රණවිරු සැමරුම තවත් හදවත් පෙළා දැමීමක්ද?
ඉතිහාසය කුරුටු ගෑ ගී වත්මනේ කණවැල නොවේ.
රණවිරු සැමරුම තවත් හදවත් පෙළා දැමීමක්ද?

මිනිස්සු මිනිසුන් ලෙස එකිනෙකාට ගෞරව කිරීමක් ඇති සමාජයකට මෙවැනි දෑ ප්‍රශ්න හෝ ගැටලු විය හැකි නොවේ. සැබෑ ඉතිහාසය යනු මිනිසා පසු කරගෙන ආ ජීවන ක්‍රමයයි.
එය ආර්ථික ,දේශපාලනික ,සංස්කෘතික හා ආගමික සංස්ථාවල එක්කාසුවකි. එහිදී ජාතික හා ජාතිකත්වය (Nation &Nationality ) යනු දෙකක් වශයෙන් සමාජ විද්‍යාඥයන් ව්සින් විග්රහ කරනු ලබන්නේ ජාතිවාදී යන ගෝත්‍රික ලඝුවාදයෙන් මුදවා ගැනීමට උදෙසා විය හැකිය.
එහිදී කාල්ටන් හේස් එම ජාතිකත්වය හඳුනා ගැනීමේ මූලික ලක්ෂණය ලෙස භාෂාව ඉදිරිපත් කරයි. මේ තත්ත්වය පෙරදිග රටවල පවතින සමාජ චින්තනය හා සංස්කෘතිය අනුව වෙනස් වෙයි. ඔවුන් මුලට ගන්නේ ජාතිය හා ජාත්‍යාලීය හැඟීම් ය. එයම සමාජයේ පහළ ස්ථරවලදී ජාති ආලය බවට පත්වෙන්නේ වෙනත් බසක් කතාකරන පිරිස පාගා දැමීමටය.
මෙය නොදැමුණු දේශපාලකයන් විසින් සිය පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කළ තමන් රැක ගැනීමේ පූර්ව දේශපාලී අලෙවි උපක්රමයකි.
මේ චින්තනයෙන් පෙරදිග මිනිසා වෙනස් නොවන තාක් ඔහු ජාතිය වශයෙන් සිතන්නේ බස හා ආගම පමණකි. එම ගෝත්රවාදී බල ගොහොරුව රැකගැනීමට ඔවුන් ජාතිකත්වය භාහිරවත් , ජාති ආලය අභ්‍යන්තරිකවත් යොදා ගනිමින් සිටී.
එවැනි මත වැපුරුමක් යටතේ රණවිරු සැමරුම මහ ජාතියේ ඔද තෙද සුළු ජාතීන්ට කියා දීමකි. අනික් පසින් සුළු ජාතිය (මේ මහ හා සුළු යනු ද දේශපාලගෝත්රිකයෙදුමකි) සිතන්නේ මහ ජාතිය තමන් පරාජය කොට ඉන්පසු තමන්ගේ තුවාල පෑරීමට රණවිරු සැමරුම යොදා ගන්නා බවකි.
බොහෝ දේවල දෙපැත්තක් ඇතුවා සේම මේ චිත්ත වේග දෙක ම අද සමාජයෙන් පිටමං කළ යුතු සිතුවිලි ප්‍රභේදය කි.
වීරයින් සැමරිය යුතුය. එහෙත් වීරයින් වෙන්නේ කවුරුන්ද?
තමන්ගේම රටේ තමන්ගේම සහෝදර ජනතාවක් පරාජය හමුදාවක්ද?
එසේ නොමැතිනම් විදේශීය ආක්‍රමණයකදී පණ පුදා සිය රට බේරා ගත් හෝ මිය ගිය රණවිරුවන්ටද?. එසේනම් ශ්‍රී ලාංකේය හමුදාව රණවිරු හමුදාවක් ද?
මෙහිදී ජාතිකත්වය ජාතිවාදය ලෙස පටලවා ගත් තැනට පත් නොවී අපි සිතුවහොත් මේ රණවිරු සැමරුම අර්බුදයක් මතු නොකරන සමාජ උත්ප්‍රේරකයක් ලෙස අපට සැලකිය හැකිය. මෙරට හමුදාව රණවිරු දිනයක් සමරන්නේ ඇයි?
එය ප්‍රති පක්ෂයේ වෛරයට හේතුවක් වෙන්නේ කෙසේද? හමුදාව එය සමරන්නේ තමන් කුලියට මිනී නොමැරූ නිසාය. ඔවුන් දිවිපිදුවේ තම මවිරට බේරා ගැනීම උදෙසාය. එහෙත් ඔවුන් පරාජය කොට මරා දැමුවේ මේ රටේම මිනිසුන් ය.
එසේය......
එය එසේ වූයේ අදටත් යමෙකු දිව්රුම් දෙන්නේ තමන්ගේ දේශය, ජනතාව හා රජය දිවිහිමියෙන් රකින බව කියමිනි. එසේ නම් තම මවුරටේ බලය අල්ලා ගන්නේ ඒකීය රාජ්‍යයක් වශයෙන් වඩාත් සුඛනම්‍ය ලෙස පාලනයට නොව රට දෙකඩ කොට වෙනම රාජ්‍යයක් බිහි කිරීමට නම් එය කවර නම් වූ මිනිසත් කමක්ද? ත්‍රස්තවාදය යන වචනය මතු වෙන්නේ එතැනදී ය. ඒ අනුව ඔවුන් සැමැරිය යුත්තේ අනීතික ජාතිවාදී ත්රස්තයින්ගෙන් තමන්ගේ රට හා සංස්කෘතිය බේරාගත් වීරයින් ලෙසිනි. එයට දෙමළ බස කතා කරන ජාතීන්ගේ උදහස මතු නොකට කිසිවෙකු නොරිදවීමට නම්...........
දමිළ ජනතාවද එය තම දරුවන්ගේ මිථ්‍යා අවබෝධය නිසා සිදු වූ අඩුපාඩුවක් සේ සැළකීමට හැකිනම් ඔවුහු උත්තරීරය. එසේම මිත්‍රත්වයේ පරෙවි දෑත දිගු විය යුතු ය. සිය දේශය නොබෙදු හා වගවීම් හා වගකීම් භුක්ති විඳින ජාතියක් ලෙස අපි පිළිගත යුතුය. ප්රභාකරන් එදවස ඔවුන්ගේ දැක්මෙන් පමණක් නොව මධ්‍යස්ථ සමාජ විග්රහයට අනුව ඔහු නායකයෙකි. දෙව්දත් මෙන් වැරදි වුවත් සිය ඉලක්කය වෙනුවෙන් අවංකව කැප වූවෙකි. ඔහු සිය ජනතාවගේ මොළ සේදීමෙන් හෝ වසර තිහකට ආසන්න කාලයක් ඔවුන්ගේ එකම නායකයා විය. ඒ අනුව වැරදි දෙයකට වුවද එම සෙබළුන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවූහ. ශ්‍රී ලාංකේය රාජ්‍ය හමුදා සියලු රට වැසියාගේ හා දේශයේ පැවැත්ම වෙනුවෙන් දිවි දුන් අතර LTT E හමුදා තමන්ට ස්වයංපාලනයක් උදෙසා දිවි දුන්හ. එනිසා වත්මන් ඇතෑම් දමිළ සහෝදරයන් තවමත් වැරදි ආකල්පය මතම පිහිටා ඔවුහු වීරයන් සේ සළකනු ලබයි. මේ කරුණු අවබෝධ කර ගැනීමට ගතවූ කාලය මේ දෙපාර්ශ්වයට ම දුන් කාලය ප්‍රමණවත් ය.
කළ යුත්තේ කුමක්ද?
සැමරුම් දිනය පරාජිත දිනය සේ තවදුරටත් සිතයි නම් එම දිනය වෙනස් (එසේ වෙනස් කිරීමෙන් තමන් වෙනස් නොවු බව ඔවුන් පෙන්නුම් නොකරයිද?) කොට වෙනත් දිනයක දී මියගිය අය සමරා ඔවුන්ට පින් පෙත් අනුමෝදන් කිරීම වැදගත් ය. හිරකාරයින් සේම මියගිය සියලුම දෙනා ද මනුෂ්‍යයෝ ය. රණවිරු දිනයේ වැදගත්කම....... හමුදාවක් නිරතුරුවම තමන් පිළිබඳව අවබෝධයෙන් , සදාචාර යුක්ති ධර්මය හා චිත්ත ධෛර්යය (Moral &Morale) වෙනුවෙන් වැදගත් ය. එය බොහෝ දුරට සිය දේශය විදේශිකයන්ගෙ ග්රහණයෙන් මුදවා ගැනීමේ සටනකදී වඩාත් ගැඹුරෙන් නඩත්තු කළයුතු දෙයකි.
එසේ නොමැතිව එම සටන අපි අසවලා විනාශ කොට ගත් ජයක් ලෙස නොව සියලුම ජන කොටස් වෙනුවෙන් දිවි පුදා රට රැකගත් ලෙසින් පෙන්විය යුතුය . එය වරදට රිදවීම නොව එයට සමා කරමින් ස්නේහයෙන් සහෝදරත්වයේ දෑත දිගු කරමින් සංවර්ධිත දේශයක් ගොඩ නැඟීමේ ඇරඹුමක් කරගන්නට යොදා ගත හැකි අවස්ථාවක් විනා එය මග හැර අනවබෝධයට පියාපත් සවි කළයුතු මොහොතක් නොවේ.
අනවබෝධය නොව අවබෝධයෙන්ම ජනතාව හා රට දිනවමු!

චම්මින්ද වෙලගෙදර