උණුසුම් පුවත්

අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා සමඟ ම මියගිය පොලිස් නිලධාරියා සැරයන්වරයකු සේ උසස්වීමකින් පුදයි

කටුනායක කොළඹ අධිවේගී මාර්ග යේ දී මාරක රිය අනතුරකට ලක්ව ජලසම්පාදන රාජ්‍ය ඇමති පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා  සමග ම මියගිය ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ අනුරාධ ජයකොඩි මහතාට පොලිස් දෙපාර්තමේන්තුව විසින් උසස්වීමක්   පිරිනමා ඇත. ‌‌‌

පොලිස් කොස්තාපල් වරයකු සේ සේවය කළ ඔහු පොලිස් සැරයන් නිලයට පත් කරන ලද්දේ ය.

මියගිය ජයකොඩි මහතා වෙනුනේ රුපියල් ලක්ෂ පාළෙහක මුදලක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මේ මුදල පිරිනමා ඇත .