ආරක්ෂකඋණුසුම් පුවත්පරිසරය

අධික වැසි වැටේවි කාලගුණේ අනතුරු අඟවයි

උතුරේ ජනයා බරපතල තත්ත්වයකට මුහුණ පාලා - ජලාශ කීපයක වාන් දොරටු විවෘත කරයි

උතුරේ බවතින දැඩි වර්ෂාව හේතුවෙන් හටගෙනැති ගංවතුර නිසා පවුල් 4162 ක සාමාජිකයින් 15470 ක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනා බව අපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

යාපනය, කිලිනොච්චිය, මන්නාරම හා මුලතිව් හි ජනතාව වැඩ්පුර ම වැස්සෙන් පීඩාවට පත්වූවෝ වෙති. ඔවුන්ගෙන් ද දැඩි සේ පීඩාවට පත්ව සිටින්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව යි. සංඛ්‍යාත්මක ප්‍රකාශ කළහොත් පවුල් 2063 කි. යාපනයේ පවුල් 1904 ක උදවිය ද කිලිනොච්චියේ 111 ක් හා මුලතිව් හි 84 කට අයත් සාමාජිකයින් වැස්සෙන් හා ගංවතුරෙන් විපතට පත්ව සිටිනා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ අතර කාලගුණ විධ්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් මස 25 දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි බව සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම නිවේදනයෙන් ජනතාවට අනතුරු අඟවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගංගා ගණනාවක් පිටාරා ගැලීමේ අවදානමක පවතිින බව නිවේදනය කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහත සඳහන් ගංගා ආශ්‍රිත ජනයාට අවදානම් පූර්ව නිවේදනය මඟින් ආර්ඛාකාරී පියවර ගන්නැ යි ද සඳහන් කරයි

මල්වතු ඔය, කලා ඔය,  කනගරායන් ආරු, පරංගි ආරු, මා ඔය, යාන් ඔය,  මහවැලි ගංග, මාදුරු ඔය, මුන්දෙනි ආරු, ගල් ඔය, හැඩ ඔය හා  විලා ඔය යි ඒ්.

මේ අතර නිල්වලා ගඟ උතුරා යෑමෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක මංමාවත් ගණනාවක් ජලයෛන් යටවීම නිසා ජනතාවට ගමන් දුෂ්කරතා හටගෙන තිබේ.