මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ය බරපතල චෝදනා පවතිනවා
ඇතැම් බන්ධනාගාර නිලධාරීන් මත් ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ බවට බරපතල චෝදනා පවතිනවා. යුක්තිය මෙහෙයුම අතරතුර බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු අත් අඩංගුවට පත්ව තිබෙනවා . එම තත්වය කණගාටුදායක තත්වයක් බව කිව යුතුයි. එහෙත් යාපනය බන්ධනාගාරයේ නිලධාරීන්ට එවැනි ආකාරයේ චෝදනා නොමැති බවට අදහස් පළ වුණා. එය අගය කරනවා. අපේ රටේ සෙසු බන්ධනාගාරවලට වඩා ඉතා පිරිසිදු බවින් යුක්තව බන්ධනාගාර පරිශ්‍රය පවත්වා ගෙන යාමට මෙහි නිලධාරින් කටයුතු කර තිබෙනවා. එය ඉතාමත් ප්‍රශංසනීයයි. ආදර්ශමත් ආයතනයක් ලෙස යාපනය බන්ධනාගාරය හදුන්වා දිය හැකියි. එ පිළිබදව බන්ධනාගාරයේ පරිපාලනයට ස්තූති වන්ත වන අතරම, යාපනය බන්ධනාගාරයට අවශ්‍ය අඩුපාඩු සම්පුර්ණ කර දීමට කටයුතු කරන බවද අමාත්‍යතුමා සදහන් කළේ ය.
නිරීක්ෂණ චාරිකාව අවසන් කිරීමෙන් පසුව පැවති සාකච්ඡාව අමතමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එසේ පැවසී ය.
ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය විසින් යාපනය දිස්ත්‍රික්කය මුලික කර ගනිමින් සංවිධානය කර ඇති සංහිදියාව වැඩි දියුණු කිරීමේ වැඩ සටහන් සදහා සහභාගි වන අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද පෙරවරුවේ (16) යාපනය බන්ධනාගාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය.
යාපනය බන්ධනාගාරයට පැමිණි අධිකරණ අමාත්‍යවඒයා එම බන්ධනාගාරයේ රැදවියන්ට පවතින ගැටලු පිළිබදව ඔවුන් සමග සාකච්ඡා කළ අතර, බන්ධනාගාර මුළුතැන්ගෙය, කාන්තා අංශය, හා රැදවියන්ගේ නිෂ්පාදන නිරීක්ෂණය කළේ ය.
යාපනය බන්ධනාගාරය තුළ අද දිනය වන විට (16) සිරකරුවන් 852 ක් රදවා සිටින අතර, කාන්තා රැදවියන් 38 දෙනෙකු ඒ අතර වෙයි.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, යාපනය බන්ධනාගාර අධිකාරී එස්. ඉන්ද්‍රකුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වුහ.