායුද මිනිස් පොදියකට යි. මේ මිනිස් පොදිය චිකාගෝ නුවර මහමඟට පිවිස උද්ඝෝෂණයක නිරත වූයේ දවසකට වැඩ කරන පැය ගණන අටක් කරනා සේ ඉල්ලමිනි. සිය සේවා ස්ථානවලින් බැහැර වී වැඩවරා ඔවුන් එසේ සටන් පාඨ නඟමින් කෑ ගා පාලකයන්ගෙන් ඉල්ලුවේ දවසකට පැය අටක සේවයක් ලබා දෙන ලෙසයි. වැඩවරන ලද කම්කරුවන් නිව්යෝර්ක් නුවරත් සැන් ප්රැන්සිස්කෝ නුවරත් දක්වා විහිදී පැතිරී දියත් කළ වැඩවර්ජනයේ සටන් මධ්‍යස්ථානය වූයේ චිකාගෝ ව ය.
1886 මැයි 1 වනදා ඇමරිකානු කම්කරුවන් හතළිස් දාහක් පමණ වීදි බැස සාමකාමීව පෙළපාලි පැවැත්වූහ. ඊට පසුදාත් ඊටත් පසුදාත් (මැයි 2 හා 3) දෙදින ද ඔවුන් චිකාගෝ නුවර දී උද්ඝෝෂණයේ යෙදී සිටිය දී පාලකයින් සුදුරුදු අයුරින් ම එය කඩාකප්පල් කරන්නට 'හොරිකඩයින්' යොදා ගැනීම නිසා දෙපිරිස අතර ගැටුමක් හට ගත්තේ ය. පොලිසිය ගිනි අවි ඒසවූයෙන් කම්කරුවන් හය දෙනකුට ජීවිත අහිමි විය. සෑහෙන පිරිසක් තුවල ලදහ.
පොලිසියේ අමන පිළිවෙතට එරෙහිව ඇමරිකානු වැඩකරන ජනයා පසුවදා දැවැන්ත රැලියක් සංවිධානය කළහ. ඒ චිකාගෝ නුවර මධ්‍යම චතුරස්රයේ දී ය. පොලිසියේ මෘග ක්‍රියාවට එරෙහිව පැවැති මේ අරගලය සාමකාමී අයුරින් පවත්වන්නට කම්කරු නායකයෝ පියවර ගත්හ. කම්කරු නායකයින් ගණනාවක් රැලිය ඇමතූහ. විරෝධතා රලිය අහවර වෙන්නට ඔන්න මෙන්න තිබිය දී පොලිසිය කඩා වැදෙද්දී කිසිවකු විසින් අත්බෝම්බයකින් දමා ගැසීමෙන් අයකු මැයැදී තවත් පස්දෙනකුට තුවාල සිදු විය. මියැදුණේ පොලිස් නිලධාරියෙකි. එයින් කොවට පත් පොලිසිය ඉවක් බවක් නැතිව නිරායුද මිනිස් කැලට ගිනි පිට ගිනි පිඹින්නට වූයේ චිකාගේ හි පමනක් නොවේ. සමස්ත ඇමරිකාව පුරා පොලිසි වැඩ අරඹන ලද්දේ මහත් තුඤ්ඤ අයුරිනි. ඔවුන් වර්ජකයින්ට පහර පිට පහර දෙන්නටත්, වෘත්තීය සමිති මධ්‍යස්ථාන කඩා බිඳ දමන්නටත් කෲර වූහ.
බෝම්බ සිද්ධියට අදාළව කම්කරු නියමුවන් අට දෙනකුට එරෙහිව චෝදනා සැකසිණි. චෝදනාවලට සියලු දෙනා වැරදිකරුවන් කෙරුණි. ඔවුන්ට නියම වූයේ මරණ දණ්ඩනය යි.
පොලිසිය වෙඩි තබා හය දෙනකු ඝාතනය කළේ ය. ඔවුන් ගේ රුහිරින් චිකාගෝ නුවර තෙත බරිත විය. ලේ ගංගා ඇමරිකාව පුරා ගලා යන්නට වුණේ එතැන් පටන් ය. රටේ අස්සක් මුල්ලක් නෑර වැඩ කරන ජනතාව සේවායතනවලින් එළියට පිවිස වීදි බැසීම කිසිදු ජගතකුට නතර කළ නොහැකි විය.
මේ අනුවේදනීය වූත් මෘත වූත් ඝාතනවලින් පන්නර ලද්දෝ ඇමරිකානු කම්කරු පන්තිය පමණක් ම නොවේ. ලෝකය පුරා වැඩකරන ජනතාව එයින් උණුසුම් වී අරගලයෙන් තොරව කිසිවක් දිනාගත නොහැකි යැයි මැනවින් වටහා ගත්හ.
ඊළඟ හවුරුද්දේ හෙවත් 1887 සිට 2 වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය මැයි පළමුවැනිදා 01 - ලෝක කම්කරු සහයෝගිතා දිනය සේ නාමකරණය කරන ලද්දේ ය.
එදා පටන් අද දක්වා මැයි 1 වනදා ලෝකය පුරා ජනතාව කම්කරු දිනය හෙවත් මැයිදිනේ සේ සමරති.
සිරිලංකාවේ අපේ ජනයා ද මැයි දිනය සමරති. ඒ 1933 වසරේ පටන් ය. ලාංකේය ආරම්භක කම්කරු නායකයා සේ පෙනී හුන් ඒ. ඊ. ගුණසිංහ මහතා පිටකොටුවේ ප්රයිස්පාක් හි දී පළමු වරට පැවැත් වූ මැයි රැලියේ තේමාව වූයේ ''රාජ්‍ය පාක්ෂික වෙමු" යන්නයි.
ඊට හවුරුද්දකට පසුව එතැන ම හෙවත් ප්‍රයිස් පාක් හි දී ලෝක කම්කරු දින සැමරුම් රැලිය පවත්වන ලද්දේ
වෛද්‍ය සරවනමුත්තු මහතා ගේ ප්‍රධානත්වයෙනි. ඒ මාක්ස්වාදී සංගමයේ මෙහෙයවීමෙනි. තේමාව සේ සඳහන් කෙරුණේ ''ජාතික නිදහස ය" ''සමාන වැටුප් " ය. මාක්ස්වාදී සංගමයේ මෙහෙයවීමෙන් පැවති මේ කම්කරු දින සැමරුම් උලෙළේ දී ප්‍රදාන දේශනය කරන ලද්දේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වූ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා යි.
එදා මෙදා තුර ගෙනී ගිය කාලය පුරා ලාංකේය කම්කරු පන්තිය ප්රමුඛ වැඩ කරන ජනතාව ගේ දිනය සැමරෙන්නේ ඔවුන් ගේ යහපත හෝ හිතසුව පිණිස නොවනා බව නම් ඉතා පැහැදිලි ය. අද ද මැයි දිනය පැවැත් වේ.
ඒ ඒ ඒ දේශපාලන පක්ෂවල බලය හා හයිය පෙන්වමින් චූන් වීමේ මානසිකත්වයෙන් පිරුණු හිස් ගෙඩි තවත් වසරක දක්වා පුම්ඹා ගෙන වැඩ කිඩ පෙන්නන්නට ය.
චිකාගේ වේ දී එදා කම්කරු පන්තිය සුදු කොඩි අත දරාගෙන කරන ලද හටන නිමා වූයේ තිරස්චීන පොලිසිය විසින් ඒ සුදු කොඩි රතු කොඩි බවට පෙර/ළමින් කම්කරුවන් ඝාතනය කිරීමෙනි. ඔවුන් ගේ සටන් පාඨය වූයේ පැය අටේ වැඩ නීතියක් තහවුරු කර ගැනීම ය. ඔවුන්දිවි පුදා ඒ සටන ජය ගත්හ. අපේ රටේ ද කම්කරු පන්තිය පැය අටේ වැඩ නීතිය දිනා ගත්හ. එය ද පාලකයෝ බන්දේසියක් මත තබා කරන ලද ප්‍රදානයක් නොවේ. කම්කරු පන්තිය ප්රමුඛ ලාංකේය වැඩ කරන ජනතාව ලේයින් වන්දි ගෙවා ලද ජයකි එය. ඒත් ඊට මුල්වූවෝ කවුරුන්ද යන්න දන්නෝ කවරුන් ද?
ලාංකේය කම්කරු පන්තිය ප්රමුඛ සංවිදානාත්මක වැඩකරන ජනතාව පැවැත්වූ මැයි දිනට ද ධාර්මිෂ්ඨ පාලකයන් ගේ සමයේ ගිනි පිම්බ බව අද වන එවන් උතුම් දිනෙක සිහිපත් කරන්නට හෙළදිව අපි පසුබට නොවම්හ.
ලොවක් නමහම් කරන්නට, රට ගොඩනඟන්නට සියලු කැපකිරීම් කළා වූ ලේ දහදිය වගුරමින් ද, අයිතිවාසිකම් දිනා ගන්නට දිවිදුන් සියලු කම්කරු හා වැඩ කරන පන්තියට ප්‍රණාමය!!! අද වන දොහක ඔවුන්කේ අපි අගැයමු.
ය කම්කරු ජනතාව දේශපාලන පක්ෂ, පාට, ආගම්, ජාති හෝ කුල හෝ කිසිදු බේදයකින් තොරව සමස්ත ජනයා එකට එක්ව අත්වැල් අල්ලා ගෙන රට, ජාතිය හා බස රැක ගනිමින් සෙසු ලෝකයා හා කරකට කර සිටිමින් මේ බිම අනාගත පරපුරට නිි සේ දියුණු කොට, සංවර්ධනය කොට පැවරීමටත්, කිසිදු බලවත් රට රාජ්‍යකට ගැති නොවී, මැදහත් අයුරින් රටේ අනන්‍යතාවයත්, රැකවරණයත්, සලසාලන ආදර්ශමත් රාජ්‍යයක් සේ, ලෝක බලවතුන් හමුවේ නැඟී සිටින්නටත්, සියලු ශක්තිය ධෛර්ය හා කැපකිරීම් කරන්නටත්, මේ උතුම් දවසේ අදිටන් කර ගන්නට, සිත් වඩා ගන්නට නුවණැස පහල වේවා!!!