මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයට ගැලපෙන්නේ නෑ - සජිත්
අප රට උත්තරීතර නීතිය තුළ ප්‍රධාන හා මුලික අයිතිවාසිකම් ලෙස, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ඇතුළත් වුවත්, නිදහස් හා නොමිලේ සෞඛ්‍ය මූලික අයිතිවාසිකම් බවට පත් විය යුතු බවත්, දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ඡේදය හරහා සෞඛ්‍ය හා අධ්‍යාපනය ගැන සදහන් වුවත්, ඒවා උල්ලංඝනය වුවහොත් අධිකරණයේ සහාය පැතිය නොහැකි බවත්, එබැවින් සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ලබා දී ඇති නුසුදුසුකම ඉවත් කර මූලික අයිතිවාසිකම් ලෙස සවිබල ගැන්විය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
විපක්ෂ නායක වරයා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී ය. ඒ නිදහස් සෞඛ්‍ය මූලික අයිතියකි නිදහස් සෞඛ්‍ය රැකගනිමු යන තේමාව යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් පාර්ශ්ව සමඟ පැවැති හමුවකදී ය.
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ සංවරණ හා තුළන තුළ නෛතික ව්‍යූහය තුළ නිදහස් සෞඛ්‍ය මූලික අයිතිවාසිකම් බවට පත්වන විට ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස සෞඛ්‍ය සුරැකෙන බවත් ප්‍රේමදාස මහතා පැවසී ය.
ප්‍රධාන දර්ශක හරහා අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ මට්ටමක ඇති බව පෙන්වා දෙන බවත් ආයු අපේක්ෂාව මාතෘ මරණ මරණ අනුපාතය සජීවී උපත් ලක්ෂයකට 25.3 ත් ළමාමරණ අනුපාතය සජීවි උපත් 1000 කට 6 ක් බවත් මේ දර්ශක තුළ රටක් ලෙස ඉහළ මට්ටමක ඇති බවට පෙන්වන තවත් දර්ශක ගණනාවක් ඇති බවත් ඔහු කීවේ ය.
අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකයේ ගෞරවයට පාත්‍ර වුවත් අද වන විට ගැටලු රැසක් ඇති බවත් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණවත් මුදලක් වෙන් නොවීම බෝ නොවන කේන්ද්‍රීයව ගැටලු රැසක් නිර්මාණය වීමත් ඉදිරි වසර 25 තුළ වයස 60 වැඩිප්‍රමාණය දෙගුණයකින් වර්ධනය වීම, 50% කම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම යන ගැටලු ද සෞඛ්‍ය වියදම්වලින් 38 - 40% ක් අතින් වියදම් කරන්න සිදුවීම බරපතල ගැටලුවක් වන විට බුද්ධි ගලනය ඇතුළු මානව සම්පත් ගැටලු ද ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.
සේවා ආවරණය පැත්තෙන් අප සිටින්නේ 67 වැනි ස්ථානයේ බවත් මූල්‍ය අගහිගතා නිසා සමාජ ආරක්ෂණය නොලැබීම යාම සිදුවන බවත් තිරසර සංවර්ධන ඉලක්ක සමග සංසන්දනය කරන විට බරපතල ඌනතා ගැටලු ඇති බවත් ආයු අපේක්ෂාව 76.9 ක සාමාන්‍යක් ඇති නමුත් සමහර රටවල් අප අභිභවා ගොස් ඇති බවත් ජාත්‍යන්තර ආයු අපේක්ෂා ශ්‍රේණිගත කිරීම්වලින් 2020 සිට පහළ බැස ඇති නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂිත සැලකිල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ව හරහා දැක්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අන්ත ලිබරල්වාදී ක්‍රමයක් සහිත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයට නොගැලපෙන බවත් ලෝකය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආදිය වෙනස් වන නිසා අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් විය යුතු බවත් අධ්‍යාපන්‍ය මෙන්ම සෞඛ්‍ය ද මූලික අයිතිවාසිකම් බවට පත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
