වැඩිම මුදල සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට යි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිි මංගල අයවැය අද උදෑසන 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන සහ තෙවන කියවීම් අඟහරුවාදා සිදු කෙරේ.
දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වන දින සවස 6.00 ට පැවැත්වීමට නියමිත ය.
රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් අයවැයෙන් පසු ආරම්භ කෙරේ. ඒ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා පමණක් බව අපේ ආරංචි මාර්ග දක්වයි.
2025 විසර්ජන පනත් කෙටුම්පත මගින් රජයේ වියදම රුපියල් බිලියන 4,616 ක් සේ නියම කර ඇත. එයින් වැඩිම මුදලක් එනම් රුපියල් බිලියන 713 ක මුදලක් වෙන් කර ඇත්තේ සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට බව ආරංචි මාර්ග දක්වයි. එයින් රුපියල් බිලියන 484 ක මුදලක් පුනරාවර්තන වියදම් ය. ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 229 ක් වෙන් කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශ වෙන්කිරීම් රුපියල් බිලියන 442 ක ඉහළ මට්ටමක පවතින බව ද ආරංචි මාර්ග දක්වයි. ඉන් රුපියල් බිලියන 382 ක් පුනරාවර්තන වියදම් සඳහා ද, රුපියල් බිලියන 60 ක් ප්‍රාග්ධන වියදම් සඳහා ද වේ.