උණුසුම් පුවත්පරිසරයවිශේෂාංග

අධ්‍යාපන අරමුණු ඉටුකරමින් අනාගත දරු පරපුර ශක්තිමත් කරමු

"අපි ලක්වැසියෝ ' පරිසරය විෂයට අදාළ කදිම ඉගැන්වීමක්

අම්පාර, කුඩුවිල්  අල්හිරාන් (මුස්ලිම් ) මහා විද්‍යාලයේ හා මාණික්කම් මඩු කම්සුඩු GTMS  (දෙමළ ) විද්‍යාලයේ ත් දරු  දැරියන් එක්කොට ගෙන දිගාමඬුල්ලේ දීඝවාපි සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රමුඛ ඇදුරු මඬුල්ල විසින් කරන ලද රටට ම ඉතා ආදර්ශයක්  ලබා දෙන වැඩසටහනක් හෙළදිව අද ඔබට ඉදිරිපත් කරමු.

අධ්‍යාපන  අරමුණු  ඉටුකරන  අනාගත  දරු පරපුර ශක්තිමත් කරන ගුරුවරු  විදියට මුස්ලිම් ,දෙමළ  පාසල්  දෙකක දරුවන්  එකතු කරගෙන "අපි ලක්වැසියෝ ' පරිසරය විෂයට අදාළ  තේමාව ඉවර කළේ මෙහෙමයි යනුවෙන් වැඩසටහන සාර්ථක කරගන්නට වෙහෙස මහන්සිය දැරූ ගුරුවරියක හෙළදිවට කීවේ එහෙම යි.

 

මේ පින්බිමේ මානව සම්පත ඉතා ඉහළ දක්ෂතාවයන්ගෙන් කුසලතාවයෙන් පිරුණු බාල තරුණ හා මහළු සියලු දෙනාගෙන් සමන්විතය.

ඒත් අවාසනාවක තරම ඒ දස්කම්, විස්කම් හොඳින් කපා උලුප්පා මතු කර ගැනීමේ කිසිදු උවමනාවක්, අවශ්‍ය බවක්, රට කරවන ඇත්තන්ගෙන් දිස් නොවීම ය.

දුරාතීතයේ පටන් ම හෙළයන් ගේ සුරුවිරුකම් ලෝ ප්‍රකටව පැවතිණි.

බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් සොලමන් රජුගේ දේව මාළිගාව සරහන්නට අවශ්‍ය ඇත්දත් කැටයම්, දැව කැටයම්, මැණික් හා ස්වර්ණාභරණ ගෙන ගියේ මේ පුංචි දීපයෙනි. 

එවන් විශ්ම කර්ම වැඩ කරන්නට හැම අතකින් ම හෙළයේ දූ පුතුන් එදා මෙන් ම අද ද එසේම දක්ෂයෝ  ය. ඒත්.... හත් දෙයියනේ!!!?

රටට ඇවැසි අයුරින් අපේ අධ්‍යාපන ක්‍රමය සකසන්නට අදාළ බලධාරීන්ට උවමනාවක් නැත. එනිසා ම අපට අද වන විට උරුමව ඇත්තේ දැන උගත්කම ඇතත් ,රටටවත් තමන්ටවත් ඵලක් නැති  මානවපරපුරකි. 

මේ අති දුෂ්කර පළාතේ දිගාමඬුලු දනව්වේ  ගුරුවර ගුරුවරියන් කොයි කවුරුත් තමන්ගෙන් සිප්කිරි උරා බොන්නට එන දූ පුතුනට නිසි මඟ එළි පෙහෙළි කර දෙන්නට ගන්නා අසීමිත වෙහෙස වෙනුවෙන් හෙළදිව උත්තමාචාරය!

ඒ මේ වටිනා මැණික් කැට කපා ඔපමට්ටම් කර දිදුලන මාණික්‍ය රත්න කරන්නට ඔබ ගන්නා වෙහෙස මහන්සියට යි

දිරිය ගුරු මව්වරුනි, පියවරුනි! දොහොත් මුදුන් දී හෙළදිව ඔබ හැමට ගෞරව කරනා බව සටහන් කරන්නේ හද පත්ලෙන් ම නැඟ එන සෙනෙහසිනි!!

  - හෙළදිව සංස්කාරක -